එන ජනාධිපතිවරණයේ අපේක්‍ෂකත්වය දුන්නොත් මං ස්ථිරවම දිනනවා.. ලී ක්වාන් යූ, මහතීර් මොහොමඞ් වගේ නායකයෙක් වෙනවා..- ෆොන්සේකා

June 27, 2018 at 1:20 pm | lanka C news
එන ජනාධිපතිවරණයේ අපේක්‍ෂකත්වය දුන්නොත් මං ස්ථිරවම දිනනවා.. ලී ක්වාන් යූ, මහතීර් මොහොමඞ් වගේ නායකයෙක් වෙනවා..- ෆොන්සේකා

මීලගට පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී එජපය හා සෙසු පක්‍ෂවල අපේක්‍ෂකයා ලෙස තමන් ඉදිරිපත් කලහොත් ස්ථිර වශයෙන්ම ජය ගත හැකි බව ඇමති සරත් ෆොන්සේකා මහතා පවසයි.

තමන් සතුව ඉතා පැහැදිලි හා සර්ථක දැක්මක් ඇති බවද පවසන ඔහු ජනතාව විසින් රටේ නායකත්වය තමනට ලබා දෙන්නේ නම් රට සුඛිත මුදිත කරන බවද සදහන් කරයි.

තමන්ගේ ආදර්ශයන් වන්නේ ලී ක්වාන් යූ, මහතිර් මොහොමඞ් වැනි ලොව බිහිවූ අසහාය නායකයන් බවද ඔහු කියයි.

තිස් වසරක යුද්දය ජයග‍්‍රහණයෙන් කෙලවර කිරීම සදහා තමන් හමුදාපති ලෙස නායකත්වය දුන් ආකාරයත් රටේ ජනතාවට නායකත්වය දිය යුතු ආකාරයත් ගැන හොද අවබෝදයක් තමනට ඇතැයිද ඔහු තව දුරටත් කියා සිටී.

158 views
Main News