එන මාසයේ සියළු වර්ගවල ඉන්ධන අවසන්.. දැවැන්ත ආහාර හිගයක්..- හිටපු ඇමති උපුටමින් Sky news කියයි..
May 7, 2022 at 3:00 pm | lanka C news
ඉදිරි මාසය තුළ ශ්‍රී ලංකාව ආහාර සහ ඉන්ධන අවසන් වීමේ අවදානම පවතින බව හිටපු බලශක්ති අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය කෘෂිකර්මාන්තය, වෛද්‍ය සේවා සහ කාර්මික නිෂ්පාදනය බිඳවැටීමට ලක් විය හැකි ආකාරයේ අරාජිකත්වයක් ඇති වන සන්ධිස්ථානයකට ළඟා වෙමින් පවතින බව ස්කයි නිවුස් පුවත් සේවයට අදහස් පළකරමින් ඔහු පෙන්වා දී ඇත.
ආර්ථික අර්බුදයේ ප්‍රතිවිපාක දරුණු විය හැකි බව පවසා ඇති මන්ත්‍රීවරයා ‘මූලික වශයෙන් මේ වන විට ශ්‍රී ලංකාවේ විදේශ මුදල් සංචිත කිසිවක් නැත’ යයිද පවසා ඇත.
නුදුරු අනාගතයේදී ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක් පවතින අතරල පසුගිය මාස තුන තුළ ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 500 ක ඉන්ධන සැපයූ ඉන්දියාවේ ණය රේඛාව අවසන් වී ඇතැයිද හෙතෙම පෙන්වා දෙයි.
‘එය දැන් සම්පුර්ණයෙන්ම ප්‍රයෝජනයට ගනිමින් පවතිනවා ඒ නිසා අපිට හැම වර්ගයකම ඉන්ධන අවසන් වීමේ අවදානමක් තියෙනවා’
පසුගිය වසරේ රසායනික පොහොර ආනයනය තහනම් කිරීමට ගත් විනාශකාරී තීරණය නිසා ඇති වූ ආහාර හිඟය පිළිබඳව ද ඔහු අනතුරු ඇඟවයි. කාබනික නිෂ්පාදන මත පමණක් යැපීම නිසා බෝග අස්වැන්න සීඝ්රයෙන් පහත වැටුණු අතර පලතුරු සහ එළවළුවලින් තවදුරටත් ස්වයංපෝෂිත නොවී සහල් ඇතුළු ප්‍රධාන ආහාර ද්‍රව්‍ය සඳහා විශාල ලෙස මිල ඉහළ යාමට හේතු වූ බවත් ඔහු පෙන්වා දෙයි.
‘නුදුරු අනාගතයේදී ශ්‍රී ලංකාවට පරිභෝජනය සඳහා සහල්, බඩඉරිඟු, එළවළු, පලතුරු සහ ධාන්‍ය වර්ග ආනයනය කිරීමට සිදුවනු ඇත. නමුත් විදේශ මුදල් හිඟය නිසා අපට දැන් එය කිරීමට හැකියාවක් නැත. ඉදිරි මාසවලදී අනිවාර්යයෙන්ම ල ආහාර හිඟයක් ඇති වේවි’ යයිද හෙතෙම තව දුරටත් පවසා ඇත.
මේ සහතික ඇත්ත කතාව
ගම්මන්පිල මේ වෙන දේ අවුරුද්දකට කලින් ඉදන්ම කිව්වා. ඒකට විසදුම්ද කිව්වා. නමුත් ආණ්ඩුව කලේ මේ මණුස්සයව එලියට දාපු එක.
Gamanpila??????
ඔව් ගම්මන්පිල තමා
යංතං මොලෙයක් තිබ්බ හැමෝම මේක දැක්ක අනතුරු ඇඟෙව්ව.
කොලඹ ලොකු පවුල්වල එවුන්ට තමා මුලින්ම හෙන ගහන්නේ. උන්ට ඇපල්, මිදි නැතිව ඉන්න බෑ. වායු සමීකරන නැතිව නිදාගන්න බෑ. බාස්මතී නැතිව කන්න බෑ. තෙල් නැතිව ලොකු වාහනවල යන්න බෑ. හොද වැඩේ .
රාජපස්ස පවුල ගැනද කියන්නේ ඔව් උන්ට ප්‍රයිවට් ජෙට් නැතුව තිරුපති යන්නත් බෑනෙ
Sri lanka is better off without these kind of hypocrites. Still enjoying with others pain. Shame on you.
චීයා ….තුන්කාලකන්නියා, මිනිසුන්ට දුක පතන නුඹ තිරිසනෙක් වත් වෙන්න බෑ, ජාන වල වරදක්.
ඈ බොල ගස් බල්ලෝ තෝ පිස්සෙක්ද? එහෙමත් නැතිනම් තුනේ පන්තියට වත් ඉස්කෝලේ නොගිහිපු මන්දබුද්ධිකයෙක්ද? තෝ හිතාගෙන ඉන්නේ තෙල් නැති වුනාම පාඩු වෙන්නේ සල්ලි කාරයන්ට විතරයි කියලද? යකෝ රටේ අසරණ දුප්පත් මිනිස්සුන්ට යන්න තියෙන ලොරි චැසි බස්, ලදරම් කෝච්චි දුවන්නෙත් ඔය තෙල් වලින් තමයි. දුප්පත් මිනිහා යන ආණ්ඩුවේ ඉස්පිරිතාලේ ඇම්බියුලන්ස් දුවන්නෙත් ඔය තෙල් වලින් තමයි. ගෙදරට විදුලිය ගන්න වත් සල්ලි නැති දුප්පත් මිනිස්සුන්ගේ ගෙවල් වල පත්තු වෙන කුප්පි ලාම්පුව පත්තු වෙන්නෙත් ඔය තෙල් වලින්ම තමයි. ඉතින් බූරුවෝ තෙල් නැති වුනාම වැඩියම කෙල වෙන්නේ දුප්පත් මිනිහටම කියන එක වත් නොතේරෙන මී හරකෙක්ද උඹ?
යකෝ, සල්ලි කාරයන්ට ඔය මොනවා වුනත් අවුලක් නෑ. උන් බොහොමයකට පිටරටවල් වලත් දේපල තියෙනවා. ඉතින් උන්ට උන්ගේ සුපුරුදු සුඛෝපභෝගී ජීවිතය ගත කරන්න බැරි තත්ත්වයට ආපු ගමන්ම උන් රට පනිනවා ලේසියෙන්ම. ඒත් දුප්පත් මිනිහට එහෙම කරන්න බැහැ.
ගොම්මන්පිලයා තෙල් ටැංකි ටික ඉන්දියාවට විකූණලා ගාණ කපාගෙන පැන්න එකා.
ඔකට හෙතුව පාරවල් ගානෙ උද්ඝෝෂණ කර කර නටන එක.මෙ රට සාමකාමී කරපල්ලා.අපිට මෙ ප්රශ්නය තියෙන්නෙ ඩොලර් හිගකම කියලා තෙරුම් ගනිල්ලා.2019 බොම්බ ගහලා කඩාගෙන වැටුන සංචාරක කර්මාන්තය ,2020 කොවිඩ් නිසා නැති උන සංචාරක කර්මාන්තය නැගිටවල්ල ගන්න උත්සාහ කරපල්ලා.එකෙන් අපිට ඩොලර් බිලියන 5-6 ලැබුනා.system change කරමු චන්දෙ තියෙනකොට.මෙක ගිලෙන්න යන අවස්තාවක් හොරු අල්ල අල්ලා system change කරන්න පුලුවන් අවස්ථාවක් නෙමෙයි.ගගෙ ගහගෙන ගිලෙන්න යනකොට පිදුරු ගහෙ හරි එල්ලිලා බෙරෙන්න හදනවා මිසක් ගගෙ පාරු තියෙනවා ද කියලා හොය හොයා ඉන්නෙ නැහා.