එල්ලුම්ගහ බැලීම ලොහාන්ගේ අයිතියක්.. සිදු වුනේ ගොඩක් හොද දෙයක්.. අපි විනයක් ඇති රජයක්..

September 19, 2021 at 11:20 am | lanka C news
එල්ලුම්ගහ බැලීම ලොහාන්ගේ අයිතියක්.. සිදු වුනේ ගොඩක් හොද දෙයක්.. අපි විනයක් ඇති රජයක්..

ඩබ්.ඒ. සිල්වා මාවතේ සිට පාමංකඩ පාලම දක්වා මාර්ගය දෙපස රුක්රෝපණය කිරිමේ වැඩසටහනට එක්වෙමින් මහාමාර්ග ඇමති ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා මෙම අදහස් පල කලේය.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රට හදන සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව මාර්ග දෙපස පැල මිලියනයක් සිටුවන්න අපි මුලින් තීන්දු කෙරුවා. නමුත් අපි දැන් එය මිලියන දෙක දක්වා වැඩි කළා. කිලෝමීටර් ලක්ෂයේ මාර්ග සංවර්ධන වැඩ සටහන යටතේ සංවර්ධනය වන මාර්ග දෙපසත් මෙම හරිත සංකල්පය යටතේ පැල සිටවීමේ ව්‍යාපාරය පරිසරය රකිමින් මේ වන විට දියත් කරමින් සිටිනවා. අද අපි මෙම පාමංකඩ මාර්ගයේ පැල සිටුවිමේ ක්‍රියාදාමය පටන්ගත්තා. සමහරු මෙවැනි වැඩසටහන් දකින්න අකමැතියි. දැක්කත් නොදැක්කා වගේ ඉන්නවා. ඒ තමයි අපේ රටේ විපක්ෂය. ලංකාගම පාර හදනකොට කිව්වා සිංහරාජයේ ගස් සියල්ල කපනවා කියලා. ජනාධිපතිතුමාගේ උපදෙස් මත ආරම්භ කල සංවර්ධන ව්‍යාපෘතිවල දී වන විනාශයන් වෙනවාද කියා සියැසින් දැක ගන්න ජනාධිපතිතුමා ලංකාගමට ගියා. අද වෙද්දි එම මාර්ගයේ වැඩ අවසන් වෙලා තිබෙනවා . එම ප්‍රදේශයේ ජීවත් වන ජනතාවගේ යටිතල පහසුකම් දියුණු වෙලා තියෙනවා. අපේ රජය පරිසරයට හානිවන කිසිදු තීන්දු තීරණයක් ගන්නේ නෑ. පරිසරය ආරක්ෂා කරමින් මතු පරම්පරාවටත් මේ පරිසරයෙන් ප්‍රතිලාභ ලැබෙන පරිදි තමයි මෙම සංවර්ධනය අපි සිදු කරන්නේ. ඒ නිසා එදා විපක්ෂයේ කියපු දේවල් අද සම්පූර්ණයෙන් බොරු වෙලා තියෙනවා. විපක්ෂයේ ප්‍රධාන කාර්යභාරය කාලයෙන් කාලයට මත හදන එක තමයි.

විපක්ෂ නායකවරයා මැතිවරණයක් කැදවන ලෙස කල ඉල්ලීම පිළිබදව 

මැතිවරණයක් තිබ්බොත් හොදයි විපක්ෂ නායකවරයාගේ තත්ත්වය දැන ගැනීමට. ජනාධිපති මැතිවරණය ඉවර වූ පසු මැතිවරණ තියන්න එපා, නැවත පාර්ලිමේන්තුව රැස්කරන කියලා අභියෝග කරපු නායකයා තමයි මේ විපක්ෂ නායක් ප්‍රේමදාස මහත්තයා. ඔහු විපක්ෂනායකයවරයා ලෙස සිටින තාක්කල් අපේ රජයට හොදයි. ඒක නිසා අපේ රටේ ජනතාවට වර්තමාන රජය තියෙනතාක් සහ ප්‍රේමදාස මහත්තයා විපක්ෂනායක තනතුරේ සිටින තාක් කිසිම අවාසියක් වෙන්නේ නැහැ. ඒක නිසා ප්‍රේමදාස මහත්තයාගේ වචන නිකන් දේශපාලන වචන පමණයි. කිසිම තේරුමක් බරක් ඒ වචන වල අන්තර්ඝත වෙලා නැහැ.

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත මැතිතුමා එල්ලුම්ගහ බලන්න ගිය සිද්ධිය සහ ඔහුගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් 

මම හිතන්නේ බන්ධනාගාර රාජ්‍ය ඇමතිතුමා හැටියට එතුමාට එල්ලුම්ගහ බලන්න යන්න අයිතියක් තිබෙනවා. මේ විදිහට අමාත්‍යවරයකුගේ ඉල්ලා අස්වීමක් පලවෙනි වතාවට සිදු වුණා කියන එක වඩාත් නිවැරදියි. ලෝකයේ විවිධ රටවල් වල එහෙම වෙලා ඇති. එදා කිව්වේ වරදක් සිදු උනාම වෙනත් රටවල අය නම් ඉල්ලා අස්වෙනවා මෙහෙ අය එහෙම ඉල්ලා අස්වෙන්නේ නැහැ කියලා. දැන් ඉල්ලා අස් වුණහම කියනවා ඊටත් වඩා නීතිය ක්‍රියාත්මක කරන්න කියලා. ලොහාන් රත්වත්ත ඇමතිතුමාව ජනාධිපතිතුමා තමයි පත් කලේ. එතුමා වැරැද්දක් කරා කියලා මාධ්‍යය ප්‍රචාරය කලා. ඒ නිසා එතුමා ඉල්ලා අස් උනා. මේක ඉතාමත් හොඳ දෙයක්. එදා මහ බැංකුව කඩපු අය ඉල්ලා අස් වුණේ නැහැනේ. ප්‍රේමදාස මහත්තයා කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කළා කියලා එතුමා ඉල්ලා අස් වුණා ද. තමන්ගේ සේවකයෝ ගිහිල්ලා නෝනගේ සැලූන් එකේ වැඩ කෙරුවා කියලා ප්‍රේමදාස මහත්තයා අඩුම ගානෙ සමාවවත් ගත්තද? ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ රජයක් යටතේ මෙවැනි දෙයක් සිදු වුන එක ගොඩක් හොද දෙයක්. අපි විනයක් ඇති රජයක්.

එතුමන් තවදුරටත් රාජ්‍ය අමාත්‍යවරයෙක් නේද ?

එතුමා මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත මැතිතුමාට අපරාධ චෝදනාවක් එල්ල වෙනවා නේද ?

මුලින්ම ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කළ යුතුයි. එකපාරට අපිට ඒ ගැන කියන්න බැහැ. එතුමන් ඉල්ලා අස්වෙන්නේ නැතුව, ගෝඨාභය ජනාධිපතිතුමන් එතුමාට ඉල්ලා අස්වෙන්න එපා කියලා කිව්වා නම් මොකක්ද අද තියෙන තත්වය. මේ වන විට ඒ සිද්ධිය සම්බන්ධයෙන් රජයේ පාර්ශවයෙන් පරීක්ෂණයක් සිදු කරගෙන යනවා ඒ පර්යේෂණයේ වාර්තා එනකන් ඉන්න වෙනවා. පරීක්ෂණ වාර්තා වලට කලින් මම මතයක් ප්‍රකාශ කරනවා නම් ඒක වැරදියි. මම එතන හිටියෙ නැහැ. ඒ නිසා මම දන්නේ නැහැ එතන එහෙම සිද්ධියක් සිදු වුනාද නැද්ද කියලා. නමුත් එතුමා ඉල්ලා අස් වුණා, ඒක හොඳ දෙයක්. මම විශ්වාස කරන්නේ මේ ප්‍රවණතාවය හොඳයි කියලා.

අපේ රටට මානව හිමිකම් පිළිබදව ප්‍රශ්න තියෙන වෙලාවේ ලොහාන් රත්වත්තේ මැතිතුමාගේ මේ ක්‍රියාකලාපය කොහොමද රටට බලපාන්නේ 

මානව හිමිකම් ප්‍රශ්න අද විතරක් තිබුන දෙයක් නෙවෙයි.ඒවා මේ රටට හැමදාම තිබුණා. අපේ රජයට මේ මානව හිමිකම් ප්‍රශ්න එදා ප්‍රභාකරන්ව මරපු දවසේ ඉඳලා තිබෙනවා. ඒක අලුත් දෙයක් නෙවෙයි. දැන් මේ ගැටලුව මානව හිමිකම් වලට ගෙනිහින් තියෙනවා. අපි ඒ ප්‍රශ්නයටත් මුහුණ දෙමු.

පහුගිය මැතිවරණය ජයග්‍රහණය කිරීමට ඔබතුමන්ලාට පාස්කු ප්‍රහාරය පිටුවහලක් වුණා කියලා කියනවා. නැවතත් එවැනිම ප්‍රහාරයක් එල්ල වෙන්න යනවා කියලා වාර්තා වෙනවා. ජාතික ආරක්ෂාව සම්බන්දව දැන් බයක් දැනෙනවා නේද 

ඒක අමූලික බොරුවක්. ජාතික ආරක්ෂාව කිසිසේත්ම බිල්ලට දෙන්නේ නැති ආණ්ඩුවක් තමයි අපේ රජය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා පත් වුණ ගමන් මේ රටේ ජාතික ආරක්ෂාව තහවුරු වුණා. මොන සැලසුම් කවුරු කරන්න හැදුවත් ඒකට කිසිසේත්ම ඉඩ දෙන්නේ නැහැ. අපිට වඩා දියුණු නවසීලන්තයේ මොකක්ද සිද්ද වුනේ. ශ්‍රී ලංකාවෙන් ගිය පුද්ගලයෙක් ත්‍රස්තවාදී කටයුතු වලට මුල් උනා. පසුගිය යහපාලන රජය වගේ අපේ රජය රටේ ජාතික ආරක්ෂාව බිල්ලට දෙන්න සූදානම් නැහැ. මේ රටේ ජනතාව බිල්ලට දෙන්නේ අපි සූදානම් නැහැ. අපි මේ දේවල් ගැන හොයා බලනවා. රටේ ආරක්ෂාව තහවුරු කරගෙන ඉන්නේ. රාජ්‍ය ආරක්ෂාවට තර්ජනය වන කිසිම දෙයක් සිදු වන්න අපි ඉඩ තියන්නේ නැහැ. ඒක ඉතාමත් වගකීමෙන් කියනවා.

ඔබතුමන්ලාගේ රජයෙන් සහන ලබා දෙනවා කිව්වත් තවම කිසිම සහනයක් ජනතාවට ලැබිලා නැහැ නේද

මේ අවුරුදු එකහමාර තුල මුළු ලෝකයම කොවිඩ් ව්‍යසනයට මුහුණ දීලයි තිබුනේ. ප්‍රශ්න ඇති වුණාම ජනතාවට අපි මුදල් වලින් මුදල් වලින් ආධාර ලබා දුන්නා. රටේ සංවර්ධන කටයුතු නොකඩවා සිදු කරගෙන යනවා. සමෘද්ධිලාභීන්ට අඛණ්ඩව සහන ලබා දී ගෙන යනවා. රටේ ජනතාවක් හැටියට අපි කල්පනා කරන්න ඕනේ මේ ආණ්ඩුව මේ විදිහට හරි ආර්ථිකය රැකගෙන, රටේ ජනතාවත් රැකගෙන යන එක ලොකු දෙයක් කියලා. පහුගිය යහපාලන ආණ්ඩුව තිබුණා නම් අද මේ රට කනත්තක් වෙලා ඉවරයි. දියුණු වෙලා තිබුණ රටේ ආර්ථිකය විනාශ කරපු, මිනිස්සුන්ව නිකරුනේ මැරෙන්න ඉඩ ඇරපු ආණ්ඩුවක් තමයි පසුගිය යහපාලන ආණ්ඩුව. විපක්ෂය විවිධ දේවල් කියයි. නමුත් අපේ ආණ්ඩුව පොරොන්දු උන සියල්ල ඉටු කරනවා. මේ ව්‍යසනයෙන් අපි බේරෙන්න අවශ්‍ය සැලසුම් මේ වෙද්දී සකස් කරලා අවසන්. එන්නත්කරණ වැඩසටහනේදී ලෝකයේ ඉතාමත් විශිෂ්ට රටක් බවට අද අපේ රට පරිවර්තනය වෙලා තියෙනවා. අඩුපාඩුකම් අපෙන් සිදුවෙන්න ඇති. මෙවැනි ව්‍යවසනයක් අපේ රටට අලුත් දෙයක්. ඒක අපි පිළිගන්නට ඕනැ. ඒ නිසා අපි ජනතාවට කියනවා මේ රටේ ආර්ථිකය අනිවාර්යෙන් අපි දියුණු කරනවා කියලා. මොන මොන ගැටළු ආවත් ඒවට විසඳුම් අපි ළඟ තියෙනවා.

වරාය වැනි ජාතික සම්පත් නැවත් විකුණන්න යනවා කියලා ආණ්ඩුවට චෝදනා එල්ල වෙනවා 

කිසිම ජාතික සම්පතක් විකුණන්නේ නැහැ. ඒක අමූලික බොරුවක්. මමත් වරාය ඇමතිවරයා හැටියට හිටියා ඒක ආයෝජනයක්. ආයෝජකයන් මේ රටට පැමිණිය යුතුයි. එහෙම නොවී කොහොමද රටක් දියුනු කරන්නෙ. ආයෝජකයො ඇවිල්ලා ආයෝජනය කරද්දි කියනවා රටේ සම්පත් විකුණනවා කියලා. මේ හැම අතින්ම බලන්නේ මොනවහරි කියන්න. ඒකට අපි ඉඩ දෙන්නේ නෑ. ඔවුන් කොවිඩ් ප්‍රශ්නය තියෙන නිසා පොඩ්ඩක් දගලනවා. කොවිඩ් ප්‍රශ්නෙ විසඳුනාම එයාලගේ දේශපාලනය විනාශ වෙනවා.

වෛද්‍ය සංගම් කියනවා ඇඳිරි නීති කාලය තව තවත් දීර්ඝ කළ යුතුයි කියලා ?

මම වෛද්‍යවරයෙක් නෙමෙයි. මගේ මතය වැඩක් නැහැ ඇඳිරි නීතිය දීර්ඝ කරන්න. ජනාධිපතිතුමා වෛද්‍යවරුන් සහ විවිධ ක්ෂේත්‍ර වල නියුතු අය කියන දේවල් අහලා නිවැරදි තීන්දු තිරණ ගන්නවා. හැට නව ලක්ෂයක් ජනතාව එතුමන්ට ඡන්දය දුන්නේ නිවැරදි තීන්දු තීරණ ගන්න.

අද ආණ්ඩුවට සල්ලි ප්‍රශ්නයක් තියෙනවා ද

අණ්ඩුවට සල්ලි තියෙනවා. එහෙම නැත්නම් කොහොමද ගෙදර සිට වැඩ කරන රාජ්‍ය සේවකයාගේ පඩිය ගෙවන්නේ. සල්ලි නැතිව තිබුණේ පසුගිය යහපාලන ආණ්ඩුවටයි. අපි බංකොලොත් වෙන්නේ නැහැ. අපි අදටත් රාජ්‍ය සේවකයාට නිසි දිනට පඩි ගෙවනවා. අපි ලග නාස්ති කරන්න සල්ලි නැහැ. අපි කවුරුත් දන්නවා මේ වෙලාවේ අපේ ආදායම් අඩු මට්ටමක තියෙන්නෙ කියලා. ඒ නමුත් ආණ්ඩුව බංකොලොත් වෙලා නැහැ.

මාධ්‍ය ඒකකය
මහාමාර්ග අමාත්‍යාංශය

22,763 views

22 Comments to “එල්ලුම්ගහ බැලීම ලොහාන්ගේ අයිතියක්.. සිදු වුනේ ගොඩක් හොද දෙයක්.. අපි විනයක් ඇති රජයක්..”

  1. ranjan says:

    pohottuwa gedara yawana pradhana kasakaraya.ohoma yaman puthe umbala wageewun nisa wiruwath gedara yanawa. thawa tikayi.

  2. assanga says:

    THis bastard do not know the history.
    THe very first to resign was late great of the great Dadly Senanayaka.. when under his governmnet a person die with police firing.
    SEcondry, Late Gamini Jayasooriya, and MDH Jayawardena , they did not agree wityh JR
    Thirdly Lalith and Gamini.
    Not this bloody marderer like Ratwatte
    Bloody bastered Jonstron keep your bloody mounth shut

  3. පොහොට්ටුවට කැස්ස මෝඩ බයියා says:

    තැබෑරුම් කාරයෙක් ගැන මොනව ලියන්නද

  4. Rabok says:

    ekama walle pol –

  5. Patriot says:

    These minsters have no political discipline so every time they open their mouths they say make foolish remarks . Keep your mouth shut after all your buddy Rattwathe has behave like a lunatic. Tell him to go home. Tell this to Basil plus Mahinda after all they are the one who keeping and covering their stupid actions.

  6. Gamaya says:

    මුන් වගේ එවුන්ට චන්දෙ දුන්න එවුන්ට තමඊ ගහන්න ඕනේ. උන් තමඊ මුළු රටම විනාස කෙරුවේ මේ වගේ කාලකන්නි ගෙනල්ලා.

  7. යකා says:

    ඔහොම යනකොට බලන්න නෙවෙයි යන්නත් අයිතිය ලැබෙයි

  8. Gon athal says:

    Thawa tikak hitapan…we will kick you all out.. very soon.. 🤣🤣🤣😂😂😂

  9. Sampath says:

    අපි බීල පරේ ගියොත් පොලීසියෙන් arrest කරන්නෙ පරීක්ෂන වලින් පස්සෙද?මේවා ගොන්කමට කියන කතා

  10. ගෞම් ඊයාරාජ් says:

    ඔව් බන් ජොනී උබට ඔය වගේ ගොං කතා කියන්නත් අයිතියක් තියෙනවා , උබගේ ඕඩ්යන්ස් එක , ඒ කියන්නේ පහලම ස්ථරයේ ඉන්න පුන්නක්කු බෛයො ටිකටත් , උබ කියන ගොං කතා අහලා , ඉහට උඩින් එව්වා විශ්වාශ කරන්නත් අයිතියක් තියෙනවා. ඔහොම යං පුටා , තව අවුරුදු තුනක් තියනවා ඔය ආතල් ගන්න.

Main News