එන පොට හොද නෑ.. අලූත් ව්‍යවස්ථාවක් ගේන්න මේක වෙලාව නොවෙයි..

January 7, 2017 at 8:02 am | lanka C news
එන පොට හොද නෑ.. අලූත් ව්‍යවස්ථාවක් ගේන්න මේක වෙලාව නොවෙයි..

උතුරු පළාත් සභාව දකුණේ රා තහනම් කිරීම හා වර්තමාන දේශපාලන තත්වය පිළිබඳ කරුණු පැහැදිලි කිරීමේ මාධ්‍ය හමුවක් ජාතික හෙළ උරුමයේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විනි.

2017 වසරේ ජාතික හෙළ උරුමය විසින් පවත්වන ලද පළමු මාධ්‍ය හමුව වන මෙම අවස්ථාව ස‍ඳහා ජාතික හෙළ උරුමයේ සමසභාපති පූජ්‍ය හැඩිගල්ලේ විමලසාර හිමි, මධ්‍යම කාරක සභික බුදුගල ජිනවංස හිමි, ජාතික සංවිධායක බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා යන අය සහභාගීවූහ.

සමසභාපති පූජ්‍ය හැඩිගල්ලේ  විමලසාර හිමි,

දකුණේ රා උතුරු පළාතට ගෙනයාම තහනම් කරමින් උතුරු පළාත් සභාව විසින් යෝජනාවක් සම්මත කරගෙන ඇතිබවට පසුගිය දිනවල පුවත් වාර්තා ඵලවී තිබුනා. අනෙක් දේශපාලන පක්ෂවලට සාපේක්ෂව මත් ද්‍රව්‍ය, දුම්වැටි සම්බන්ධයෙන් ජාතික හෙළ උරුමය අනුගමනය කරන්නේ වෙනස් ප්‍රතිපත්තියක් බව පළමුව සිහිපත් කළයුතුයි. ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ අධිකාරී පනත සම්මත කිරීමට මුලිකත්වය ගනු ලැබුවේ අප පක්ෂයේ උත්තරීතර අනුශාසක පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමියන්. එහෙත් අද වනවිට උතුරු පළාත් සභාව විසින් සම්මතකර ඇතැයි කියන මේ යෝජනාව අපට කිසිවිටෙකත් අනුමත කරන්න නොහැකියි. මෙහිදී අප කථාකරන්නේ රා වලට පක්ෂව නෙවෙයි. අප කථාකරන්නේ මේ යෝජනා සම්මතයෙන් පැනනැගී ඇති බෙදුම්වාදී, ආර්ථික හා දේශපාලන කාරණා සම්බන්ධවයි.

ජාතික හෙළ උරුමය ආරම්භයේ සිටම පළාත් සභා ක්‍රමයට විරුද්ධයි. දැනට තියෙනවාට වඩා දශමයකින් වත් පළාත් සභාවලට බලය ලබානොදිය යුතු බව අපගේ ස්ථාවරයයි. උතුරු පළාත් සභාව විසින් දකුණේ රා වලට තහනම් පැනවීම, උතුරේ බෞද්ධ විහාරස්ථාන ඉදිකිරීමට විරුද්ධවීම වැනි සෑම ක්‍රියාකාර කමකින්ම ඔප්පු කර ඇත්තේ පළාත් සභා සම්බන්ධයෙන් සහ බලය බෙදීම සම්බන්ධයෙන් ජාතික හෙළ උරුමය දරණ ස්ථාවරය නිවැරදි බවයි. මෙවැනි තීරණ ගන්න උතුරු පළාත් සභාවට කිසිම බලයක් නැති බව මෙහිදී අවධාරණය කළයුතුයි. රටේ නීති හැදිය යුත්තේ පාර්ලිමේන්තුව විසිනුයි. මෙහෙම එක එක පළාත් සභාවන් අත්තනෝමතිකව කටයුතු කරන්න ගියොත් රටක් විදියට අපට ඉදිරියට යන්න බැහැ.

යුද්ධය අවසන් වුනාට පස්සේ  රටේ සංහි‍ඳියාව ඇතිකරන්න අප බොහෝ කැපවීමක් කළා. විග්නේෂ්වරන් සහ දෙමළ සන්ධානයත් උතුරු පළාත් සභාවත් මෙලෙස අන්තවාදී ලෙස කටයුතු කිරීමෙන් ඒ සංහිඳියාව වියැකී යනවා. ඒ නිසා ගරු ජනාධිපතිතුමත්,අගමැතිතුමත්, රජයත් කඩිනමින් ඒ පිළිබඳව අවධානය යොමුකර විග්නේෂ්වරන්ලාගේ අනීතික අන්තවාදී ක්‍රියා වැළක්වීමට කටයුතු කළයුතුයි.  රජය විසින් ඒ සඳහා ක්‍රියා නොකර මුනිවත රකිනවා නම් අධිකරණ ක්‍රියාදාමයක් තුළින් විග්නේෂ්වරන්ලා මට්ටු කරන්න හා ජාතික මතයෙන් දෙමළ ජාතික සන්ධානයේ බෙදුම්වාදය පරදවන්න ජාතික හෙළ උරුමය විසින් ඉදිරියේදී කටයුතු කරන බවත් මෙහිදී අවධාරණය කළයුතුයි.

බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා,

මෙතෙක් කාලයක් රට බෙදන්න කථාකරපු අය උතුරු පළාතේ යෝජනා සම්මත කරලා ආර්ථික බෙදුම්වාදයක් ඇති කරන්න හදන බව දකුණේ රා උතුරට තහනම් කිරීමට යෝජනා කිරීමෙන් ඔප්පු වෙනවා. රට සංවර්ධනයේ මහා පිම්මකට සූදානම් කරන මේ අවස්ථාවේ රට තුළ බාධාවකින් තොරව වෙළඳාමට නිදහස තිබිය යුතුයි. නමුත් මෙවැනි කටයුතු තුලින් ඒ නිදහස් වෙළඳාමට බාධා සිදුවනවා.

ගරු ජනාධිපතිතුමත්, අග්‍රාමාත්‍යතුමත් ප්‍රමුඛ රජය විසින් උතුරු පළාත මුල්කරගෙන විශේෂ සංවර්ධන හා ආයෝජන කලාපයක් බිහිකිරීමට මේ වනවිටත් සැලසුම් සූදානම් කරලා තියෙනවා. මෙහෙම ගියොත් උතුරට සංවර්ධනය එපා, ආයෝජන එපා කියලත් කියයි. ඒ නිසා උතුරු පළාත් සභාව විසින් සම්මත කළ මෙම යෝජනාව ආර්ථික බෙදුම්වාදයේ පළමු පියවර අවබෝධ කරගෙන එය පරාජය කිරීමට අවශ්‍ය පියවර ගන්න කියලා අපි රජයෙන් ඉල්ලා සිටිනවා.

ඒ වගේම දකුණේ රා තහනම් කරන්න කථාකරන උතුරු පළාත් සභාව, ඉන්දියාවේ සිට උතුරු වෙරළ තීරය හරහා ලංකාවට කේරළ ගංජා ගෙනඒම ගැන හෝ උතුරු මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුල්වන ඉන්දියානු ධීවරයින්ගෙන් ඒ ප්‍රදේශ වල අහිංසක මිනිසුන්ට සිදුවන කරදර හිරිහැර සම්බන්ධයෙන් හෝ උතුරු මුහුදේ මාළුටික කොල්ලකෑමට විරුද්ධව එකඳු යෝජනාවක් වත් සම්මත නොකරන්නේ ඇයි ? කියලත් මෙහිදී විග්නේෂ්වරන් ඇතුලු උතුරු පළාත් සභාවේ සාමාජිකයින්ගෙන්  ඇසිය යුතුයි.

මේ දිනවල දේශපාලන කරලියේ සාකච්ඡා කෙරෙන තවත් කථාවක් වන්නේ සීමානීර්ණ කමිටු වාර්තාව විෂය භාර අමාත්‍යවරයා විසින් ප්‍රතික්ෂේප කිරීම. ගමේ කථාවක් තියෙනවා අල බහිනකල් ඉන්න පුළුවන් වුනාට තැම්බෙන කල් ඉන්න බැහැ කියලා. මෙතන වෙලා තියෙන්නෙත් ඒකයි. නව ක්‍රමයට මැතිවරණයක් පැවැත්වීමට නිවැරදි ලෙස සීමා නීර්ණය කර තිබීම වැදගත් සාධයක් වනවා. සීමා නීර්ණය වැරදුනොත් එය මැතිවරණ ප්‍රතිඵලයටත් අයහපත් ලෙස බලපා හැකිවීම ඊට හේතුවයි. ඒ නිසා ඕනවට වඩා කලබල නොවී මෙම සිමා නීර්ණ ගැටලු විසඳා ගතයුතු බව අපගේ අදහසයි.

පස්දෙනකුගෙන් සමන්විත මේ කමිටුවේ සාමාජිකයින් 04 දෙනෙක්ම මේ වනවිට අදාල වාර්තාවට අත්සන් තබලා තියෙනවා. ලබන සඳුදා දේශපාලන පක්ෂ නියෝජිතයින් සමඟ අගමැතිතුමා කැඳවා ඇති හමුවේදී මේ පිළිබඳව වැදගත් තීරණ ගැනීමට නියමිතයි. මේ කමිටු වාර්තාව භාරගැනීම ප්‍රතික්ෂේප කිරීමේදී විෂයභාර අමාත්‍යවරයා හැසිරුනු ආකාරය අශෝභනයි. වාර්තාවේ යම් ප්‍රශ්නයක් තිබේනම් අභ්‍යන්තරිකව ඒ ප්‍රශ්න විසඳාගෙන එම තීරණය දැනුම් නොදී අමාත්‍යවරයා විසින් මාධ්‍ය ඉදිරියේ ආටක නාටක පෙන්වීම කිසිවිටෙකත් අනුමත කළ නොහැකියි.

මේ අතර ව්‍යවස්ථා සංශෝධනයට අදාල යෝජනාව ලබන (09) වෙනිදා පාර්ලිමේන්තුවට ගේන්න සූදානම් කර තිබෙන බව වාර්තා වෙනවා. ඒත් ඒ සඳහා දේශපාලනිකව මෙය අවස්ථාව නොවන බව අපේ ස්ථාවරයයි. මේ කරන්න හදන්නේ සංවර්ධන විශේෂ විධිවිධාන පනත සම්මත කරන්න ගිහින් කරගත්ත වරදම ආයේ කරන්න හදන එකයි. යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සුදුසු පරිසරයක් අද රටතුළ නැහැ. කළහැකි එකම දේ වන්නේ මැතිවරණ ක්‍රමයේ සංශෝධනය සඳහා හැමදෙනාගේ එකඟත්වය ඇතිව 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමයි.

දැන් සමහරු කියනවා නව මැතිවරණ ක්‍රමය සම්මත කරලා එන පළාත් පාලන ඡන්දය පරණ විදියට තියමුයි කියලා. ඒත් අපේ ස්ථාවරය වන්නේ එළඹෙන පළාත් පාලන මැතිවරණයත් නව මැතිවරණ ක්‍රමය යටතේම පැවැත්විය යුතු බවයි. ඒ වගේම යම් හෙයකින් ව්‍යවස්ථා සංශෝධනයක් කරනවා නම් රටේ ඒකීයභාවය, බුදු දහමට ප්‍රමුඛත්වය ලබාදීම වැනි වැදගත් කාරණා කිසිවිටෙකත් සංශෝධනය නොකළ යුතුබව අපගේ ස්ථාවරයයි. පළාත් සභාවලට බලතල වැඩි නොකළ යුතු අතර සමගාමී ලැයිස්තුව ඉවත් නොකළ යුතුයි. පළාත් මහ ඇමතිවරයාගේ බලතල වැඩිකිරීම හා ආණ්ඩුකාරවරයාගේ බලතල අඩුකිරීමටත් ජනාධිපතිධූරය නාමික කිරීමටත් දරණ උත්සහයට අප එකඟ නැහැ.

මාධ්‍ය ඒකකය
ජාතික හෙළ උරුමය

18 views

4 Comments to “එන පොට හොද නෑ.. අලූත් ව්‍යවස්ථාවක් ගේන්න මේක වෙලාව නොවෙයි..”

  1. ගමරාළ says:

    පරණ ක්‍රමේට මැතිවරණ තියන්න නං නව මැතිවරණ ක්‍රමයක් හැදුවේ මොකටද… ?

  2. raymond says:

    ඕක හෙල උරුමය නොවේ හෙල කරුමයයි

  3. anjanam devi says:

    Gande baa. Kata arinna epaa. Ratta kala hati lipaa dani. Helu karume?

  4. අනාථයා says:

    අනුන්ගෙ ගෑණුන්ට කෙල හලන්න එපා කියපං බං?

Main News