එල්ලා මරන ලයිස්තුව අතට ලැබුනා.. මුලින්ම සිටින පස් දෙනා ජනපති හෙලි කරයි..

August 23, 2018 at 10:00 am | lanka C news
එල්ලා මරන ලයිස්තුව අතට ලැබුනා.. මුලින්ම සිටින පස් දෙනා ජනපති හෙලි කරයි..

මරණ දඬුවම නියම වූ සිරකරුවන් ගේ නාමලේඛනය තමන් අතට ලැබුණු බවත් එහි ඉහළින්ම සිටින්නේ පාකිස්තාන ජාතික යනු පස් දෙනෙකු බවත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

යාපනයේ දී පැවති උත්සව අවස්ථාවක් අමතමින් ජනාධිපතිවරයා කියා සිටියේ මරණ දණ්ඩනය නියම වූ පිරිස ගෙන් බහුතරය කාන්තාවන් බවයි.

මෙරටදී මරණ දණ්ඩය නියම කර සිටින පකිස්ථාන ජාතිකයන් එරටට බාර දීම සදහා තමන් පාකිස්ථානයේ නව රජය සමග සාකච්ඡා කරමින් සිටින්නේ යයිද ජනාධිපතිවරයා එහිදී පැවසීය.

රජය මත්ද‍්‍රව්‍ය සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට අධිකරණයෙන් මරණ දඬුවම එම දඬුවම ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් කී ජනාධිපතිවරයා මරණ දඬුවම ක්‍රියාත්මක කරන බවද ජනාධිපතිවරයා කියා සිටියේය.

64 views