එල්ලා මරන කමිටුව ව්‍යවස්ථා විරෝධීයි.. හිරගෙදරදී කරන දේවල්වලට එල්ලා මරන්න බෑ..
July 26, 2018 at 4:40 pm | lanka C news
ජනාධිපතිවරයා විසින් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට දින තීරණය කිරීමට හා සිරකරුවන් නම් කිරීමට කමිටුවක් නම් කිරීමට ව්‍යවස්ථාව අනුව ඉඩක් නැති බවත් ඒ සදහා ජනාධිපති සතු බලය කමිටුවකට ලබා දිය නොහැකි බවත් සරත් එන්. සිල්වා හිටපු අගවිනිසුරු පවසයි.
මරණ දණ්ඩනය නියම වූ පුද්ගලයෙකු එල්ලා මරණ දිනය තීරණය කිරීම හෝ සමාව දීම කල හැක්කේ ජනාධිපතිතුමාට පමණක් යයිද එම බලය කමිටුවකට ලබා දීම ව්‍යවස්ථාව බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක් යයිද ඔහු කියා සිටී.
එවැනි කමිටුවක් ක්‍රියාත්මක කිරීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය උවමනා බවත් මරණීය දණ්ඩනය නියම වූවෙකු සිරගෙදරදී කරන දේවල් මත එල්ලා මැරීමට තීරණය කිරීම සාධාරණ නොවන බවත් ඔහු වැඩි දුරටත් පෙන්වා දෙයි.
මින් ඉදිරියට ජනාදිපති වීමට එන අය අඩුතරමේ උපාදියක් ලබා තිබිය යුතුයි
මේ හාදයා දන්න නීතිය…දැනටමත් මරණ දඩුවම් නියම වෙලා ඉන්න අයට මෙය ක්‍රියාත්මක කරණ බවවත් මේ ගොයිය දන්නෙ නෑ..මෙයා නඩු ඇහැව්වෙම පොරක් වෙන්න හිතාගෙන.
Ehakota.. hiragedara yawanna hitapu aya , rajagedara yawapu ewa..?
Mu purud-data o-ne ekakata kamitu path karanwa.
සර් අපි උන් මරලා එල්ලමු නේද රජෝ…ඒක ව්‍යවස්ථාවට විරෝධී නෑ කියලා නීතිපති උපදෙස් දෙනවා.
නැවත ජඩාදීපති කිචවීම දෙන්න වගේ ඉඳන් බැ ැෑෑෑෑෑෑෑෑකියන රිලා හුටං ??????????????
නුතන කැකිල්ලේ රජතුමාට එය කල හැකිය
කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දු
අතීතයේ ජීවත් වුන රජවරුන් අතරින් කැකිල්ලේ රජුට ලැබෙන්නේ ප්‍රධාන තැනකි. රටවැසියාගේ දුක සැප සොයා බැලීමට රජු වැඩි වේලාවක් ගත කළෙය. දිනක් රටවැසියකුගේ අලුතින් තැනූ නිවස කඩා වැටුණේය. මේ නිවසෙ බිත්තිවලට යටවී ඔහුගේ දරු පවුල මියගියේය. වැසියා තමාට සිදු වූ අවනඩුව රජුට සැලකර සිටියේය. මේ විපතට වගකිවයුත්තේ පෙදරේරුවා බව තීරණය කළ රජු ඔහුව කැඳවාගෙන එන ලෙස රාජපුරුෂයන් පිටත්කර හැරියේය.නිවසේ බිත්ති කඩා වැටී පැමිණිලිකාර වැසියාගේ දරුවන් බිරිඳ මිය යාමට පෙදරේරුවා වගකිව යුතු බවට ප්‍රකාශ කළ රජතුමා පෙදරේරුවා උලතබා මරණ ලෙස නියෝග කළේය.නිදහසට කරුණු ඉදිරිපත් කළ පෙදරේරුවා නියම පදමට මැටි නොඇනීම නිසා බිත්ති කඩාවැටුණු බව සැලකර සිටියේය. ඒ අනුව මැටි ඇනූ තැනැත්තා මීට වගකිව යුතු බව හෙතෙම හැඬූ කඳුළින් සැලකර සිටියේය.
වහාම මැටි ඇනූ තැනැත්තා කැඳවාගෙන එන ලෙස රජු නියෝග කළේය. ඒ අනුව මැටි ඇනූ තැනැත්තා ගේ වරදින් සිදු වූ මේ විපතට මැටි ඇනූ තැනැත්තාට දඬුවම් නියම කිරීමට රජු සැරසුණේය. පදමට මැටි අනාගැනීමට නොහැකි වූයේ වතුර දමා ඇති කලයේ කට ලොකුවට තිබූ නිසා බව සැලකර සිටියේය. ඒ ඇසූ රජු කළය තැනූ කුඹල්කරුවා රැගෙන ඒමට නියෝග කළේය.සිදුවූ විපතට කුඹල්කරුවා වගකිවයුතු බව රජු තීරණය කළේය. එහෙත් තමා අහිංසක බව හෙතෙම ප්‍රකාශ කළේය. තමා කළය තනද්දී එතැනින් ගිය කාන්තාව තමා දෙස බලා හිනාවෙමින් ගිය නිසා කළයේ කට ලොකු වූ බව කුඹල්කරුවා කීවේය.වැසියාගේ අඹුදරුවන් මියයාමට මේ ගැහැනිය වගකිව යුතු බව රජු තීරණය කරන ලදී. ඒ අනුව ගැහැනිය රාජ සභාවට කැඳවාගෙන ආවේය. බියට පත් වූ ගැහැනිය අඬන්නට පටන් ගත්තාය. ඇය නිදහසට කාරණා කීමට පටන් ගත්තාය.රන් අභරණ සාදවා ගැනීමට එතැනින් කීප දිනක් රන්කරුවා වෙත ගිය ද නියමිත දිනට ආභරණ ලබා නොදුන් බව ඇය ප්‍රකාශ කළාය. ඇයව වරදින් නිදහස් කළ කැකිල්ලේ රජු රන්කරුවාට දඬුවම් දීමට සැරසුණේය. ඒ අනුව රන්කරුවා ඇතු ලවා පාගවා මැරීමට කැකිල්ලේ රජු නියම කරන ලදී. ඊට ප්‍රථම නිදහසට කරුණු කී රන්්කරුවා තමා ඇතු ලවා පෑගවීමෙන් තමාගේ ශරීරය කෙසඟ නිසා ඇතුට රිදෙන බව පැවසීය. ඒ නිසා හොඳ ශරීරයක් ඇති කලුකඩේ මුදලාලි මීට සුදුසු බව සැලකර සිටියේය.ඒ අනුව කලු කඩේ මුදලාලි ගෙනෙන්නට රාජපුරුෂයන් යැවූ කැකිල්ලේ රජු කලු කඩේ මුදලාලි ඇතු ලවා පාගවා මැරීමට නියම කරවන ලදී.කිසිම සිද්ධියකට සම්බන්ධකම් නැති අහිංසක නිවැරදිකරුවන් වැරදිකරුවන් කරන සෑම අවස්ථාවලදීම “හරියට කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩුතීන්දුව වගේ” යයි ප්‍රකාශ කිරීම ජනවහරේ එදා සිට පැවත ඒ