එන මාසයට ඉන්ධන ගේන්න ඩොලර් නෑ.. කැබිනට් මණ්ඩලයටද දැනුම් දෙයි..
December 18, 2021 at 10:40 am | lanka C news
එළැඹෙන මාසය සඳහා ඉන්ධන ගෙන්වීමට අවශ්‍ය ඇමරිකානු ඩොලර් මිලියන 420 ක මුදලක් සපයා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබේ.
මේ හේතුවෙන් ඛණිජ තෙල් නීතිගත සංස්ථාව දැඩි අර්බුදයකට මුහුණ පා සිටී.
මෙම මුදල මුදල ලබා දෙන ලෙස බලශක්ති අමාත්‍යවරයා අවසන්වරට පැවති කැබිනට් මණ්ඩලයේදී ඉල්ලීමක් කර ඇතත් මෙතෙක් ඊට විසඳුමක් ලැබී නැතැයිද වාර්තා වේ.
තෙල් සංස්ථාවට රුපියල් උපයාගත හැකි නමුත් ඩොලර් උපයාගත නොහැකි බව ද පවසා ඇති අමාත්‍යවරයා මෙම තත්ත්වය මත ඉන්ධන ගෙන්වීම බරපතළ අර්බුදයකට ලක්ව ඇතැයි ද පෙන්වා දී ඇත.
රුපියල් නම් අච්චු ගහන්න බැරියැ .
The reality is there is no body in the Government who can challenge Cabral.
ගම්මා මෙච්චර දවසක් ඇදගෙන ආවා. වෙන ඇමතියෙක් නම් කෙලවෙලා ගොඩක් කල්. හැබැයි දැන් එයාටත් අමාරුයි.
හොදම විසදුම ත්‍රිකුණාමලය තෙල් ටැංකි ඉන්දු ලංකා ව්‍යාපාර යක් විදිහට ඉදිරියට ගෙනයන එක. ඉන්දියාව එක්ක රණ්ඩූ වෙවී ඕක දිරන්න අරිනවාට වඩා හොදයි ඒක.
මේ වගේ කතා දැන් විහිලු බවට පත්වෙලා. මේ කියන විදිහට ජනවාරි වල ඉන්ධන නැහැ. එක පාරක් මොකෙද්දෝ වුර්තිය සමිති පිස්සෙක් මාධ්‍යට කිව්වා දවස් 11 කට විතරයි ඉන්ධන තියෙන්නේ කියලා. එහෙම කියලා දැන් මාස පහකට වැඩියි.
අර අනිල් කොස්වත්ත හිටපු සභාපති නේද ලීටර් කෑන් ගෙනල්ල පරිමාව අඩු කරල පීඩනය වැඩිකලේ, මර්කැප්ටන් අඩුකලේ. ඇයි එයා මේ සැරෙත් technical error හින්ද නිදොස් කොට නිදහස්ද?
තෙල් සංස්ථාව තෙල් ගේන මිලට අඩුවෙන් තෙල් විකුනන්නේ. ඔය සහනාධාර කෙරුවාව අවුරුදු ගණනක් කලා. සංස්ථාව දැන් බංකොලොත්. දැන්වත් විදෙස් ආයෝජකයින් සමග නව තෙල් ව්‍යාපාර අරබන්න.
ලොල්, ඔයත් රැවටෙන BAYYEKDA, නැතිනම් ප්රතිලාභ ලැබෙන භටයෙක් ද?. පොඩ්ඩක් කියනවද IOC ඒ ගනන ටම විකුණා ලාභ ලැබුවේ කොහොමද කියලා.
බලාපිය ඉන්දියාවේ පෙට්‍රල් ලිටරේ රුපියල් 300 යි.
Google කරල බලන්න ලෝකේ තෙල් මිල දැන් කියද කියලා. ලංකාවේ අයට අඩු වෙන් දීලා රට බංකොලොත් වෙන්න යන්නේ.
අයි ඕසී එක මෑතකදී පුවත්පත් නිවේදනය කින් කිව්වා තමන්ද ඉන්ධන වෙළදාමෙන් පාඩූ ලබන බව. නමුත් ඔවුන් ලාභ ලබන්නේ මේ ආශ්රිත වෙනත් වෙලදාම් වලින්. විශේෂයෙන් නැව් තෙල් වෙලදාම් ලීහිසිතෙල් වලින් ඔවුන් අධික ලාභයක් ලබන්නාවා. මේවා සියල්ල තෙල් සංස්ථාව සතු ව තිබු එජාපය ඇයි ඕන සියට දුන් ව්‍යාපාර.
ඒ වගේම සංස්ථාව සහන මිලට භූමිතෙල් දීම හා විදුලිබල මණ්ඩලය ට දැවිතෙල් දීමෙන් අධික පාඩූ ලබනවා. Ioc මේවා කරන් නෑ.
එතකොට IOC එක ඔය ගානටම විකුනලා ලාබ ලබන්නේ කොහමද බන්?
අනාගත්ත රජුයි ඇමති හොරුයි රට සවාරි යන්නේ උන් උපයපු ඩොලර් වලින්ද.
තෙල් නම් මොනාද, කරත්තයෙන් හරි යන්න බැරිය. කරුණා කරලා $$ වෙන් කරන්න මන්ත්‍රීලට අවුරුදු අවසන රට නිවාඩු ගතකරන්න යන්න.
මේ ප්රවුත්තියේ ඇතීත නැත්ත පෙබරවාරියේදී බලාගන්න පුලුවන්.