‘එලවන්න කලින් පලයන් රනිල්’ විරෝධතා රට පුරා…

July 19, 2022 at 12:02 am | lanka C news
‘එලවන්න කලින් පලයන් රනිල්’ විරෝධතා රට පුරා…

වැඩබලන රනිල් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ධුරයෙන් ඉවත් වන ලෙස බල කරමින් අද හෙට දින තුළ රට පුරා ප්‍රදේශ ගණනාවක විරෝධතා සංවිධානය කර තිබේ.

ගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරියේදීද මෙම විරෝධතාවයන් සංවිධානය කර ඇත. ‘එලවන්න කලින් පලයන් රනිල්’ සදහන් බැනරයක්ද එහි ප‍්‍රදර්ශණය කරමින් ඇත.

ජනතාවගෙන් ප්‍රතික්ෂේප වූ රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය නායක ධුරය දැරීම සඳහා නුසුදුසු බව විරෝධතාකරුවන් කියා සිටිති.

තම ඉල්ලීමට ඇහුම්කන් නොදී රනිල් වික්‍රමසිංහ මහතා දිගටම රැඳී සිටීමට උත්සාහ කලහොත් ඉදිරියේ තත්ත්වය භයානක ඇතැයිද ඔවුන් කියා අනතුරු අඟවා සිටිති.

මෙරට ජනාධිපතිවරයා තෝරා ගැනීම සදහා වූ පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ඡුන්ද විමසීම හෙට දිනයේ පැවැත්වීමට නියමිතය.

53,533 views

30 Comments to “‘එලවන්න කලින් පලයන් රනිල්’ විරෝධතා රට පුරා…”

  1. fass says:

    “අරගල ලොක්කන් තිදෙනෙකුගේ ගිණුම්වලට කෝටි හතරහමාරක්.. ලැබුනු විදිහ ඇහුවාම බැංකුවත් වටලනවා කියා තර්ජනය කරලා”
    ඔන්න පලයල්ලා මේ කලකන්නින්ගේ පස්සෙන්.

    • senaka says:

      නිරුපමා රාජපක්ෂ බිලියන 12ක වත්කමක් ගැන පැන්ඩෝරා පත්‍රිකා වලින් හෙලිවුනාම ඒවා ගැන හොයන්න කවුරුත් නැහැ. අරගල කාරයන්ට රට ඉඳලා ආපු කෝටි හතරහමාර ගැන නම් පුදුම කැක්කුමක් තියෙන්නේ. දැන් පහුගිය දවස්වල කන්දොස්කිරියාවේ බැහැ රට ඉන්න එවුන්ට සල්ලි එවන්න කියලා. දැන් එවුවම උන්ව අත්අඩංගුවට ගන්න හදනවා. නොදකින් !

      • අජිත් says:

        නිරුපමාගේ කතාව ඇත්තනම් එතන තියෙන්නේ හොරකම. අරගලයට දෙමල ඩයස්පොරවෙන් මුදල් ආපු කතාව ඇත්තනම් එතන තියෙන්නේ හොරකමට වඩා දරුණු රට විනාශ කිරීමේ කුමන්ත්‍රණයක්. වහලෙක් නොවී පොඩ්ඩක් හිතපන්. මොලේ තියෙන්නේ පාවිච්චිකරන්න මිසක ඉඳගන්න නොවේ.

  2. Sri Lankan says:

    කිසිම කෙනෙක් යන්න එපා. මේ බල්ලන්ට ඕනා රට පෙරලන්න. මේවා JVP plan සහ කඩාකප්පල් කාරී ක්‍රියා . අන්තර් විශ්ව විද්‍යාල කියන්නෙ ශික්ෂයෝ නම් උන්ට පළමුව නිදහස් අධ්‍යාපනයෙන් ලැබෙන වරමින් ඉගනීම අවසන් කරන්න ඕනා. පර බල්ලෝ, වල් කාලකන්ණි හැත්ත රට අගාදයට දාන්නම හදන හැත්තට හොද පාඩමක් උගන්නන්න වෙයි.

  3. ALAPALUWA says:

    අතිවිශේෂ ගැසටිි එකක් තියෙනවා නේද පාර්ලිමෙිින්තු මංත්‍රිලට තර්ජනය කිරිම වරදක් බව, ඉතිං දෙන්ඩකෝ දීමනාවක්

  4. Sumangala says:

    මුන් ගේ වචන වලම පෙන්වන්නේ උප්පත්ති රස්තියාදු නූගත් ගතිය​.

  5. lalindra says:

    කවුරු හරි හිතනවානම් අරගලයකින් පිඩනයට ලක්කරලා රනිල් එලවන්න ගොටාව පිඩනයට ලක්කරලා එලේව්වා වගේ එකනම් හරියන එකක් නෑ. රනිල් ලංකාවේ මිනිස්සුන්ගේ මොන පීඩනයක් ආවත් සත 5කත ගණන් ගන්නේ නෑ. හැබැයි සුද්දෙක් රැව්වොත් ඇති. ජාත්‍යන්තරේ කිව්වා කියලා පන බයේ ගැහෙනවා

Main News