එන මහ මැතිවරණයෙන් එජාපය යලිත් පරාදයි..- සජිත්ට විපක්‍ෂ නායකකම දුන් හේතුව රනිල් කටින් පනී..

December 10, 2019 at 3:22 am | lanka C news
එන මහ මැතිවරණයෙන් එජාපය යලිත් පරාදයි..- සජිත්ට විපක්‍ෂ නායකකම දුන් හේතුව රනිල් කටින් පනී..

ජනාධිපතිවරු ප්‍රතිඵලය අනුව බැලුවොත් මීළඟ මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට ලබාගත හැක්කේ ආසන 106 ක් බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

ඒ අනුව කෙසේ හෝ ආසන 113ක් ලබාගෙන ආණ්ඩු බලය ලබා ගැනීම සඳහා කැපවී කටයුතු කළ යුතු බවද ඔහු සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂයේ තරුණ පෙරමුණ අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

නමුත් එක්සත් ජාතික පක්ෂය පසුගිය ජනාධිපතිවරණයේදී ලබාගත් ඡන්ද ප්‍රමාණය අතර දෙමළ ජාතික සන්ධානය, මුස්ලිම් පක්ෂ සහ කඳුකරයේ පක්ෂද නියෝජනය වෙයි.

මහ මැතිවරණයේදී එම පක්‍ෂ කිහිපයක් තනිව තරග වැදීමට දැනටමත් තීරණය කර ඇත.

කෙසේ නමුත් ජනාධිපතිවරණ ප්‍රතිඵලය අනුව ගණනය කලහොත් එක්සත් ජාතික පෙරමුණට ලබාගත හැකි උපරිම ආසන ප්‍රමාණය 98-99 පමණ වෙයි. ඒ දෙමල සන්ධානය හා දෙමල මුස්ලිම් පක්‍ෂද සමගය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ශ්වය එම ප්‍රතිඵලය අනුව ආසන 128 ප්‍රමාණයක් ලබාගත හැකිය.

ජවිපෙට ආසන තුනක් එම ප්‍රතිඵලය අනුව හිමිවිය හැක.

243 views

4 Comments to “එන මහ මැතිවරණයෙන් එජාපය යලිත් පරාදයි..- සජිත්ට විපක්‍ෂ නායකකම දුන් හේතුව රනිල් කටින් පනී..”

  1. merata eka says:

    Ranil dan bayyanta weerayek wela,Ranilge prakasha bayyange kanata mi pani wage. MCC ekath awulak nahalu…

  2. බන්ඩා says:

    අද ජනාධිපති ගොඨාභය ගේ ක්‍රියාදාමය ඉතාම ජනප්‍රියය්. කුහක අන්තවාදී 🐘🐅🐪🐂 නම් අකමැති වේවි. නමුත් නැවත ජනාධිපතිවරණයක් තිබ්බොත් ඡන්ද ලක්ෂ 75ක් වත් ලැබේවි. පාර්ලිමේන්තු මැතිවරණයෙදි ආසන 135ක් වත් ගනීවි. බැසිල් ගෙ උප්පරැට්ටියකින් 2/3 හදාගෙන 19 අහෝසි කරමු.

  3. නිළමේ says:

    එක පවුලක සාමාජිකයින්ට වාහනය බැගින් දෙනවා කිව්වත් ආයි මෙදා කපේටම UNPයට ඡන්දෙ දෙන්නෑ.

  4. සරා says:

    මෙවර මැතිවරනයේදි ‌ෙගෝඨාට ආසන 135 පන්නලා ලැබෙනවා.යුඑන්පි එකට 50-60ක් පමන ලැබෙිවි.ඒකනෙුත් 10ක් 15ක් රාජපක්ෂලාගේ දෑත් ශක්තිමත් කරන්න යනවා.තව අවුරුදු 10ක් පාලනය කරන්නේ ‌ෙගෝඨා.ඉදිරියේදි යුඑන්පි එක කැලි කැලිවලට කැඩෙනවා.නායකයාට පක්ෂය අවනත කරන්න බැරි ‌ෙවෙනවා.ඒවගේම සජිත්ට කවදාවත් පක්ෂයේ නායකත්වය ලැබෙන්නේ නැහැ.සමහරවිට සජිතුත් ‌ෙගෝඨා ලග නවතින්නත් බැරි නැහැ.යුඑන්පි එකේ කිසිම මන්ත්‍රි ‌ෙකෙනෙක් අවුරුදුු 10ක් විපක්ශයේ ඉන්න අකමැති ‌ෙවෙනවා.ඒක නිසා රාජපක්ශලා ලග නවතිනවා.

Main News