එන සතියේ ඇදිරි නීතිය මුලුමනින්ම ඉවතට..

June 15, 2020 at 12:40 pm | lanka C news
එන සතියේ ඇදිරි නීතිය මුලුමනින්ම ඉවතට..

දැනට රාත්‍රී කාලයේදී පැය හතරක් ක්‍රියාත්මක වන ඇදිරිනීතිය ඉදිරි සතියේ දී සම්පූර්ණයෙන්ම ඉවත් කරනු ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

දැනට ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ රාත්‍රී 12.00 සිට අලුයම 4.00 දක්වා පැය හතරක කාලයක් පමණි.

කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා දැනට මාස තුනකට ආසන්න කාලයක් තිස්සේ කඩින් කඩ ඇඳිරි නීතිය පැනවීමට රජය කටයුතු කළේය.

ඇඳිරි නීතිය ලිහිල් කළ ද තවදුරටත් සෞඛ්‍ය මාර්ගඋපදේශ අනුව රජයේ හා පුද්ගලික කාර්යාල පවත්වාගෙන යා යුතු බව රජයෙන් නිවේදනය කරයි.

සෞඛ්‍ය බලධාරීන් විසින් නැවත දැනුම් දෙන දැනුම් දෙන තුරු සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු කළ යුතුය බවද රජය විසින් නිවේදනය කර ඇත.

1,383 views

One Comment to “එන සතියේ ඇදිරි නීතිය මුලුමනින්ම ඉවතට..”

  1. Asoka says:

    මැති අමෙතිවරුන්ගේ දු දරුවෝ කැසිනෝ ගහලා, දුරාචාරයේ නයිට් ක්ලබ් ගිහිල්ලා එහෙ මෙහෙ යන්න බැරි නිසා ඇඳිරි නීඑතිය සම්පූර්ණයෙන්ම අයින් කරනවා

Main News