එල්ලා මැරිය යුතු රාජද්‍රෝහියෙක්, පැන ගිය කොටියෙක් ආණ්ඩුවේ උපදේශක ලෙස පත් කෙරේ..
January 28, 2019 at 10:36 pm | lanka C news
පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මෙම අදහස් පල කලේය.
උතුරු සහ නැගෙනහිර සංර්වධන ජනාධිපති කාරය සාධක බලකායේ උතුරු පළාත් උපදේශක ලෙස පත් කර ඇත්තේ නීති විරෝධි කටයුතු ගණනාවක් සිදු කළ කොටි ත්‍රස්තවාදියෙකු වන සෙල්වින් ඉරේනියස්. මොහු ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරියෙකු ලෙස රාජකාරි කරන අතරේ 2002 දී ආණ්ඩුවේ නියෝජිතයෙකු ලෙස කොටි සංවිධානය සමග සාම සාකච්ඡා වලට සහභාගි වුණා. සාම සාකච්ඡා අතරේ දී මොහු ලංකාණ්ඩුවේ සිට කොටි සංවිධානය පැත්තට මාරු වුණා. ඊට පස්සේ කොටි සාමාජිකයින් සමග යුරෝපයට ගොස් කොටි සංවිධානයේ ක්‍රියාකාරිකයෙකු වුණා. නෝරවේ පදිංචි වී 2017 වසර තෙක් ඔහු නැවත ලංකාවට ආවේ නෑ.
2017 දී ඔහු ලංකාවට පැමිණි අවස්ථාවේ ඔහුව අත්අඩංගුවට ගත යුතු වැරදි තුනක් කර තිබුණා. පළමුව ඔහු මරණ දඬුවම ලැබිය යුතු රාජද්‍රෝහියෙක්. ඔහු ආණ්ඩුව නියෝජනය කරමින් සාම සාකච්ඡා වලට ගොස් එහි දී පැති මාරු කළා. දෙවනුව ඔහු නොදන්වා සේවය හැර ගිය ආණ්ඩුවේ නිලධාරියෙක්. තුන් වෙනුව ඔහු කොටි සංවිධානයට එක් වුණු ත්‍රස්තවාදියෙක්. මේ වැරදි තුනම කළ සෙල්වින් ඉරේනියස්ට ආණ්ඩුව මොකද කලේ? දඬුවම් තුනක් වෙනුවට තෑගි තුනක් දුන්නා. පළමු තෑග්ග තමයි තල් සංර්වධන මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරි ලෙස පත් කිරීම. දෙවන තෑග්ග තමයි උතුරු සහ නැගෙනහිර සංර්වධන ජනාධිපති කාරය සාධක බලකායේ උතුරු පළාත් උපදේශක තනතුරට පත් කිරීම. දෙමළ ජාතික සංධානයේ නිරදේශයක් ලෙසයි ඔහුව මේ තනතුරට පත් කරන්නේ. තුන්වන තෑග්ග මග එනවා කියලයි ආරංචි. ඒ තමයි ඔහුගේ සේවය අත්හැර යාම නොසලකා විශ්‍රාම වැටුප සැකසීම. ඔහු ඉල්ලීම කර තියෙනවා. තාම ඉටුවෙලා නෑ. ඉටුවේවී කියන විශ්වාසය රාජ්‍ය සේවය තුල තියෙනවා.
මවගේ අසනීපයට රැකියාවට එන්න බැරි වුණු නිලධාරින් සේවය අත්හැර ගියා සේ සලකන රාජ්‍ය සේවයක් අපට තිබෙන්නේ. නමුත් ආණ්ඩුව නියෝජනය කරමින් විදෙස් ගත වෙලා සේවය අත්හැර ගිහින් සතුරු පිලට එකතු වුණු ඉරේනියස්ට තෑගි පිට තෑගි. මෙය රාජ්‍ය සේවයම අකර්මන්‍ය වීමට හේතුවක්. මේ බෙදුම්වාදින් සුරතල් කිරීම නතර කරලා වහාම සෙල්වින් ඉරේනියස් අත්අඩංගුවට ගන්න කියා අපි ඉල්ලා සිටිනවා.
ප්රශ්නය : උතුරු සහ නැගෙනහිර සංර්වධන ජනාධිපති කාරය සාධක බලකායේ උතුරු පළාත් උපදේශක ලෙස මෙම පුද්ගලයා පත් වෙද්දී ඔහුට ඇති චෝදනා සම්බන්ධයෙන් ජනපතිතුමන් දැනුවත්වත් නැතිද?
පිළිතුර : දෙමළ ජාතික සන්ධානය විසින් ජනාධිපතිතුමන්ට සිදුකරන ලද නිර්දේශ මතයි ඔහුව පත් කරල තියෙන්නෙ. 2017 තමයි ඔහු ශ්‍රී ලංකාවට ඇවිත් මේ පත්වීම් ලබාගන්නේ. ජනාධිපතිතුමන් ඔහු ගැන මේ තොරතුරු දන්නේ නැහැ. දන්නවානම් පත් කරන්නෙත් නැහැ. නමුත් දෙමළ ජාතික සන්ධානය මොහු කවුද කියන එක හොඳටම දනිමින් තමයි මේ නම නිර්දේශ කරන්නේ. උතුරු පළාතේ ප්‍රධාන දේශපාලන පක්ෂයක් තමයි දෙමළ ජාතික සන්ධානය. ඉතින් ඔවුන් යම් පුද්ගලයකුගේ නම නිර්දේශ කළහම උතුරු පළාතේ සංවර්ධන කටයුතු අධීක්ෂණය කිරීම සඳහා පත්කල යුතු පුද්ගලයකු විදියට එම පුද්ගලයාව සද්භාවයෙන් එම තනතුරට පත් කරනවා. නමුත් එම නිර්දේශ කරන කෙනා මොහු කවුදැයි හොඳින්ම දන්නා නිසා මෙම නම නිර්දේශ නොකර ඉන්නට තිබුනා.
ප්රශ්නය : ජනාධිපතිතුමන් ඔහු ඉවත්කරාවිද?
පිළිතුර : එතුමාට එසේ කරණ්නට සිදු වෙනවා. මේ සම්බන්ධයෙන් ජනාධිපතිතුමන්ගේ අවධානය යොමු කරවීමට අප කටයුතු කරනවා.
– අරවින්ද අතුකෝරල
වහාම සෙල්වින් ඉරේනියස් අත්අඩංගුවට ගන්න කියා අපි ජනපති සිරිසේනගෙන් ඉල්ලමු ..දැන්වත් රට ජාතිය රැකගන්න කටයුතුකරන්න ..දෙමළ කොටි ඩයස් පෝරාවේ ,උතුරේ දෙමළ ජාතිවාදී ඊළම්වාදී දේශපාලකයන්ගේ රූකඩයක් නොවන්න …සිංහල නායකයකු ලෙස කටයුතු කරන්න
කොටි ත්රස්තවාදීන්ට පණ දීම නතර කරන්න
Kale maaru wunata kotinge pulli maaru wennahai kiyala kathawak thibenwa.
Wishwaasa kala yuththe marunu ekawai ipadenna inna ekawai witharak kiyalath kathawakuth thibenawa!
මේ කාලෙ වේලු එහෙම ජීවත්වෙලා හිටියනම් රනිල ඌට ආරක්ෂක ඇමති කමත් දෙනව.
ෂුවර් එකටම පොට්ටු අම්මන්ට හම්බවෙනව ආරක්ෂක ලේකම් කම.
thope hora raja karuna ammanta monawada nodunne? bayiyo karunata edawas wala saram galogena puka dunne.
ekale kudu dumiya adeekshanaamathi welakaru amman slfp eke upa sabapathi karapu hora rajage puka lewakawada? nodakin thopi wage bayiyo