එන පොට හොද නෑ.. සමුපකාර ඡන්ද කල් දමන්නැයි ප‍්‍රබලයෙක් දැනුම් දෙයි..

March 28, 2022 at 3:19 am | lanka C news
එන පොට හොද නෑ.. සමුපකාර ඡන්ද කල් දමන්නැයි ප‍්‍රබලයෙක් දැනුම් දෙයි..

රට පුරා විවිධ ප්‍රදේශයන්හි විටින් විට පැවැත්වෙන සමුපකාර නිලවරණයක් අත්හිටුවන ලෙස කටයුතු කරන්නැයි රජයේ ප්‍රබල අමාත්‍යවරයකු උත්සාහ දරමින් ඇතැයි වාර්තා වෙයි.

නිලවරණ පැවැත්වීමෙන් කොරෝනා සෞඛ්‍ය මාර්ගෝපදේශය උල්ලංඝනය වන්නේ යයි පවසන ලෙස සෞඛ්‍ය බලධාරින්ගෙන් ඉල්ලා ඇතත් ඒ සදහා යහපත් ප‍්‍රතිචාර ලැබී නැත.

ඉන් පසුව අදාළ අමාත්‍යවරයා සමස්ත ලංකා ජාතික සමුපකාර මණ්ඩලයල සිටින දභාපතිවරුනට දැනුම් දී ඇත්තේ අධිකරණයේ නඩු පවරා හෝ සමුපකාර චන්ද පැවැත්වීම වලක්වා ගන්නා ලෙසයි.

රටේ පවතින වසංගත තත්වය මෙන්ම ආර්ථික තත්ත්වය ද මතු කර දමමින් අධිකරණය හමුවට ගොස් මෙම මැතිවරණ වලක්වන ලෙසද ඔහු උපදෙස් දී ඇතැයි දැනගන්නට ඇත.

31,066 views

8 Comments to “එන පොට හොද නෑ.. සමුපකාර ඡන්ද කල් දමන්නැයි ප‍්‍රබලයෙක් දැනුම් දෙයි..”

  1. බයිසන් says:

    රටේම මිනිස්සු මේ විදියට පෝලිම්වල තියල බඩගින්නෙ තියපු රටක් අවුරුදු 1000 කින් වත් තිබිලා නැහැ. එක මිනිහෙක් වත් පොහොට්ටුවට ඡන්දෙ දෙන එකයි පුදුමෙකට තියෙන්නෙ. මහ ඡන්දයක් තිබ්බොත් මහින්ද රාජපක්ෂත් පරදිනවා.

  2. BOC-සිරිමල් උයනේ -රාජන්ගනේ-යාය 7-චාමර පිම්පියා says:

    මල්ලි වාසි අතටට හූඉය කියමු සල්ලි, පිනට අරක්කු පිනට සිගරට් හම්බවෙනවා නම් මෝඩ ඩොමිනික් මල්ලියෝ.
    කකුළුවෝ මරන්න්ද ඔය අද එනවාද මෝඩ ඩොමිනික් මල්ලියෝ.

  3. පුරවැසියා says:

    රටේ සංගීත සාජ්ජ පවත්වන්න , මහා ජන රැලි පවත්වන්න , උද්ගොශ්න පවත්වන්න අවසර තිබේනම්
    සමූපකාර චන්දයක් නවවන්න උසාවියට බලයක් තිබේද ?

  4. ඡන්ද තියලා මොකාද බලයට ගේන්නේ ? මේ රටට තවත් ඡන්ද ඕන නැහැ. රට පෙනෙන තෙක් මානයක නායකයෙක් නැහැ . ඔය බලයට එන්න හිතාගෙන ඉන්න හැම එකාම රට හදන්නනේ දඟලන්නේ.ඉතින් ඔය ඡන්දෙ ඉල්ලන්න හිතාගෙන ඉන්න ඔක්කොටම එකතු වෙලා රට හදන්න බැරි ඇයි ?

  5. ඡන්ද එපා, නිකම් සල්ලි විනාශයක් විතරයි. මෙතුවක් කාලයකට කිසිම පක්ෂයක එකෙක් වැඩක් ඇති වැඩක් කරලා නැ. ඡන්දෙකින් කරන්නේ පිස්සු නටන්න බලපත්‍රයක් දෙනවා වගේ වැඩක්.

  6. Jude perera says:

    Rata ginithiyapu eka pannala imu eeta passe rata handamu simple

  7. 0.00069 BIYYO says:

    රටේ සංගීත සාජ්ජ පවත්වන්න , මහා ජන රැලි පවත්වන්න , උද්ගොශ්න පවත්වන්න අවසර තිබේනම්
    සමූපකාර චන්දයක් නවවන්න උසාවියට බලයක් තිබේද ?

  8. අධිකරණ ඇමති..ආන්න වැඩ says:

    ජනතාව විශාල ලෙස පීඩාවට පත් වී ඇති නිසා විනිසුරුවරුන්ට, ඇමතිවරුන්ට වැඩි ආරක්ෂාවක්….හමුදාව පාරට කැදවීමක්….
    රට ලෝකයට ණය කරන
    පාලනය රැක ගැනීම සඳහා….

Main News