එන මැතිවරණයට තරග කරන්නේ එජාපය හා පොහොට්ටුව පමණයි..

June 9, 2020 at 12:00 pm | lanka C news
එන මැතිවරණයට තරග කරන්නේ එජාපය හා පොහොට්ටුව පමණයි..

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ දී බලය ලබා ගැනීම සඳහා තරඟ කරනු ලබන්නේ පක්ෂ දෙකක් පමණක් බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

එම පක්ෂ දෙක වන්නේ එක්සත් ජාතික පක්ෂ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යැයිද ඔහු පැවසුවේ සිරිකොතේදී පැවති උත්සව සභාවක් අමතමිනි.

බලය ලබා ගැනීම සඳහා නම් ජනාධිපතිවරණයේ දී අනුගමනය කරන ලද ප්‍රතිපත්ති හැරිය යුතු බවත් පැවසූ පරාජිත ජනාධිපතිවරණයෙන් පාඩමක් ඉගෙන ගත යුතු බවද ඔහු පැවසීය.

සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරනයේදී ලක්ෂ 14 කට වඩා වැඩි ඡන්දයෙන් පරාජයට පත්වූ බවත් දෙමල ඡන්ද කොටස අයින් කල විට පරාජය තවත් දරුණු බවත් ඔහු කීය.

එක්සත් ජාතික පක්ෂ ඉතිහාසයේම මෙවන් පරාජයක් ලැබීමෙන් නැති බවත් ඔහු කියා සිටියේය.

396 views
Main News