‘එලවා දමමු දැන් රට කන මේ හැත්ත…’ ජනපති පදනම් ආයතනයේදී අමුතු තනුවකින් කවියක් කියයි.. [Video]

June 13, 2018 at 8:40 am | lanka C news
‘එලවා දමමු දැන් රට කන මේ හැත්ත…’ ජනපති පදනම් ආයතනයේදී අමුතු තනුවකින් කවියක් කියයි.. [Video]

නවසිය අසූ ගණන්වලදී බණඩාරනායක මතිණයත් සමග ගුවනින් ත‍්‍රිකුණාමලයට යද්දී එහි ගමන් කල අමරබන්දු නම් මාධ්‍යවේදියෙක් මැතිණියගේ සාරියට වමනය දැම්ම බව ජනාධිපති මෛත‍්‍රපාල සිරිසේන මහතා පවසයි.

කොළඹ ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවති පොතක් එලි දැක්වීමේ උත්සවයක් අමතමින් ජනාධිපතිවරයා මෙසේ සිය අතීත ආවර්ජනයක්ද සිහිපත් කරමින් අදහස් පල කලේය.

‘රැකලා දුන්නෙ ණය ගත් ධනපති රොත්ත
කපලා දමනු බැරි ඇති ගොවි ණය ගත්ත
බැදිලා සමගියෙන් ඔසවා දෑකැත්ත
එලවා දමමු දැන් රට කන මේ හැත්ත’ යයි කවියක්ද ජනාධිපතිවරයා එහිදී ගායනා කලේය.

123 views
Main News