එන සතියේ සිට සියළු පුද්ගලික ආයතන වැඩ..

May 7, 2020 at 6:48 pm | lanka C news
එන සතියේ සිට සියළු පුද්ගලික ආයතන වැඩ..

ලබන සතියේ සිට රට තුළ ඇති සෑම පෞද්ගලික ආයතනයක්ම සෞඛ්‍ය උපදෙස් වලට මුල් තැන දෙමින් විවෘත කොට පවත්වාගෙන යාමට, කොරෝනා හෙවත් කොවිඩ් – 19 වෛරසයෙන් මෙරට වැඩබිම් ආරක්ෂා කර ගැනීම සඳහා නිපුණතා සංවර්ධන, රැකීරක්ෂා කටයුතු සහ කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පත්  කෙරුණු විශේෂ ත්‍රෛපාර්ශවීය කාර්ය සාධක කමිටුව එකඟතාව පළ කළේය. එම කාර්ය සාධක කමිටුවේ නියෝජිතයන් වන ලංකා සේව්‍ය සම්මේලනයේ නියෝජිතයන් හා වෘත්තීය සමිති නියෝජිතයන් නිපුණතා සංවර්ධන, රැකීරක්ෂා කටයුතු සහ කම්කරු සබඳතා අමාත්‍යාංශයේදී රැස්වී මෙම එකඟතාවට එළැඹිණි.

නිපුණතා සංවර්ධන, රැකී රක්ෂා සහ කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කම්කරු අමාත්‍යාංශයේදී පැවැති මෙම ත්‍රෛපාර්ශවීය කමිටු රැස්වීමේදී පෞද්ගලික අංශයේ ආයතන වලට සහ ඒවායෙහි වැඩ කරන සේවක සේවිකාවන්ට බලපාන විශේෂ තීරණ රැසකට එළැඹිමට හැකි විය.

සියලු සේවකයන්ගේ රැකියා සුරක්ෂිතතාව රජයේ ප්‍රතිපත්තිය බව මෙහිදී අමාත්‍යවරයා පෙන්වා දුන් අතර, ඒ අනුව, කොරෝනා හෙවත් කොවිඩ් -19 වසංගතය හේතුවෙන් කිසිදු සේවකයකු රැකියාවෙන් ඉවත් නොකිරීමට තීරණය විය. සමාජ දුරස්ථ භාවය ආරක්ෂා කර ගනිමින් ආයතනික රාජකාරි කිරීමටත්, එහිදී අවශ්‍යතාව අනුව සේවා මුර ක්‍රමය භාවිත කිරීමටත් තීරණය කෙරිණි.

සේවයේ යෙදෙන කාලය සඳහා සේවා ගිවිසුම් අනුව ගෙවිය යුතු නියමිත දීමනා සමග වැටුප් ගෙවීමටත්, සේවයේ යොදවන තෙක් (නිවසේ රැඳී සිටින කාලය සඳහා) මූලික වැටුපෙන් 50% ක් හෝ රුපියල් 14500/= ක් යන දෙකින් වැඩි ප්‍රමාණය ගෙවීමටත් තීරණය කෙරිණි.

එසේම, EPF සහ  ETF නිසි පරිදි තැන්පත් කිරීමට ද තීරණය කළේය.

මෙම එකඟතාවන් කොවිඩ් – 19 කාල වකවානුවට අදාලව 2020 මැයි සහ ජූනි මාසවලට සීමාවවන අතර ජූනි මස අවසානයේදී නැවත එම කමිටුව රැස්වී සමාලෝචනය කිරීමට ද නියමිතය.

රැස්වීම සඳහා අමාත්‍යාංශ ලේකම් ඩී.එම්. සරත් අභයගුණවර්ධන සහ කම්කරු කොමසාරිස් ජනරාල් ඒ.විමලවීර යන මහත්වරු ද එක්ව සිටියහ.

– සරත් කලුගමගේ

294 views

8 Comments to “එන සතියේ සිට සියළු පුද්ගලික ආයතන වැඩ..”

  1. රංජිත් says:

    මෙයට කවුරුත් කමෙන්ට් කරන්න තරම් හිතක් නෑ.පර හැත්ත කුහක බයියලා

    • DOOM DOOM DUM says:

      Monawa unath June 20 wenakal pana beera gena parissamin hitapalla…..

  2. Sira says:

    සමහරක් කොම්පැණි පාඩු නැතත් සේවකයන්ගේ පඩි කපල 20%,30%…මේවා ගැන බලන්න කවුරුත් නැද්ද?

  3. Alapaluwa says:

    වැඩේ අනලා, ලෙඩේ සමාජය තුල පැතිරයන්න පටන් අරගෙන. දැන් ආයතන ඇරල වැඩ පටන්ගත්තම ලෙඩේ පැතිරීම අහිංසක සේවකයින්ගෙ පිටින් යවන්න පුලුවන් . හමුදාවට කලා වගේ.

  4. prashantha says:

    The government is not allowing the private sector to operate. How can a company pay the staff if the company is closed due to government orders.
    What a lot of profits the government get from EPF and FTF funds by investing this huge amount in local and international share markets? This profits should be used to pay staff salary by the government.
    The government cannot order the the private sector to pay by taking decisions based on few highly profiting company representatives. Without an income private sector is not responsible to pay the staff when they are not working.

  5. අලපළුවා says:

    අපේ ස’ කියන විදියට තමයි අපි කරන්නේ. මෙතන එක එක්කෙනා එනවා අපිට උපදෙස් දෙන්න. විපක්ෂයට මෙතන බලය නැහැ. රට කරන්නේ පොහොට්ටුවෙන්. අපිට 5/6 හම්බු උනාම ඉතුරු වෙලා ඉන්න විපක්ෂේ අපතයෝ ඔක්කොම අල්ලලා ඇතුලට දානව. එතකන් මෙතන බුර බුර හිටපල්ලා. අපිට මෙතන වෙලා නැහැ වාද කරන්න. පස්ස පැත්ත හරියට පාවිචිචි කරලා වැඩේ නොකරොත් අපේ ලොක්කා අපිට කන්න දෙන්නේ නැහැ. අම්මෝ..උහ්හ්

    • හැලීගේ ධූම කේතුව says:

      තිතටම කිව්වා නේද.. මාත් උදෙන්ම සර් හඹුවෙලා වැඩේ කරගෙන එන ගමන්. අපේ බයි මල්ලිලා තව කඩේ යන්න ඕන..මදි .මදි..

  6. උක්කුං මල්ලී says:

    පුද්ගලික අංශෙ සේවකයන් ගැන කිසිම ආන්ඩුවක් හොයා බැලුවේ නැහැ. මේ ආන්ඩුවත් එහමයි.