එන සතියේ සියළුම පාසැල් වසා දමයි.. නැවත අරඹන්නේ මෙහෙමයි..
July 29, 2020 at 2:10 pm | lanka C news
එළඹෙන සතිය තුළ රට පුරා සියලුම පාසල් වසා දැමීමට රජය තීරණය කර තිබේ.
එම සතියේ මැතිවරණය පැවැත්වීම හේතුවෙන් මෙම තීරණය ගත් බව අධ්‍යාපන ඇමති ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
ඒ අනුව අගෝස්තු 4 5 6 7 යන දින වල පාසල් වසා තැබෙයි.
අගෝස්තු 03 දින පුර පසළොස්වක පොහොය දිනය නිසා එදිනට නිවාඩුවක් යෙදී තිබේ.
අගෝස්තු 10 වන දින සිට 01 සිට 10 වන ශ්‍රේණිය දක්වා සිසුන් සඳහා අදියර කිහිපයක් යටතේ පාසල් විවෘත කරන බව ද ඇමතිවරයා සඳහන් කළේය.
පාසැල් විවෘත කරන ආකාරය මෙසේය.
පාසල් විවෘත වීම
200ට අඩු ප්‍රාථමික පාසල් වල 1-5 පංති සියල්ල අගෝස්තු 10 සිට විවෘත වේ.
200ට වැඩි පාසල් වල
1-5 සඳුදා
2-5 අඟහරුවාදා
3-5 බදාදා
4-5 බ්‍රහස්පතින්දා
4-5 සිකුරාදා
ඉහළ පංති
6, 10,11,12,13 – සඳුදා
7,10,11,12,13 – අඟහරුවාදා
8,10,11,12,13 – බදාදා
9,10,11,12,13 – බ්‍රහස්පතින්දා /සිකුරාදා
6,7,8,9, පංති 7.30 සිට 1.30 දක්වා පැවැත්වේ.
ලොකු පන්ති වල ලමයි කෑම බෙදාගෙන එක පොදියට කනවා!