එලළුව මිල පහල ගියත් පාරිභෝගිකයන් මිලදී ගැනීම අඩුවෙයි..
January 11, 2022 at 8:02 am | lanka C news
පසුගිය දින කිහිපය තුලට සමගාමිව උඩරට සහ පහතරට එලළුව මිල තරමක් පහල ගියද එලවළු මිල දි ගැනිමට පාරිභෝගිකයන්ගෙන් විශාල ඉල්ලුමක් පවතින්නේ නැති බව නුවරඑලිය සතිපොලේ වෙලදුන් කියා සිටියි.
සැම එලවළු කිලෝවකම මිල රු 50 ක් පමණ පහල ගොස් ඇති බවත්, පසුගිය දිනවල රු 200 අලෙවි වු දෙල් ගෙඩියක් රු 150 ක් වැනි මිලකට අලෙවි වන බවත් පැවසු එම වෙලදුන් කියා සිටින්නේ පාරිභෝගිකයන් ආර්ථික අපහසුතා මැද ජිවත් වන නිසා දෛනික අවශ්‍යතාවයට පමණක් සරිලන එලවළු වර්ග කිහිපයක් පමණක් තාමත් මිල දි ගන්නා බවයි.
මේ අතර දේශිය වෙලදපොලේ රු 500 අලෙවි වු භුමිතෙල් උදුනක් නුවරඑලිය සතිපොලේ රු 3500 සහ රු 1000-1400 මිලකට අලෙවි වු භුමිතෙල් උදුනක් නුවරඑලිය සතිපොලේ රු 7500 වැනි ඉහල මිලකට අලෙවි වුවද වෙලදපොලේ පවතින ගැස් හිගයත් සමග පාරිභෝගිකයන් භුමිතෙල් උදුන් මිල දි ගැනිමට විශාල ඉල්ලුමක් පැවතිය.
– රංජිත් රාජපක්ෂ
ඕවා ඔහොම තමයි, කාලෙකට එලවලු මිල ඉහල ගිහිල්ලා වෙළෙන්දා, ගොවියා ලාභ ලබනවා. කාලෙකට එලවලු මිල පහල ගිහිල්ලා පාරිභෝගිකයා වාසි ලබනවා. එලවලු මිල වැඩි කාලෙට පාරිභෝගිකයා මැරෙන්න හදනවා, මිල අඩු කාලෙට ගොවියා, වෙළෙන්දා මැරෙන්න හදනවා. මාධ්‍ය කාරයෝ අවස්ථා දෙකම විකුණාගෙන කනවා.
රජයෙ සේවකයන් ට සහන එලවලු මල්ලක් දෙන්න යෝජනා කරමී.
මේ රටේ ජීවත් වෙන්න ඕනේ රජයෙ සේවකයන් හා දේශපාලකයන් හා ඔවුන් ගේ සමීපතයන් විතරයි
සවු 1/2 දෝරේ ගලනවා
ඕකට තමා වෙලදපොල ආර්ථිකය කියන්නෙ. මිල වැඩි වෙනකොට ඉල්ලුම අඩු වෙනවා. ඕකෙ ඇති මැජික් එකක් නෑ. ආන්ඩුව ඕකට අතනොදා ඉන්න එකය් ඇත්තෙ.