එස්.එම්.- දුමින්ද ස්වයං නිරෝධායනය වන්නැයි දන්වයි.. ඔවුන් රාජාංගන ආසාදිතයාගේ ආශ්‍රිතයන්..
July 17, 2020 at 12:00 pm | lanka C news
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මෙවර අනුරාධපුර දිස්ත්‍රික්ක සඳහා තරග වදින ඇමති එස් එම් චන්ද්‍රසේන සහ හිටපු මන්ත්‍රී දුමින්ද දිසානායකට ස්වයං නිරෝධායනය වීම සඳහා දැනුම් දී ඇති බව සතිඅන්ත පුවත්පතක් වාර්තා කරයි.
ඔවුන් දෙදෙනා රාජාංගනයේ මුල්ම කොරෝනා ආසාදිතයා සභාගීවූ අවමංගල්‍ය උත්සවයකට සහභාගි වීම හේතුවෙන් නිරෝධායනය වීමට උපදෙස් දී ඇතැයි සඳහන්ය.
කෙසේ නමුත් එම උපදෙස් මඟ හරිමින් ඔවුන් දෙදෙනාම මැතිවරණ කටයුතුවල නියැලෙමින් සිටින බවත් එම වාර්තාව තවදුරටත් සඳහන් කරයි.
මේ වන විට එම අවමංගල්‍ය උත්සවයට සහභාගි වූ විශාල පිරිසක් වන ස්වයං නිරෝධායනයට යොමු කර තිබේ.