එල්වළු ඉල්ලුමට සැපයුම දෙන්න බෑ.. වගා පාළුයි.. මිල අධිකව වැඩිවේවි..- නුවරඑලියෙන් පණිවුඩයක්..

November 19, 2021 at 5:30 pm | lanka C news
එල්වළු ඉල්ලුමට සැපයුම දෙන්න බෑ.. වගා පාළුයි.. මිල අධිකව වැඩිවේවි..- නුවරඑලියෙන් පණිවුඩයක්..

එළඹෙන නත්තල් උත්සව සමයේ වෙලදපොලේ ඉල්ලුමට සරිලන එලවළු සැපයුමක් වෙලදපොලට ලබාදිමට නොහැකි විම හමුවේ නත්තල් සමයේ එලවළු මිල දැනට පවතින මිලට වඩා අධික ලෙස ඉහල යා හැකි බවත්, නුවරඑලියේ වගා කරන ඇතැම් එලවළු වර්ග වෙලදපොලේ දක්නට පවා නොලැබෙන තත්ත්වයක් උද්ගත වන බව නුවරඑලිය එලවළු ගොවින් කියා සිටියි.

එළඹෙන උත්සව සමය ඉලක්ක කර ගනිමින් කැරට්,ගෝවා,ලික්ස්,අර්තාපල්, සලාද ඇතුළු එලවළු වර්ග කිහිපයක් මේ වන විට වගා කර ඇති බවත්, රසායනික පොහොර සහ කෘෂි රසායනික එලවළු වගාවට එක් නොකිරිම තුල එලවළු වගාවේ අස්වැන්න ඉතිහාසයේ කවරදාකවත් නොවු ආකාරයෙන් අඩු වි ඇති බවත්, රෝපණය කල ඇතැම් එලවළු වර්ග විනාශ වි ඇති බවයි නුවරඑලිය ගොවින් කියා සිටින්නේ.

තම එලවළු වගා ගොවිපොලවල් වල දිනකට කම්කරුවන් විශාල පිරිසක් සේවය කල බවත්, මේ වන විට ඔහුන්ගේ රැකියාද අහිමි වි තමන්ටද එලවළු වගාව අත්හැර වෙනත් රැකියාවක නිරත විමට සිදු වි ඇති බවද එම එලවළු වගා ගොවින් කියා සිටියි.

පවත්නා තත්ත්වය මත නුවරඑලිය ප්‍රදේශයේ එලවළු වගා ගොවින් කිහිප දෙනෙකු මේ වන විට එලවළු වගාවෙන් ඉවත් වි ඇති බවද ඔහුන් කියා සිටියි.

– හැටන් රංජිත් රාජපක්ෂ

13,030 views

5 Comments to “එල්වළු ඉල්ලුමට සැපයුම දෙන්න බෑ.. වගා පාළුයි.. මිල අධිකව වැඩිවේවි..- නුවරඑලියෙන් පණිවුඩයක්..”

  1. dev says:

    hama ekama kiyanne baa, naa, wasa diyaw kiyala apita

    wasa illana ratak loke kohewath natuwa athi. labeta wasa hari deela anagata paramparawa marila giyath unta ganak naa

  2. sam says:

    Me goviyan anatha wela inna welaweth gaha gannawa kiyanne shashindra ese mese horek wenna ba.

  3. sunimal says:

    ඉක්මන් කොටයි කියන්නේ මේ කට තමා.

  4. Darshana abayakoon says:

    එළවලු කෑවෙ නෑ කියල මැරෙන් නෑ නෙ. එළවලු ගොවියට හොදම මිලක් හම්බෙලා තියෙන්නේ අතිගරු ජනාදිපතිතුමාගේ දූරදර්ශී නායකත්වය නිසා.

  5. Kalu Albot says:

    Kaapalaa Gomost pohora!!

Leave a Comment

Main News