එලවළු නෑ.. නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානය වසාදමයි..

November 21, 2021 at 11:20 am | lanka C news
එලවළු නෑ.. නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානය වසාදමයි..

නුවරඑලිය ප්‍රදේශයේ එලවළු වගා කරන ගොවින් (21) දින නුවරඑලිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට එලවළු තොග ලබාදිම ප්‍රතික්ෂේප කල නිසා නුවරඑලිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය (21) දින වසා දැමුණු බව සමස්ත ලංකා විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසිය.

අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා (21) දින මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ නුවරඑලියේ එලවළු වගා ගොවින්ට අවශ්‍ය කරන රසායනික පොහොර , කෘෂි රසායනික ද්‍රව්‍ය ලබා නොදිම හමුවේ ගොවින් මේ වන විට වගා කර ඇති අස්වැන්නේ ඵලදාව අඩුවිම හමුවේ එයට විරෝධය පැමක් වශයෙන් (21) දින නුවරඑලිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය වෙත එලවළු තොග ලබාදිමෙන් වැලකි සිටි බවයි.

රටේ සමස්ත එලවළු වගා කරන ගොවින්ට අවශ්‍ය රසායනික පොහොර , කෘෂි රසායනික ද්‍රව්‍ය ලබා නොදිම හමුවේ කොළඹ මැනිං වෙලදපොල , දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය , තඹුත්තේගම විශේෂිත ආර්ථික  මධ්‍යස්ථාන රැසකටම දිනපතා ලැබෙන එලවළු තොග ප්‍රමාණය ඉතා අඩු වි ඇති බවයි.

පවත්නා තත්ත්වය මත ඉදිරියේදි එම ආර්ථික මධ්‍යස්ථාන සම්පුර්ණයෙන්ම වසා දැමිමට සිදු වන බවත්,කෘෂිකර්ම අමාත්‍යංශයේ උසස් නිලධාරින් මේ සදහා නිසි ක්‍රියාමාර්ගයක් නොගැනිම හමුවේ මෙම තත්ත්වය උද්ගත වි ඇති බවයි අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා කියා සිටින්නේ.

– හැටන් රංජිත් රාජපක්ෂ

17,894 views

6 Comments to “එලවළු නෑ.. නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානය වසාදමයි..”

  1. යන හැම පඩයකටම හේතුව ආන්ඩුවලු.

  2. Darshana abayakoon says:

    69 ලක්ශයක් ජනතාව දන්නව එළවලු කන එකට වඩා වකු ගඩු දෙක වැදගත් කියලා. අනික එළවලු කෑවෙ නෑ කියලා මැරෙන් නෑ නෙ. කන්න එළවලු නැත්තම් ක්‍රොටන් කොල කාපල්ලා. යහපාලුවො කිව්වෙ එහෙමනේ.

  3. calista says:

    දැන් වකුගඩු ආරක්ෂා කරගෙන හාමතේ මැරියව්
    ගෝඨා ගොනාගේ සෞවුභාග්ය කුසගින්නේ
    ජනතාව මරා දමණ එකයි මහින්දය ට දැන් පෞවුද්ගලික දේපලින් ජනතාවට වතුර දෙනවලු
    දීපියව් වහ දැන් බලේ ගිලිහී ගෙන එනවා
    කැරට් දෙන්න පටන් ගෙන මෝඩ වහල් ජනතාව
    %20 ක් තමා එකෙක් කියනවා සිමෙන්ති තියනවාලු ඔව් රු 1 750යි මිල පාලනේ රට කලුකඩ කාරයට දීල බන්දුලය ඇමති පඩියකුත්

  4. calista says:

    පාර්ලි මේන්තුවේ අනුරගෙ කථාව අහපල්ලා
    දෙකෝටි විසි ලක්ෂයමජනතාවගෙ කතිරෙන් ආව හොරු මංකොල්ල කාරයො ජනතාව සූරා
    කණ හැටි පාදඩ බල්ලෝ සුර සැප ජනතාව😭😭කදුලු බොනව හොරුගේ කෙරුවාව අද ඩොලර්
    නෑලු දැන් කාපියව් නෙලුම් කුලුණ වරාය ගුවන්තොටුපල කීරීඩාන්ගන කුස පොත්තට ඇලුනු බඩ දැන් මරණයට මැති ඇමතියල පොලිස් බල ඇණි සමග සවාරි තොපිට හෙණ

  5. calista says:

    වසර 72 කක සාපය ධනේශ්වර පාලකයෝ
    රට කල අපරාධය වසර 50 කට පෙර දුරදක්නා නුවනින් වීජේවීර සහෝදරයා දැක්කා ඒ නැගටීම දේශදෝරෝහීන් ලෙස හන්වඩු ගසා විනාශකලා මුන් දෙගොල්ලම දැන ගත්තා ඒ නැගි ටීම උන්ගේ අවසානය බව නමුත් අද ඒ නැගිටීම තොපිට වලකන්නබෑ

  6. 0.00069 BIYYO says:

    පාර්ලි මේන්තුවේ අනුරගෙ කථාව අහපල්ලා
    දෙකෝටි විසි ලක්ෂයමජනතාවගෙ කතිරෙන් ආව හොරු මංකොල්ල කාරයො ජනතාව සූරා
    කණ හැටි පාදඩ බල්ලෝ සුර සැප ජනතාව😭😭කදුලු බොනව හොරුගේ කෙරුවාව අද ඩොලර්
    නෑලු දැන් කාපියව් නෙලුම් කුලුණ වරාය ගුවන්තොටුපල කීරීඩාන්ගන කුස පොත්තට ඇලුනු බඩ දැන් මරණයට මැති ඇමතියල පොලිස් බල ඇණි සමග සවාරි තොපිට හෙණ

Leave a Comment

Main News