එල්ලා මරන්න නියම වූ සිරකරුවන් මඩකලපුවේ දුපතක සිරකරයි..
June 11, 2020 at 12:40 pm | lanka C news
බරපතළ අපරාධ වලට චෝදනා එල්ල වී මරණ දඬුවම නියම වූ සිරකරුවන් මඩකලපුවේ පිහිටි දූපතක රැඳවීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇති බව අධිකරණ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කරයි.
ලාදුරු රෝගීන් සඳහා කලකට පෙර වෙන් කර තිබූ මඩකලපුව පිහිටි එම දූපත මේ සඳහා යොදාගැනීමට බලාපොරොත්තු වන බවද ඔහු පැවසීය.
කොළඹදී මාධ්‍ය අමතමින් ඔහු මේ අදහස් පල කලේය.
දැනට සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති මෙම දූපත බන්ධනාගාර දෙපාර්තමේන්තුවට පවරා ගෙන අදාළ සිරකරුවන් ඒ වෙත ගෙන යාමේ වැඩපිළිවෙළක් සකස් කරමින් ඇති බවද ඔහු සඳහන් කළේය.
සුද්දා එන්න කලින් අපේ රටේ දාමරිකයන් සිටියේ නැහැ මේ අයට සුද්දන් වග කිව යුතුය රටට මත්පැන් බොරුව වංචාව සොරකම් පුරුදුකලේ පර සුද්දන්.