එල්ලා මරණ කතාව කිවුවේ ජනපතියි.. අවසන් තීන්දුවක් තාම නෑ..- අධිකරණ හා බන්ධනාගාර ඇමතිනී

July 29, 2018 at 12:00 pm | lanka C news
එල්ලා මරණ කතාව කිවුවේ ජනපතියි.. අවසන් තීන්දුවක් තාම නෑ..- අධිකරණ හා බන්ධනාගාර ඇමතිනී

මරණ දඬුවම ක‍්‍රියාත්මක කිරීම සම්බන්දයෙන් මේ වන තෙක් අවසන් තීන්දුවක් ගෙන නැති බව අධිකරණ හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ ඇමතීනි තලතා අතුකෝරල මහත්මිය පවසයි.

මරණ දඬුවම ක‍්‍රියාත්මක කිරීම ගැන අදහස් පල කලේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා බවත් කී ඇය ඒ ගැන තවත් බොහෝ කරුණු සෙවිය යුතු බවද සදහන් කරයි.

මරණ දඬුවම නියම කර ඇති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ නඩු ගැක නීතිපතිවරයාගෙන් පැහැදිලි කිරීමක් කර ගත යුතු බවත් ඉන් පසු ඉදිරි කටයුතු කල හැකි බවත් ඇය කියා සිටියේය.

ඇය මෙම අදහස් පල කරන ලද්දේ රන්පුරයේදී මාධ්‍යවේදීන් අමතමිනි.

72 views