එන පොට හොද නෑ.. ඩෙල්ටා දරුවන් අතර වේගයෙන් පැතිරෙනවා.. රෝහල් නෑ..- රිජ්වේ රෝහලෙන් රටට කියයි..

August 6, 2021 at 3:22 am | lanka C news
එන පොට හොද නෑ.. ඩෙල්ටා දරුවන් අතර වේගයෙන් පැතිරෙනවා.. රෝහල් නෑ..- රිජ්වේ රෝහලෙන් රටට කියයි..

ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය ශ්‍රී ලංකාවේ දරුවන් අතර ශීඝ්‍රයෙන් පැතිරී යමින් තිබෙන බවත් පවතින තත්ත්වය අනුව ඉදිරියේදී දරුවන් ඇතුළත් කිරීමට රෝහලක් පවා සොයාගැනීමේ අපහසුවක් ඇතිවිය හැකි නිසා දරුවන් දැඩි ලෙස ආරක්ෂා කරගත යුතු බවත් රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රධානී, ළමා රෝග විශේෂඥ වෛද්‍ය නලීන් කිතුල්වත්ත මහතා අවධාරණය කරයි.

“කොවිඩ් සහ ළමයි සම්බන්ධයෙන් කතා කරන කොට ඉතාමත් කෙටියෙන්ම කියන්න තියෙන්නේ එනපොට හොඳ නෑ කියලයි. අපිට කියන්න තියන පණිවුඩය තමයි දරුවන් ආරක්ෂා කරගන්න. දරුවන් පරිස්සම් කරගන්න. මම මෙහෙම කියන්නේ ඇයි? මේකට හේතු ගණනාවක් තියනවා. රිජ්වේ ආර්යා ළමා රෝහල විතරක් නෙවෙයි, බොහෝ රෝහල්වල දරුවන්ට කොවිඩ් වැළඳුනහම ප්‍රතිකාර කරන වාට්ටු දැන් පිරි ඉතිරී යමින් තිබෙනවා. කෙටියෙන්ම කියනවා නම් දරුවෙකුට කොවිඩ් වැළඳුනොත් රෝහලක් හොයාගන්න අමාරු තත්ත්වයක් දැන් ඇතිවෙලා තියනවා.“

“දෙමව්පියන්ගෙන් සියයට අනූවක්ම මට කතා කරන්නේ කොවිඩ් සම්බන්ධයෙන්. මගේ දරුවට කොවිඩ් හැදිල තියනවා. මොකද කරන්නේ ? මම කොහේටද යන්නේ කියලයි ඔවුන් අහන්නේ. ඔබ කළ යුත්තේ ඔබේ ප්‍රදේශයේ සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂක සහ වෛද්‍යවරයෙකු හමුවෙලා ඒ ගැන සාකච්ඡා කර කුමක්ද කළ යුත්තේ කියන එක තීරණය කරන එකයි. “

ඔහු මෙම අදහස් පල කර ඇත්තේ අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමිනි.

59,814 views

14 Comments to “එන පොට හොද නෑ.. ඩෙල්ටා දරුවන් අතර වේගයෙන් පැතිරෙනවා.. රෝහල් නෑ..- රිජ්වේ රෝහලෙන් රටට කියයි..”

  1. කලු කපුටා says:

    එනපොට හොඳ නැහැ කියලා බේරෙන්න බැහැ. මේ රටේ ගුරුවරුන් කියාගන්නා කාලකණ්ණි හැතිකරයක් මුලු රටම විනාශ කරමින් ඉන්නවා. දැන් තමයි එලිපිටම පේන්නේ මේ පෙලපාලි පසුපසින් සජිත් නැමති ගොන් තකතීරු දේශපාලුවා සිටින බව. හෙන්චයියන් අත් අඩංගුවට පත් උනාම සජිත් කෙලගෙන ගිහින් බලධාරීන්ට තර්ජන කරපු හැටි නින්දිතයි. මුන් මිනී මරලා දේශපාලනය කරන්නේ. තාත්තා ඒ කාලෙ දාස් ගානක් මැරුවා

  2. desta says:

    api tamai hodatama eragatte me musala moda anduwak genath

  3. sira says:

    ජාතිය රකින්න ආපු එකා ජාතියම නැති කළා හරියට පාලනය නොකර, ඔක්කොම හොරුන්ට ඕන විදියට පාලනය කරන්න ඉඩ දීල රට ජාතිය ඔක්කොම නැති කළා. තව කියන්නත් එනවා අපි තමයි හොඳම කලේ කියල.

  4. desta says:

    rajapaksa lata minissu hityath ekai malath ekai unge wede harimne

  5. හිරිබත්ගොඩ අග්නානන්ද says:

    යකෝ ඉක්මනට අර “දෙපිටක පණත” පාර්ලිමේන්තුවේ සම්මත කරලා ඒ පින රටට අනුමෝදන් කරපල්ලා . එතකොට ඔය ලෙඩේ සුරුස් ගාලා අතුරුදහන් වෙනවා . ඒක මට කිව්වේ බල සම්පන්න අසුර දෙයියෙක් !!!
    😀😀😀

    • STF says:

      ඔයා බයිල කෙලින්න එපා මල්ලි.
      ඔය පනත කෙටුම්පත් කරන්න ගත්තෙ මාර්තු අග. එදා ඉදන් වුනේම ව්‍යසන.

      1.) රැලි 2කට මුහුණ දුන්නු රට තුන්වන රැල්ලට හේදිලාම ගියා.
      2.) අහක යන නැවු ඇවිත් ගිනි ගත්තා.
      3.) ගoවතුර ආවා.
      4.) මිනිස්සු පාරට බැස්සා

      ඉදිය්භූමි කම්පා, සුනාමි බලාපොරොත්තු වන්න.

    • gamage says:

      මහා සංගරත්නයට අපහස කරන මුන් පන පිටින් අපායේ යන්නේ. … යන්න ඉස්සරත් විදෝල තමයි යන්නේ .

      • සාසනය ආගම ගැන තකන්නේ නැතිව දේශපාලන වන්දිබට්ටයෝ වගේ ආගමික නායකයෝ හැසිරෙන කොට ආගම දහමින් මිනිසුන් ඈත් වෙනවා අපරාධ දුශන වැඩි වෙනවා. ගරුතර ස්වාමින් වහන්සේලා ස්ත්‍රි දුශන වලට අහුවෙනවා ආගමික නිතියක් නැහැ. ආශාවල් පස්සෙ දුවනවා ධර්මය පැවිදි කම අමතක වෙලා හොයලා බලන්න ලන්කාවේ වෙන දුශන අපරාධ වලට අහුවෙන අයගෙන් 80% බුද්දාගමිකයින් එ ඇයි ? ආගමික නායකයෝ වැරදි කරද්දි මිනිස්සුන්ට දේව බයක් බත්තියක් නැහැ එකයි මුලිකම දෙය.මේ ජාරා පක්ෂ දේශපාලනය තියෙන කල් මේ ආගමික නායකයෝ හැදෙන්නේ නැහැ.ආගමික නිති නැහැ..

  6. hitan says:

    Go to market ( so called Super) with the whole family.

    cheat the police especially at welipenne exit and go on trips

    take the scooty and roam on the road for no reason. break all the road rules

  7. බන්ඩා says:

    කාලි ඇවිත් ඩෙල්ටා නවත්තාවි. බ

    • Unlimited Fun says:

      එන පොට හොඳ නෑ.. Delta එකට වඩා වේගයෙන් ගුරුවරුන් කොළඹ බලා පැමිණෙමින් සිටී..එය දැක ආණ්‌ඩුවට බඩ යාම, ඔක්කාරය, උණ විකාරයෙන් දෙඩවීම යන රෝග ලක්ෂණ පහල වී ඇත.

  8. සකු says:

    මේ උද්ඝෝෂණ සාර්තකත්වයේ නියමුවා සිරස මහ රාජා ජීවත් වෙලා හිටිය නම් අද අනුර සහොදරය ට දහසින් බෙදි පියලි හම්බ වෙයි කියල හිතෙන්නෙ මට විතරයි ද

  9. ඇත්ත says:

    ඇත්තට ඇත්තෙන් මුහුණ දෙමු…!

    විදුලි පංකා නැති, පොල් අතු සෙවිලි කළ, ඩොලර් පිටට යන්නෙ නැති තාවකාලික රෝහල් 1000 ක් ගම් මට්ටමෙන් හදමු…
    රෝගීන්ට ඇදන් ගේන්න කියමු. ඔක්සිජන් රජයෙන් දෙමු….!

    • Hi says:

      එතකොට ගම්වැසියන් ද oxygen දෙන්නෙ ලෙඩ්ඩුන්ට?

Main News