එන සතියේ ඇදිරි නීතිය ඉවත් කර රාජකාරි යලි අරඹන්න ජනපති සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ කැදවයි..

April 16, 2020 at 1:20 pm | lanka C news
එන සතියේ ඇදිරි නීතිය ඉවත් කර රාජකාරි යලි අරඹන්න ජනපති සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ කැදවයි..

ශ‍්‍රී ලංකාව පුරා පනවා ඇති ඇදිරි නීතිය ලිහිල් කිරීම සහ ආයතනවල රාජකාරි ආරම්භ කිරීම සම්බන්ධයෙන් නිර්දේශ හා මාර්ගෝපදේශ ලබා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සෞඛ්‍ය බලධාරීන් වෙත දැනුම්දී තිබේ.

ඒ අනුව ඔවුන්ගේ විද්‍යානුකූල නිර්දේශයක් මත දැනට පනවා ඇති ඇදිරි නීතිය ලිහිල් කිරීමට නැවත රටතුල ආයතන සක‍්‍රිය කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමන් විසින් තීන්දුව ගනු ඇතැයි සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළාය.

රටේ ජන ජීවිතය පවත්වාගෙන යාම, ආර්ථිකය රැක ගැනීමට මෙන්ම කොරෝනා වසංගතයෙන් රට ආරක්ෂා කරගැනීම එකසේ වැදගත් බැවින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශය ඉතා සැලකිල්ලෙන් සලකමින් එම තීන්දුව එළඹෙන සතිය පමණ වන විට ගනු ඇතැයි ද ඇය පැවසුවාය.

212 views

11 Comments to “එන සතියේ ඇදිරි නීතිය ඉවත් කර රාජකාරි යලි අරඹන්න ජනපති සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ කැදවයි..”

  1. Anti Corona says:

    ජය වේවා…වැඩේ කොහොම හරි ආරක්ශා කාරීව ගොඩ දාමු…

  2. කෝ රෝනාල්ඩෝ says:

    👏👏👏👍
    ජනාධිපතිට තියන මොලෙන් 0.001 වත් වටේ ඉන්න එකෙකුට හරි තිබ්බනම්….

  3. Yes, can’t keep the country locked down and all essential goods and services production companies shut down forever and it may be time to take Corona Virus as a way of life with right restrictions to controls it and open up the country so that all people of Sri Lanka can have a good life again with all essential goods available to them and have a free life again. All the Best to Sri Lanka prople.

  4. වැඩ කරන අපේ විරුවා… ජය වේවා… අපේ ජනාධිපතිතුමනි….

  5. ආයතනයක සේවකයින් ෂිෆ්ට් [ සේවා මුර] 3 කට පමණ බෙදා ගෙන්වන්නේ නම් අවදානම අඩුය.
    එලෙසම බස් රථ ගමනාන්තද එක පෙදසක ඇති ආයතන [ Location Wise ] වෙනුවෙන් වෙන් කලහොත්
    මගින් මගට නවතා මගීන් ගැනීමෙන් වැළකිය හැකිය.
    Transport සපයා 3 වන ෂිෆ්ට් එක රත්ත්රී 12.00 වන තෙක් ගෙන ය හැකිය. රෝග අවදානම බොහෝ අඩුය.

  6. Country Lover says:

    Dear President. I too believe shif duty is the best. This can apply for all the government and the public service as well. Normally all the doctors and nurses and the subordinate staff at the health sector working as shift duty this can apply for all government and private sector. Automatically transportation and other services will be function in future.

  7. ජනිත says:

    සමුද්‍ර දේවී දුම්රියේ සෝසල් ඩිස්ටන්ස් තියාගන වැඩට එන්න අපි පුල පුලා බලා ඉන්නවා