එන ජනාධිපතිවරණයට මං තරග කරන්නෙත් නෑ.. මහින්දට සහාය දෙන්නෙත් නෑ.. එජාපයෙන් තරුණ ජවයක් ආවොත් උදවු කරනවා..- ජනපති

June 5, 2019 at 2:10 pm | lanka C news
එන ජනාධිපතිවරණයට මං තරග කරන්නෙත් නෑ.. මහින්දට සහාය දෙන්නෙත් නෑ.. එජාපයෙන් තරුණ ජවයක් ආවොත් උදවු කරනවා..- ජනපති

මීලග ජනාධිපතිවරණයට තරග වැදීමට තමන් ඉදිරිපත් නොවන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් පවසා ඇති බව වාර්තා වෙයි.

ඊයේ දින පැවති කැබිනට් මණ්ඩල හමුවේදී ජනාධිපතිවරයා එක්සත් ජාතික පෙරමුණු ඇමතිවරුන් සමගින් මේ බව සදහන් කර තිබේ.

එම ජනාධිපතිවරණයට එජාපයේ තරුණ ජවයක් ඇතිව නිසි මගට එන්නේ නම් එයට සහාය දීමට තමන් සූදානම් බවද ඔහු පවසා ඇත.

ඉදිරි ජනාධිපතිවරණයේදී තමන් කිසිම හේතුවකට මහින්ද රාජපක්ෂ මහතාට හෝ ඔහු නියෝජනය කරන පක්ෂයට සහයෝගය නොදෙන බවත් ජනාධිපතිවරයා වැඩි දුරටත් අවධාරණය කර ඇත.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය අතර නව සන්ධානයක් සදහා සාකච්චා පැවැත්වෙමින් තිබියදී ජනාධිපතිවරයා විසින් මෙම ප‍්‍රකාශය කර තිබීම විශේෂත්වයක් දරයි.

නව සන්ධානයේ ජනාධිපති අපේක්‍ෂකත්වය වත්මන් ජනපතිටත් අගමැති ධුරය මහින්ද රාජපක්‍ෂ මහතාටත් දිය යුතු බවට ශ‍්‍රීලනිප මහ ලේකම්වරයා විසින් කරන ලද ප‍්‍රකාශයකට පොදුජන පෙරමුණෙන් එල්ල වූයේ දැඩි විරෝධයකි.

59 views

61 Comments to “එන ජනාධිපතිවරණයට මං තරග කරන්නෙත් නෑ.. මහින්දට සහාය දෙන්නෙත් නෑ.. එජාපයෙන් තරුණ ජවයක් ආවොත් උදවු කරනවා..- ජනපති”

  1. Kapil says:

    දැන් UNP කාරයෝ හිතයි සජිත් අවොත් මෙයාගේත් සහය අරගෙන ජනාධිපතිවරණෙ දිනන්න පුළුවන් කියල. ඒගොල්ල්ලෝ හෙටම පටන් ගන්නවා රනිල්ව එලවන්න. රනිල් ගිය ගමන්ම UNP එක කොටස්වලට කැඩෙනවා, සුළු ජාතීන්ගේ සහයත් නැතිව යනවා. ඊට පස්සේ මෙයම කියයි මම මහින්දගේ කණ්ඩායමට සහය දෙනවා කියල සමහරවිට ජනාධිපති අපේක්ෂක කමත් හම්බවෙන්න බැරි නැහැ කරපු උදව්වට…

  2. Pol Tikkaa says:

    100% නිවැරදි තීරන ගන්න මිනිසුන් නැහැ. පොලිටිකල් ගේම් පැත්තක තිබ්බොත් හැමෝගෙම වැරදි තිබෙනවා. M‍Y3 ගෙත් වැරදි තිබුනත් ගත් තීරන ගැන සිතීමේදී කාලානුරූපීව ගත් තීරන වැඩි ප්‍රමානයක් අනිකුත් නායකයින් හා සැසඳීමේදී නිවැරදි බව පෙනෙනවා. එහෙත් එය මතුපිටින් දිස් නොවන්නේ එයට ලකුනු දා ගැනීමට උත්සාහ නොකිරීමෙන්. අනිකුත් නායකයින්ගේ වැරදි රැසක් ජනතාව ඉදිරියේ පෙන්වා තිබෙන්නේ ඔහුගේ ගිනුමට බැර කරමින් වීම කනගාටුවට කරුනක්. තට්ටු මාරු ක්‍රමයට මේ රට එක එක පක්ෂයට හෝ නායකයින්ට ජනතාව බාර දෙන්නේ මේ මතුපිටින් පෙනෙන්නට තිබෙන හා පෙන්වන්න උත්සාහ කරන්නාවූ හා ජනතාව උසි ගැන්වීම් හා ඔවුන්ගේ සිහින පදනම් කරගෙන කරන්නා වූ රඟපෑම් හේතු කොටගෙනයි. ජනතාවට හරි තීරන ගැනීමට ඔවුන්ට ලැබෙන නිවැරදි තොරතුරු මදි බව පෙනෙනවා.

  3. Mithun says:

    Tharuna jawaya ape ranil sir gaawa emata inne ooninam kittukarala balanta.

  4. lakshman,n says:

    Maithreege dath tika haalwalin hadhala thiyenne…

  5. ajith,p says:

    Ape Maithree saha anik 125 manthreela okkoma 8weni panthiya vitharai igena gaththe…

  6. charles says:

    thanks very much for not giving support for MR.

  7. one shot says:

    ඔබතුමා ගත් තීරණයට අපේ ප්‍රණාමය​.වැරදිලාවත් ඔබ තුමා ඉල්ලුව නම් හතලිස් වසරක දේශපාළණ ජීවිතයට අබ සරණයි!!

  8. Mangala says:

    honda adaha idiripath wennath epa udaw dennath epa oya gawuna thana pirihenawa.

  9. Sun says:

    Administrators need mental ability to assess and forecast things according to the wish rather than than going without critical investigation. That is the leadership of a person to run the country. Otherwise, no point of hanging around and say Yes without any assessment. Almost the country is ruined and foreign elements are happy to be like that. All are misusing government money. I noticed some leaders in other countries using simple lifestyle to give role models to people.

Main News