එන මාසයේදී රටම කොරෝනාට… තත්වය ඉතාම දරුණුයි..

February 16, 2021 at 3:50 pm | lanka C news
එන මාසයේදී රටම කොරෝනාට… තත්වය ඉතාම දරුණුයි..

‘දැන් මේ රටේ වේගයෙන් පැතිර යමින් පවතින කොවිඞ් 19 නව වෛරස් ප‍්‍රභේදය ගැන නිවැරදි තීරණයක් ගත්තේ නැතිනම් ඉදිරි මාසය තුළ රට සම්පූර්ණයෙන්ම අඩපණ වෙලා රටම කොවිඞ් 19ට නතු වෙන්න පුළුවන්’’ යැයි ශී‍්‍ර ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඉදිරිපත් කරන මේ කරුණ ගැන සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානය මදි බව ද හෙතෙම කීය.

මෙහිදී තවදුරටත් කතා කළ ඒ මහතා මෙසේ ද කීය.

මේ වෙද්දී බි‍්‍රතාන්‍යයේ ඉතා වේගයෙන් පැතිර යමින් තිබෙන කොවිඞ් 19 නව වෛරස් ප‍්‍රභේදය ලංකාවේ ප‍්‍රදේශ 4කින් වාර්තා වෙලා තිබෙනවා. ඒ නිසා මේ තත්ත්වය ගැන සෞඛ්‍ය බලධාරීන් අවබෝධ කරගන්න ඕනෑ. තාම ප‍්‍රමාද නැහැ. ඒ නිසා මේ මොහොතේ නිවැරදි තීරණයක් ගත්තේ නැත්නම් ඉදිරි මාසය තුළ අපි ඉතාමත් අවදානම් තත්ත්වයට තල්ලූ වෙලා සම්පූර්ණයෙන්ම රට අඩපණ වෙලා රටම කොවිඞ් 19ට නතු වෙන්න පුළුවන්. සෞඛ්‍ය බලධාරීන් මේ මොහොතේ බිම් මට්ටමේ තියෙන සැබෑ ස්වරූපය මත පදනම් වෙලා කඩිනම් තීරණයක් ගන්න.

සෞඛ්‍ය බලධාරීන් මේ මොහොතේ මේ ගැන සාකච්ඡුාවක නිරත වෙනවා. හොඳ බුද්ධිමත් තීන්දුවක් දුන්නා.

කොවිඞ් 19 පිළිබඳ සැබෑ තොරතුරු සෞඛ්‍ය බලධාරීන් හෙළි කළේ නැත්නම් ලබන මාසය වෙනකොට කොවිඞ් 19 වසංගතය දරුණු තත්ත්වයකට හැරෙන්න පුළුවන්.

– divaina

51,800 views

6 Comments to “එන මාසයේදී රටම කොරෝනාට… තත්වය ඉතාම දරුණුයි..”

  1. මරතේනිස් අයියා says:

    දෙවැනි රැල්ල ආරම්භයෙදිත් ඔබතුමාල මේ කතාවම කිව්වා.ඒත් ආණ්ඩුවෙ ඉන්න මහ එවුන් මේ ගැන සත පහකටවත් මායිම් කලේ නෑ අපි මේක පලනය කරල තියෙන්නෙ සමාජගතවීමක් නෑ කියල කටමැත දෙඩවූවා විතරයි අන්තිමට මහ විනාසයක් තමයි සිද්දවුනේ කොරෝනා රට හැමතැනම ගියා.මේ ආණ්ඩුවේ ඉන්න බීරි අලින්ට ඔය දේවල් කියල වැඩක්නෑ

    • 😅😅😅😅😅😅 says:

      මරතේනිස් අයියේ ඔබේ කියමන හරියටම හරි…!
      ආණ්ඩුවෙ ඉන්න මැටි මෝල්ලු කොරෝනා ගැන සත පහකටවත් මායිම් කලේ නෑ… ඒක පලනය කරල තියෙන්නෙ සමාජගතවීමක් නෑ කියල පුරාජේරු කලා…!
      පොලිස් මාධ්‍ය ප්‍රකාශකත් පොලිස් ඇඹුල රසටම හදල රටට කිව්වා මෙච්චර ඇල්ලුව අච්චර ඇල්ලුව කියලා…! ඒකේ රහටම අපේ කොල්ලො කෙල්ලො දැනගත්තා පොලීසිය කියන්නේ බෝඩ් ලෑල්ලක් කියලා… ඉතින් උන් හිනාවෙවී බය නැතිව පාරෙ ගියා..!
      දැන් ඒව වහගන්න රඟපානවා …!

  2. Susantha says:

    Meka wire maaruwunu aanduwak, sawkya theerana ganne hamudaawa, virology gana kathaa karanne kalaa upaadi gath aya, ennath wenuwata pani denawa

  3. Freedom says:

    Upul rohanai Ajith Rohanai dennama ekai. Dennatama pissu

  4. Nimal Weerasingha says:

    Yako, thopi hata ata lakshayak ekathu wela haduwe mati mole anduwakda? Bada gaththra Gon haththa?

  5. රෙක්ස් says:

    ඇයි ඕක හැමදාම කියන්නෙ? උඹලම හදපු ආන්ඩුවනෙ ගිහින් කියා ගනින් මහ එකාටම….

Main News