එල්ලා මරණ කමිටුව රැස්වෙයි.. ප‍්‍රධානියා ජනපති..

July 25, 2018 at 8:40 am | lanka C news
එල්ලා මරණ කමිටුව රැස්වෙයි.. ප‍්‍රධානියා ජනපති..

මත්ද‍්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම සක‍්‍රීය කිරීම ගැන වූ විශේෂ සාකච්චාවක් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ පැවැත්විනි.

මෙම කමිටුව කැදවා තිබුනේ මරණ දඬුවම නැවත්ත ක‍්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා විසිසන් ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සාකච්චා කිරීමටයි.

මෙම හමුව සදහා අධිකරණ දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව, බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නියෝජනය කරමින් ඉහල නිලධාරීන් පිරිසක් සහභාගී වි සිටියහ.

ජනාදිපතිවරයා පසුගියදා කියා සිටියේ මත්ද‍්‍රවා්‍ය ජාවාරම් කිරීම හේතුවෙන් මරණ දඬුවම ලබා සිරගත කර සිටියදී තවදුරටත් එම ජාවාරම්වලට නිරතවන්නන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට තමන් තීරණය කර ඇති බවයි.

29 views

15 Comments to “එල්ලා මරණ කමිටුව රැස්වෙයි.. ප‍්‍රධානියා ජනපති..”

  1. sathya says:

    Do it

    • cim says:

      ඔබතුමාට ජයවේවා
      මහින්දවාදීන්ට දැන් පිස්සු හැදිලා.

  2. අලුගෝසුවා says:

    සිරකරුවන් එල්ලා මැරුවොත් අපිට GSP+ නැතිවෙනවා නම් සහ අපිට එල්ලුම් ගහ ක්‍රියාත්මක කිරීමට ත් අවශ්‍ය නම්, අපිට එල්ලා මැරීමට සිදු වන්නේ කාවද යන්න පැහැදිලිය. එම පුදගලයා එල්ලා මැරුවොත් ඒ ගැන කණගාටුවීමට විජයකලා හැර තව කිසිවෙකුත් මේ රටේ නොමැති බව පැහැදිලි ය.

  3. බතලහිලපල්ලා says:

    ජනාධිපතිතුමෝ, ඔබ තුමා ඔය කඳවල තිබුණු බන්ධනාගාරේ ලොක්කන්ගෙන් ඇහුවේ නැතෙයි ඇතුලේ ඉඳන් කුඩු විකුනන්න දුන්නේ මක්කයි කියල? එහෙම අහල උන් ගෙන් දෙතුන් දෙනෙක් ඇතුලට දැම්මනම් යුරෝපේ තරහ කොර ගන්නෙත් නැතුව මිනිස්සු මරන්න අත්සන් කොරල පවු පුරවා ගන්නෙත් නැතුව, හෙට වෙනකොට ඇතුලේ ඉඳන් කුඩු බිස්නස් කරන එක නවත්තන්න තිබුන නොවැ ?

    • sky says:

      දෙදහස් දහ අටේ සිරිසේනගේ දක්ෂතම ප්‍රශ්න විසදුම මරණ දඬුවම නැවත්ත ක‍්‍රියාත්මක කිරීම…
      මිනීමරු LTTE ත්‍රස්තවාදීන්ට නොවේ ඔවුන්ට නිදහස
      මේ දුප්පත් කම නිසා කුඩු ලොක්කන්ගේ පව් කරගහන ඔවුන් වෙනුවට සිරගෙට ගිය කුඩුකාරයන්ට …කැකිරිල්ලේ රජුත් පරාදයි …
      අද අද එයි මරණ දඬුවම සිතා ගන්නේ
      කෙලෙසද සෙට කුඩු ගැන සිතන්නේ
      කිකලද යහපාලනය කුඩු ගැන ඇප වන්නේ
      කුමටද ගෙල වැලදාමට කම්මැලි වන්නේ

    • Wijebahu says:

      ekath aththa.

  4. susi says:

    ජනාධිපති තුමනි ඔබ නොබියව මෙම තීරණය ගත්තොත් ඔබ නැවත මේ රටේ ජනාධිපති වීම කිසිවෙකුටත් නවත්තන්න බෑ. අපි සැවොම ඔබ සමගයි.

    • Samayan says:

      ජනාධිපති වෙන එක බලාගන්ඩ බැරියැ පස්සේ…….

    • Saradiel says:

      LTTE කළු කොටි මිනීමරුවන්ට සමාව දුන්/ දෙන සිරිසේනගේ අලුත්ම දෙබිඩි පිළිවෙත ….කුඩු ජාවාරම්කරුවන්ට පමණක් සමාව නොලැබෙන්නේ මන්ද ?
      කුඩු කන්ටනේර නිදහස් කල ජනපති ,සිරගෙදර දැනට සිටින මේ මත්ද‍්‍රව්‍ය සිරකරුවන් මෙතරම් ඉක්මනින් එල්ලා මැරීමට උත්සාහ කරන්නේ කුමන හේතුවක් මතද ? ඒ ගැන ජනතාව අවධානය ය යොමු කලොත් හොදයි ..මරණ දණ්ඩනය මේ මිනිසුන්ට ලබා දුන් පසු කුඩු ව්‍යාපාර නවතීද ?මේ ප්‍රශ්නය විසදේද ?නැහැ නේද ?

      • john says:

        He is targetting next election. Nothing else. He will not execute Death penalty until presidential election

    • maraya says:

      සිහින ලෝකෙද ? තැමිල් නාඩුවේද ? susi ඔබ බුරුවෙක් උනාට ඒ බව ප්‍රදර්ශනය කරන්න එපා

    • maraya says:

      කුඩු කාරයන්ගේ ඇගේ එල්ලී වීරයෙක් වෙන්න ප්‍රථමයෙන් විල්පතිතු වන රක්ෂිතය ,නකල්ස් වන රක්ෂිත විනාශ කරන ඔබේ මුස්ලිම් ඇමතිලාට විරුද්ධව නීතිමය පියවර ගන්න ..කුඩු මහා පරිමාණයෙන් මේ රටට ගෙන්වන ඔබේ ,මැති ඇමති ලා ලොකු කුඩු ව්‍යාපාරිකයන් අත්අඩංගුවට ගන්න ..
      ලොක්කෝ රජසැප විදිද්දී සිරගෙට ගිය ඔවුන්ගේ සොක්කෝ එල්ලා මැරීම විහිළුවක් ..
      ජනපතිතුමෝ ගැරඩි මරලා පව් පුරෝ ගන්න එපා

  5. nihal says:

    Please hang Duminda Silva. Drug dealer and a murderer.

  6. Asaranaya says:

    සරළ ප්‍රෝඩකරි පාල මහතාගෙ මරණ දඩුවම ලැබෙන්නේ ඊලඟ චන්දේදි

  7. Saradiel says:

    පොළොන්නරුවේ වැලි හොරු ගස් හොරු වී හොරු කැලා හොරු මිට වඩා බයානක අය මේ අය එල්ලා මරන්නේ නැද්ද මේ අය නිසා අද නාය යෑම / ගංවතුර / පොලව වියලි යැම / බිමට වගාවට ජලය හිගවීම නිසා කොතරම් පිරිසක් මරණයට පත් වෙනවද?

Main News