එලවළු මිල යලි ඉහලට.. දැඩි හිගයක් ලගම එනවා..

January 15, 2022 at 8:02 am | lanka C news
එලවළු මිල යලි ඉහලට.. දැඩි හිගයක් ලගම එනවා..

එලවළු මිල යලිත් ඉහල ගොස් ඇති  බවත්, ගොවින්ට අවශ්‍ය රසායනික පොහොර කඩනමින් ලබානොදුන හොත් අප්‍රේල් මැයි මාසය වන විට එලවළු හිගයක් ඇති වි යලිත් එලවළු මිල ඉහල යාමේ අවධානමක් පවතින බව සමස්ත ලංකා විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසිය.

නුවරඑලිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේදි මාධ්‍ය හමුවක් පවත්වමින් අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා වැඩි දුරටත් කියා සිටියේ.

එලවළු හිග විමට ප්‍රධාන හේතුව පොහොර ප්‍රශ්නය, නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානය කිලෝ හැටදහසකට බැහැලා තියෙනවා.

එලවළු මිල යම් කිසි අඩුවක් පැවතුණත් ඒක දිගටම පවතින්නේ නැ , ආපසු එලවළු හිගයක් පවතිනවා.

නුවරඑලිය එලවළු දැන ඉහල මිලකට අලෙවි වෙනවා ,ගමේ එලවළු මිල ඉහල ගිහින් තියෙනවා.

වට්ටක්කා රු 115 යි , බොංචි රු 350 , මේ සම්බන්ධයෙන් අපි එදා ඉදන්ම කිව්වා ඒකට කන් දුන්නේ නැ බලධාරින්.

පහත රට එලවළු හදන්න භාවිතා කරන යුරියා වැනි පොහොර තවම ලබා දිලා නැ.

බෝගයට අවශ්‍ය පොහොර ටික ලබා දිලා නැ , පොහොර ලබා දුන්නේ නැත්තම් , මැයි ජුනි වගේ වෙනකොට ලොකු ප්‍රශ්නයක් වෙනවා.

අද නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේ ගැනුම් තොග මිල බැලුවම  කැරට් රු 400 , ලික්ස් රු 220 , බිට්රුට් රු 270-300 , ගෝවා රු 170-200 , කැප්පටිපොල පැත්තේ බෝංචි රු 350 යි.

පොහොර නැති නිසා අස්වැන්න අඩුයි , අස්වැන්න අඩු නිසා එලවළු ආර්ථික මදධ්‍යස්ථාන වෙත එන්නේ නැ.

ඉල්ලුමට සරිලන එලවළු නැති නිසා තමයි එලවළු මිල ඉහල යමින් පවතින්නේ.

ආර්ථික මධ්‍යස්ථාන වලට එලවළු එන්නේ 40% යි , දැන්ම පොහොර දුන්නේ නැත්තම් , අප්‍රේල් වෙනකොට දැඩි එලවළු හිගයක් එනවා. යනුවෙන් පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

11,968 views

8 Comments to “එලවළු මිල යලි ඉහලට.. දැඩි හිගයක් ලගම එනවා..”

  1. තිත්ත ඇත්ත says:

    අපේ මිනිස්සුන්ගෙ attitude එක තමයි ඉතින්.. වෙන රටක නම් ගොවියො තියෙන පොහොර වලින් හරි තමන් පොහොර නිශ්පාදනය කරගෙන හරි අඩුම තරමෙ වගා කරන භූමිය කලමනාකරණය කරල හරි වගා කරන ඉඩ වැඩි කරල හරි මේ වගේ දෙයක් වුනොත් අස්වැන්න අඩු නොවී තියාගන්න හදනව.. අපේ මොට්ට පාලල නිකන් දෙන පොහොර එකටත් බැන බැන ආණ්ඩුවටත් බැන බැන camera ඉස්සරහට ගිහින් පොහොර can පොළොවෙ ගහනවයි පඹයො හදල ගිණි තියනවයි උද්ඝෝෂණ කරනවයි විතරයි.. ඒව කරන්නෙ පොහොර company වලින් සහ JVP, SJB වගේ පක්ෂ වලින් උදව් කරන නිසා.. හොද attitude එකක් තියෙනවනම් ආණ්ඩුවට බම්බු ගහගන්න කියල ඔය පොහොර company වල සල්ලි ප්‍රතික්ෂේප කරල අර කලින් කිව්ව විදිහට අස්වැන්න අඩු නොවී තියාගන්න උත්සහ කරනව..

  2. රටේ සෞභාග්‍යය says:

    මේ ආන්ඩුව හරිනම් රජයෙ සේවකයන් ට එලවලු සහන මල්ලක් දිය යුතුයි .
    එලවලු 10ක් කිලෝව ගානෙ රුපියල් 100කට වගෙ, මොකද රට සෞභාග්‍යය ට ඉක්මනින් ගෙනියන කට්ටිය නේ

    • KK says:

      රාජ්‍ය සේවකයන්ගේ අකාර්යක්‍ෂමතාවයට රු. 5000 අඩුකරන්නයි ඕනේ.

  3. David Milli-banda says:

    Very good. Let the prices rise.

    People must commence “Gay Wathu Wagawa.” Already people have commenced to grow chillies in flower pots.
    Also they have commenced growing Binjals & Ladies fingers. Kuringngnang creepers.
    How did we overcome Saffron (prices) ? Same solution to vegetables.

    රජයෙ සේවකයන් these are damn corrupt rogues. Fleecing & inconveniencing the public.

  4. John the baptice says:

    කොහොමද.. වෙනස දැන් සැපද..?

    https://supirigossip.com/?p=25638

  5. Br wijesghe says:

    ගෙවත්තෙන්ම අලයක් කොලයක් හොයාගෙන කාල ඉන්න බඩ ගැන හිතන්න එපා රට ගැන හිතන්නරටක් ඉතිරිවෙලා තියෙන්න්නෙ මේ පාලක ප්වුල නිස

  6. ANURUDDHA says:

    ඔය බොරු. මාකට් කාලේ ඉන්න අතරමැදියෝ තමයි වැඩිපුර මෙම වංචාව කරන්නේ. ගොවියා ට යන්නේ අඩු මුදලක්. ආර්ථික මධ්‍යස්ථාන වල මිලදී ගන්නා වෙළඳන් එක කණ්ඩායමක්. විකිණුම් කාර වෙළෙන්දන් තවත් කණ්ඩායමක්. අතරමැදි මිල ඉහළ දමන වෙළෙන්දන් තවත් කණ්ඩායමක්.

Main News