එල්ලා මරණ තහනම එන සතියේ අවසන්.. ජනපති අත්සන් තබයි.. මරණ දඬුවම ජනාධිපතිවරණයට පෙර ක‍්‍රියාත්මකයි..

October 18, 2019 at 12:40 pm | lanka C news
එල්ලා මරණ තහනම එන සතියේ අවසන්.. ජනපති අත්සන් තබයි.. මරණ දඬුවම ජනාධිපතිවරණයට පෙර ක‍්‍රියාත්මකයි..

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම මෙම මස 31 වෙනිදායින් පසු සිදු කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව ජනාධිපති කාර්යාලය ආරංචි මාර්ග කියා සිටී.

මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කරන ලද අතුරු තහනම් නියෝගය මෙම මස 31 දායින් අවසන් වෙයි.

මත්ද‍්‍රව්‍ය ජාවාරමට වරදකරුවන් වී මරණ දඬුවම නියම කර සිරගතකර සිටින්න්නට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් දැනටමත් අත්සන් තබා තිබේ.

නමුත් එය ප්‍රමාද වී ඇත්තේ අධිකරණය විසින් නිකුත් කරන ලද අත්හිටුවීමේ නියෝගය හේතුවෙනි.

108 views

19 Comments to “එල්ලා මරණ තහනම එන සතියේ අවසන්.. ජනපති අත්සන් තබයි.. මරණ දඬුවම ජනාධිපතිවරණයට පෙර ක‍්‍රියාත්මකයි..”

  1. atik says:

    Excellent must be bring into force.

    • එල්ලුම් ගස වෙන්දේසි! says:

      රට වෙනුවෙන් ඔබ මේ අද කරන දෙය
      පනදෙන්නට තිබුනේ පුටුවේ හිඳ බලය
      මත්කුඩට තරුනය පිළිකා උඩුදුවල මය
      එල්ලුම් ගස අධිකරණෙ වෙන්දේසි මය

      • රටටම සෙනසුරු ලැබූ... says:

        අන්තිම කැමති පත්‍රය යන දින ලියදී
        ලියලා ඇති ඵලය කරුම උරුම කරදී
        මුලු රටම දෙදර අනාරක්‍ෂිත කර වදදී
        මෙවන් කෙනෙක් නැත මතු රට උපදී

    • john the baptice says:

      දුමින්ද සිල්වාව එල්ලන්න.

  2. sanath says:

    බලන්නකෝ මෛත්‍රී අන්තිමට ගහන ගේම…

    • Rata Wenuwen says:

      ලබ්බ උඩදාගෙන මෙතෙක් අවුරුදු 4 1/2 ක් තිස්සේ කැගැසුවට මොන මගුලක්ද කලේ පඹ මහත්තයෝ

  3. p.d goonawardena says:

    රටට කුඩු ගෙනාවටත් වඩා ලොකු විනාශයක් තමුසේ කලා…..නායකයා විදිහට නිදාගෙන හිටලා රටට කරපු විනාශයට අපි පව් ගෙවනවා….බොරුනම් විජේදාසගේ කතාව අහනවා..

  4. RAJIIIU says:

    es esssalama rata ta kelawannna hadana sajiyaaawa elllamu.apita kelawannna esssara.

  5. Gama Rala says:

    Sathosa, Mudal, Mahabanku, Viduliya kabasiniya kala Ravikarunanayake ya wa th ellamu, Ratata kala haniya sulupatu nowei.

  6. Siri says:

    කුඩ්ඩන්ව එල්ලා මරන්න එපා සෑර්….උන්ට මැරෙනකම් කුඩු ගස්සන්න…..

  7. බන්ඩා says:

    කුඩු කාරයින් එල්ලා මරපු නිසා මරනීය තර්ජන තියනවා කියා පැන්ෂන් යන සිරිසේන ඔය හදන්නෙ ජීවිත කාලයටම STF ආරක්ෂාව අරගෙන ජීවිත කාලයටමකෝටි 200 කට වඩා ජනතා මුදලින් හැදූ ජනාධිපති නිවසත් කොටා ගන්නය්.

  8. Ariyathilaka says:

    එකෙක් දෙන්නෙක් මස් කර ගත්තොත් විශ්‍රාම ගියායින් පසුව සිහි කර කර ඉන්න බැරිය. කරපු දේකුත් නැති එකේ මේකෙන්වත් ඉතිහාස ගත වෙන්න සිතනවා වෙන්න ඇති. සොත්ති උපාලි, ගොනවල සුනිල්, නාවල නිහාල්, තොප්පි චමින්ද, වම්බොට්ටා තරමටවත් එන්න බැරියැ. ඒ මේ නම් හොදට මතක හිටිනව නොවැ.

  9. JOHN says:

    වසර 5ක් රනිල් සමග රට විනාසකර දැන් වීරයා වෙන්න හදනවා

  10. රුපියල් දහයෙ බෝල් පොයින්ට් පෑන says:

    කයිවාරුවයි කක්ක බරයි විතරයි

Main News