එන සතියේ රටටම සැනසිල්ලක්.. කොරෝනා හොදටම අඩුවෙනවා.. ඉන්පසු පුරුදු විදිහට කටයුතු කල හැකියි..- වසංගත රෝග ගැන මෙරට ඉහලම වෛද්‍ය විද්‍යාඥයා පුරෝකථනය කරයි..

April 10, 2020 at 10:11 pm | lanka C news
එන සතියේ රටටම සැනසිල්ලක්.. කොරෝනා හොදටම අඩුවෙනවා.. ඉන්පසු පුරුදු විදිහට කටයුතු කල හැකියි..- වසංගත රෝග ගැන මෙරට ඉහලම වෛද්‍ය විද්‍යාඥයා පුරෝකථනය කරයි..

පවතින තත්වය යටතේ ඉදිරි සතිය තුළ මෙරටින් කොරෝනා ආසාදිතයන් වාර්තා වීම ඉතාමත් අවම තත්ත්වයකට වැටෙනු ඇති බව වසංගත රෝග විද්‍යා අංශය ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරයි.

දැනට අභියෝගය වී ඇත්තේ රෝගී ලක්ෂණ නොමැති රෝගීන් සිටින්නේ නම් ඔවුන් හඳුනාගැනීම යැයිද ඔහු සඳහන් කළේය.

ඔවුන් හඳුනා ගැනීම සඳහා ද මේ වනවිට වැඩපිළිවෙළක් දියත් කර ඇති බවද ඔහු පැවසීය.

ඒ අනුව රෝගය පැතීරීමේ තත්ත්වය අවම වුවහොත් නැවතත් පුරුදු ක්‍රියාකාරකම්වලට ක‍්‍රම ක‍්‍රමයෙන් යොමු විය හැකි බවද ඒ මහතා කියා සිටියේය.

එසේ වුවද තවත් සැළකියුතු කාලයක් යන තුරු ලෝකෙන්ම වසංගතය පාලනය කරන තුරු හෝ ඊට එන්නතක් සොයා ගන්නා තුරු යහපත් පුරුදු පවත්වා ගත යුතුව ඇතැයි ද ඔහු පැවසුවේය.

සුදත් සමරවීර මහතා මෙරට වසංගත රෝගය විද්‍යාව සම්බන්ධයෙන් දැනට සිටින ඉහළම විශේෂඥ වෛද්‍යවරයා මෙන්ම විද්‍යාඥයාද වෙයි.

මෙරට කොවිඩ් නයින්ටීන් තත්ත්වය පිළිබඳ කොළ එළියක්

මෙරට කොවිඩ් නයින්ටීන් තත්ත්වය පිළිබඳ කොළ එළියක්

Gepostet von Live at 8 am Freitag, 10. April 2020

259 views

40 Comments to “එන සතියේ රටටම සැනසිල්ලක්.. කොරෝනා හොදටම අඩුවෙනවා.. ඉන්පසු පුරුදු විදිහට කටයුතු කල හැකියි..- වසංගත රෝග ගැන මෙරට ඉහලම වෛද්‍ය විද්‍යාඥයා පුරෝකථනය කරයි..”

  1. Sambo says:

    I wont be surprised if the SLPP loose this election for the way they treated some districts during the Corona virus and distribution of food items to the poor on selection basis. Forget the 2/3 its only a dream.

  2. Rasika says:

    චන්දෙ නමැති බෙහෙත නිසා රෝගීන් ගණන අඩු වෙනවාද ? ඔබ වසංගත විශේශඥයෙක් නම් දන්නවා ඇති ආරක්‍ෂිත තත්ව කලින් අයින් කලොත් 2nd peak එකක් එන්න පුළුවන් බව

  3. Bitter Truth says:

    We need to improve tests and sampling before relaxing the grip on the situation.

    No matter what the law, people will have to practices the hygiene practices, social distancing and continue to behave responsibly by declaring oneself if you feel ill or you suspect your own health situation or exposure to the virus.

    There is no vaccine or cure for this virus. Which means prevention is the best option for us until we get the cure or vaccine.

  4. damien says:

    බයියොන්ටයි,ටොයියොන්ටයි,ජෙප්පොන්ටයි වහල්කම් කරන්න නැතුව ලංකාවෙ මිනිස්සුන්ට ඉන්න බැහැ වගෙ. ජීවිතේටවත් අධ්‍යාපනයක්වත් ලබලා නැති නූගත් හැත්ත.තොපිල මැරෙනකන්ම වහල්ලු.

Main News