එන සතියේ හිරු ‘බලය’ අවිලෙයි.. විමල්-උදයට එරෙහිව අනුර-බිමල් විවාදය…

June 2, 2018 at 10:40 am | lanka C news
එන සතියේ හිරු ‘බලය’ අවිලෙයි.. විමල්-උදයට එරෙහිව අනුර-බිමල් විවාදය…

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 20 වන ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් හිරු රූපවාහිනියේ ‘බලය’ විශේෂ විවාදයක් මේ මස 14 වැනිදා පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.

මෙම විවාදය සදහා පනත ඉදිරිපත් කල පාර්ශවයෙන් ජවිපෙ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර දිසානායක හා බිමල් රත්නායකත් ප‍්‍රති පාර්ශවය ලෙස පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ හා උදය ගම්මන්පිලත් සහභාගී වෙයි.

අදාල යෝජනාව සම්බන්ධයෙන් ප‍්‍රසිද්ධ විවාදයකට එන්නැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා විසින් කරන ලද ආරාධනාව ජවිපෙ නායකයා විසින් පිලිගැනීම මත හිරු නාලිකාව විසින් විවාදය සූදානම් කර ඇත.

විමල් වීරවංශ හා අනුර දිසානායක ප‍්‍රතිපාර්ශවයන් නියෝජනය කරමින් සහභාගී වන මුල්ම අවස්ථාව මෙය වෙයි.

2015 ජනවාරි 08 ජනාධිපතිවරණ පරාජයෙන් පසුව පැවති මුල්ම බලය වැඩසටහනටද සහභාගී වීමෙන් පසු වීරවංශ හා ගම්මන්පිල මහත්වරුන් එක්ව සහභාගී වන අවස්ාථාව මෙයයි.

202 views

20 Comments to “එන සතියේ හිරු ‘බලය’ අවිලෙයි.. විමල්-උදයට එරෙහිව අනුර-බිමල් විවාදය…”

  1. ෴හෙළයා෴ says:

    අනුර කුමාර ඒවිද නැද්ද කියා කියන්නට අප දන්නේ නැත​.වැඩිම සම්භාවිතාව ඇත්තේ ඔහු නොපැමිනෙනු ඇති බවය​.ඒ ඔහුගේ භාවිතයය​.ජවිපෙ ඔහුගේ අණසකට නතු වීමෙන් රතු තොප්පිය පමණක් නොව එහි විලි වසා උන් ඇඳුම්ද අතුරුදන් විය​.හැට දහසක් තරුණ ජීවිතවල සොහොන් බිම වූ බටලන්දේ නිරුවතින් සැරි සරන්නට තරම් විලි ලැජ්ජාවක් නැති වූවෙකු සිය ඇස් ,ඉස් ,මස් ,ලේ පුදා ගොඩ නැගූ පක්‍ෂයක නායකත්වය අනාගතයේදී බාර ගෙන එය මුදලට විකුණා දමා වි යැයි එදා දිවි පිදූවන් කිසිදා නොසිතන්නට ඇත​.දහතුන්වන ව්‍යවස්ථාව ගෙන එන එන මොහොතේ දීප ව්‍යාප්තව කළු කොඩි ඔසවන්නට ක්‍රියා කල පක්‍ෂයක නූතන නායකයින් දහතුන බලයේ තිබියදීම විධායකය අහෝසි කරන්නට යෝජනා කිරීම පිටුුපස ඉන්දීය රුපියල් සහ අමෙරිකානු ඩොලර් යහමින් සැරි සරන බව ගමේ කැට හොල්ලා පක්‍ෂයට කාසි එකතු කරනා අහිංසක මිනිසුන් අවබෝධ කර ගත යුතුය​.විජේවීර සහෝදරයා නිර්මාණය කල පක්‍ෂයේ ජාතික වාදී කණ්ඩායම අද නැත​.(ජාතික වාදී යනු ජාතිවාදී නොවේ.වැරදි අර්ථකථන සපයන අයගෙන් ප්‍රවේශම් වන්න​.)වාමවාදී කණ්ඩායම අද නැත​.(වාමවාදී නායකයා නොහඳුනන බව වත්මන් නායක අනුර කුමාර පැවසූ බව ප්‍රසිද්ධ රහසකි.)ඉතිරිව ඇති කණ්ඩායම දක්‍ෂිණාවෘතව කැරකී වම පෙන්නා දකුණට ගමන් කිරීම අද සිදුවෙමින් පවතී.අද ඔවුන් ඉටු කරන්නේ කාගේ වුවමනාවන්ද යන වග කාටත් පැහැදිලිය​.මහ බැංකු මංකොල්ලය කෝප් කමිටුවේදී සාකච්චාවට භාජනය වන්නේ එහි මහ මොළකරු සැඟවුන අමුත්තෙක් කරමිනි.එහි සභාපති ජවිපෙ හඳුන්නෙත්තිය​.අද ඔවුන් අමු අමුවේ යහ පාලනය පට්ටා ගසමින් මාධ්‍ය සංදර්ශණ පවත්වති.යහපාලන දින සීයේ විධායක සභාවේ අනුර කුමාර සාමාජිකයෙකි.අද ඔහුට එය අමතකය​.චන්ඳ්‍රිකා රජයේ වැව් දහස සැදුවේ අනුර කුමාරය​.මහින්ද බලයට ගේන්නට උදව් කලා කියන්නේ ඔවුන්මය.සරත් ෆොන්සේකා විධායක ජනපති කරන්නට වලි කෑවේ ඔවුන් මිස අන් කවරෙකුත් නොවේය​.අද සරත් ෆොන්සේකාට සිදුව ඇති හානියට ඔවුන් සෘජුව වග කිව යුතුය​.ඊළඟට ඔවුනට විධායකය බාර දෙන්නට විකල්පයක් නැත​.එසේ නම් කල යුත්තේ විධායකය අහෝසි කිරීමය​.එසේ කියා සිය හාම්පුතුනට විධායකය පැලැන්දවීම ඔවුනගේ අරමුණය​.අද පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය ඇත්තේ අර්ජුන් ඇලෝසියස්ට බව නොරහසකි.225න් 118ක් ඔහුගේය​.විධායකය අහෝසි කර අනාගත ඇලෝසියස්ලාට පාර්ලිමේන්තුව බාරදී උතුරු නැගෙනහිර බෙදුම්වාදීන්ට දීම මේ සංශෝධනයේ අරමුණ බව පැහැදිලිය​.

  2. RW says:

    පාර්ලිමේන්තුවෙන් ජනාධිපති තෝරන යෝජනාවක් සමග එලෙස පත් කරන්නේ රහසිගත ඡන්දයකින් විය යුතු බවට යෝජනාවක් ඇතුළු කළේ ඇයිදැයි ජනතා විමුක්ති පෙරමුණ රටට හෙළිදරව් කළ යුතුයි

Main News