සදා විශ්වාසයි.. රුසියාවේ මහා ඒකාධිපතියා පුටින් සිවුවන වතාවටත් ජනපති ධුරයට පත්වේ.. ප‍්‍රතිශතය 76%යි..

March 19, 2018 at 6:45 am | lanka C news
සදා විශ්වාසයි.. රුසියාවේ මහා ඒකාධිපතියා පුටින් සිවුවන වතාවටත් ජනපති ධුරයට පත්වේ.. ප‍්‍රතිශතය 76%යි..

ඊයේ දිනයේ පවත්වන ලද රුසියානු ජනාධිපතිවරණයෙන් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් නැවත වතාවක් රුසියාවේ ජනාධිපතිවරයා විසින් අති බහුතර රුසියානුවන්ගේ කැමැත්තෙන් තෝරා පත් කරගෙන තිබේ.

පුටින් විසින් ලබා ගෙන ඇති ඡුන්ද ප‍්‍රතිශතය 76.63%ක් බව රුසියානු මාධ්‍ය වාර්තා කරයි.

2012 පැවති ජනාධිපති මැතිරවණයේදී ලද ප‍්‍රතිශතයටත්(64%) වඩා වැඩි ඡන්ද ප‍්‍රතිශතයක් පුටින් විසින් මෙවර වාර්තා කර ඇති අතර ජනාධිපති ධුරයට පුටින් පත් වන්නේ සිවුවැනි වතාවටයි.

ඔහු සමග තරග අනෙක් අපේක්‍ෂකයා ලබා ගෙන ඇත්තේ 11.84%ක් පමණි.

ව්ලැදිමීර් පුටින් ලෝකය හමුවේ රුසියානු අභිමානය ගොඩනගා ජාතිය දෙපයින් සිටවූයේ යයි වූ බලවත් විශ්වාසයක් එරට ජනතාව තුල වෙයි.

බටහිර මාධය විසින් පැල කරන ලද පුවත් වාර්තා කිසිදු තැකීමකට නොගෙන රුසියානු ජනතාව විසින් පුටින් අති මහත් බහුතරයෙන් මෙසේ සිවුවන වතාවටත් ජනාදිපති පුටුවේ හිදුවා තිබේ.

(ප‍්‍රතිඵල තව දුරටත් නිකුත් වෙමින් තිබේ)

  • දෙවතාවට වඩා ජනාදිපති ධුරයට පත් වන්නේ මහා එකාධිපතියන් යයි ශ‍්‍රී ලංකාවේ ජනතාව විශ්වාස කරයි. ඒ අර්ථයෙන්ම චීන ජනාධිපතිවරයා හා ජර්මානු චාන්සලර්වරියද මහා ඒකාධිපතියන් වෙයි.

89 views

39 Comments to “සදා විශ්වාසයි.. රුසියාවේ මහා ඒකාධිපතියා පුටින් සිවුවන වතාවටත් ජනපති ධුරයට පත්වේ.. ප‍්‍රතිශතය 76%යි..”

  1. sinha le says:

    අද අපේ රටේ අපේ උරුමයන් අපි රැකගැනීමට පසුබාන ස්‌වභාවයක්‌ ඇතිවෙලා තිබෙනවා. රටක මුල් හිමිකරුවන්ගෙන් පැවත එන්නන්ට තම මුතුන්මිත්තන් සතුව තිබූ වස්‌තුවල අයිතියත් අගයත් රැකගැනීමට නොහැකි වුවහොත් ඒවායේ මුල් හිමියන් පිටගම්කාරයන් බවට පත් කොට ඔවුන්ගෙන් පැවත එන්නන් පොළෝ මතුපිටින් තුරන් වීමට ද ඉඩ තිබෙනවා. අප රැකගත යුතු අපේ මුතුන් මිත්තන්ගෙන් අපට උරුම වූ බොහෝ දේ තිබෙනවා. සිංහල බෞද්ධකම ඉන් ප්‍රධාන යි.

    • මාරයා says:

      වස්තුව ගෙවල් දොරවල් මුතුන් මිත්තන්ගේ උරුමය ..බෞද්ධ දර්ශනය අනුව අවිදයාව ..ඕවා අල්ලලා දාල හොඳ බෞද්ධයෙක් වෙලා සසරෙන් එගොඩ වෙයන් ..

      • sinha le says:

        මේකා අපේ රට ගිලගන්න ඉන්න සුලුජාතික යෙක්

        • මාරයා says:

          අපේ රට සුළු ජාතිය වැනි බෙදා වෙන්කිරීම් ඔක්කොම හිතේ ඇතිවන මායාවල් ..විවේක තියෙන වෙලාවට දහමට හිත යොමුකරන්න

      • Hoo !!! says:

        මෙන්න මාරයා බුද්ධාගම උගන්නනවා 😀😀😀😂

  2. Gobrial says:

    Congratulations Mr. Putin!

    Lets repeal the 13th, 17th and 19th Amendments, then our leader can return!

  3. Critic says:

    Congratulations Hon, Mr Putin!! I wish I was born in Russia or I wish I had a leader like you in SL. Anyway we wish you all the best and long life!!

  4. Mavubima says:

    Gra8 achievement…!!!!!!!!!

Main News