එයා බස් ගණුදෙනුවෙන් බුකි මන්ත‍්‍රීවරයෙකුට විශාල කොමිස් මුදලක්..

February 21, 2020 at 12:02 am | lanka C news
එයා බස් ගණුදෙනුවෙන් බුකි මන්ත‍්‍රීවරයෙකුට විශාල කොමිස් මුදලක්..

2013 වසරේදී සිදුව ඇති ගුවන්යානා ගනුදෙනුවේ දී එවකට ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ලද ‘බුකි’ මන්ත්‍රීවරයෙකුට ද විශාල කොමිස් මුදලක් ලැබී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එම් මරික්කාර් මහතා සඳහන් කරයි.

එම මන්ත්‍රීවරයා සමග සමීපව කටයුතු කළ පුද්ගලයෙකුටද කොමිස් මුදල් ලැබී ඇතැයිද මන්ත්‍රීවරයා පැවසීය.

මේ පිළිබඳව වහාම ආණ්ඩුව විසින් විමර්ශන ආරම්භ කළ යුතු බවත් එසේ කොමිස් මුදල් ලබා ගත්තේ කවුද කියා රටටම හෙළි කළ යුතු බව ඔහු කියා සිටියේය.

පාර්ලිමේන්තුව අමතමින් මන්ත්‍රීවරයා මේ අදහස් පල කරන ලදී.

31,888 Viewers

7 Comments to “එයා බස් ගණුදෙනුවෙන් බුකි මන්ත‍්‍රීවරයෙකුට විශාල කොමිස් මුදලක්..”

  1. kamal says:

    ඇයි මම ඉංග්‍රිසි ඉගෙනගන්නෙ නැත්තෙ
    පුතේ මේ අහන්න කපටිකම තියෙන්නෙ පුතාලග තමයි. පුතා හිතාගෙන ඉන්නෙ සිවුපිලියාපත් රහතන් වහන්සේ කෙනෙක් නැත්තම් බුදු දහම එම භාෂාවෙන් ඉගෙන ගන්නෙ නැ කියා. නමුත් පුතේ සිංහලය තරම් ශක්තිමත් භාෂාවක් තව නැ. නමුත් එක්කෙනෙක් ඉන්නවා එය රකින්න බැරිව දගලන ඒ පුතා. නමුත් පුතේ පුතාගේ හැම මනුස්‍යත්වයම නැතිකරන්නෙ මම නෙවෙයි බුදු හාමුදරුවො. නමුත් පුතා හැම ඉගෙනිමම අතහැරියා. නමුත් විදර්ශනාව වඩනවා නමුත් ඇත්තෙ එක මනුස්‍යත්වයයි බුදු හාමුදුරුවො. නමුත් අනිත් අය එහෙමද නැ කියා පුතා ලග තියෙන මනුස්‍යත්වය මම පෙන්වනවා පොඩ්ඩකට ඒත්් වැඩක් නැ පුතේ අහිංසකකම වටින්නෙ.නමුත් එක දෙයක් පුතා කරන්න ඔනෙ රහත් වු දිනක ඉංග්‍රිසියෙන් අටුවා වක් නෙවෙයි ත්‍රිපිටකය පවා ලියනවා කියන්න නමුත් දැන් තියෙන්නෙ දේවත්ව නෙවෙයි අහිංසකකම්. නමුත් රහත් වුනාට පසු දෙවත්ව එනවා. එතකොට සිංහලෙන් විතරයි ත්‍රිපිටකය කියවන්නෙ.නමුත් අහිංසක මිනිස්සු දෙකෝටියක් ඉන්නවා ඉංග්‍රිසි ඉගෙන ගෙන ඉන්දියාවේ. ඒ ගැන හිතන්න වෙනවා පුතාට නමුත් එතකොට අහිංසක මිනිස්සු විසි අට කෝටියක් පවතින ශාසනය වෙනස් කරනවා. ඒක හින්දා මිනිස්සු හිටියට සංඝයා ඉන්නෙ ලංකාවේ විතරයි කියන පදනමට එන්න වෙනවා ලංකාවේ විතරයි අය රහතන් වහන්සේලා බිහිවන්නේ මිට කිරිබත්ගොඩ ෂඩ් අභිඤ්ඤාලාභි මහරහත් හිමි හා සිවුපිලියාපත් කිරිබත්ගොඩ කමල් හිමි.

  2. බන්ඩා says:

    ක්‍රිකට් බුකියා ජරා පප්පෙක්. කොච්චර මුදල් තිබුනත් මදි.

  3. Sajith says:

    බලං යද්දී මුං ඔක්කොම දැනගෙන ඉඳල දැං මැරෙන්න හදනවා.

  4. Raja says:

    හොඳ හොඳ සෙල්ලම් එලිවෙන ජාමෙටයි කියලා කථාවක් තියෙනවා නේ. දැන් ඔය මාට්ටුවෙලා තියෙන්නේ කා අතරද ඔය කොමිස් මුදල් බෙදිලා තියෙන්නේ කියලා. ලොකුම කුට්ටිය කාලා තියෙන්නේ හිටපු කථා නායක චමල් රාජපක්‍ෂගේ පුතුන් දෙදෙනාට. බලාගෙන ගියා නම් මුන් ඔක්කොම එකයි. පට්ට හොරු රැලක්

  5. MR says:

    මම හිතන විදිහට නාමල් රාජපක්ෂ කියන්නේ ආසියාවේ දැනට ඉන්න ලොකුම ධනවතෙක්. ඔහු අයතා ලෙස ඉපයූ බොහෝ මුදල් සඟවා තිබුනේ ඔහුගේ වර්තමාන මාමණ්ඩිය ළඟ. විවාහය නිසා දැන් එම සියලු දේපල ඔහුට නීත්ය නුකුලව හිමිවුණා ( Money laundering ) .

    • ලක්වැසියා says:

      නාමල් රාජපක්ෂ ආසියාවේ ඉන්න ලොකුම ධනවතෙක් බව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලයේදී ITN එකෙන් ප්‍රචාරය කර හැරියා. ඒ නාමල් රාජපක්ෂගේ වන්දිබට්ටයින් ITN එකට දමා නාමල් රාජපක්ෂ වෙනුවෙන් ප්‍රශස්ති ගයමින් සිටිය කාලයයි. නාමල් රාජපක්ෂ එකල එය ප්‍රතික්ෂේප කළෙත් නැත.

      පරම්පරාවෙන් එතරම් විශාල ධනවතෙකුද නොවන, ප්‍රසිද්ධ සමාගමක හෝ ව්‍යාපාරයක හිමිකරුවෙකුද නොවන ඔහුට එම මුදල් ලැබුනේ දූෂිත කළු සල්ලි වලින් නෙමෙයි නම් වෙන කොහොමද? තමන්ම සම්බන්දවී රට කෙලෙසනවා මදිවට, තම අමනකම් මගින් 2015 දී යහපාලන අම්බරුවන් බලයට ගෙන්වා රට විනාශ කිරීමට පාර කැපූ ප්‍රධානම ද්‍රෝහියෙකි නාමල් රාජපක්ෂ.

Main News