එස්.බී., ඩිලාන්, දයාසිරි, තිලංගට විරෝධය.. 16 කණ්ඩායමේ සෙසු මන්ත‍්‍රීන්ගෙන් නිවේදනයක්.. 16ට අපහාස නොකර ‘හතරේ කණ්ඩායම’ කියා නම් කරගන්න යයි දන්වති..

July 13, 2018 at 10:40 am | lanka C news
එස්.බී., ඩිලාන්, දයාසිරි, තිලංගට විරෝධය.. 16 කණ්ඩායමේ සෙසු මන්ත‍්‍රීන්ගෙන් නිවේදනයක්.. 16ට අපහාස නොකර ‘හතරේ කණ්ඩායම’ කියා නම් කරගන්න යයි දන්වති..

ආණ්ඩුවෙන් ඉවත්ව විපක්‍ෂයට එක් වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ 16 දෙනාගේ සාමූහික එකගතාවයකින් තොරව විවිධ ප‍්‍රකාශ කිරීම සම්බන්ධයෙන් එම කණ්ඩායමේ 12 දෙනෙකු දැඩි නොසතුටට පත්ව සිටින බව වාර්තා වෙයි.

එස්.බී. දිසානායක, ඩිලාන් පෙරේරා, දයාසිරි ජයසේකර, තිලංග සුමතිපාල යන මන්ත‍්‍රිවරුන් සිවු දෙනා විසින් 16 දෙනාගේ මතය යයි පල කරන අදහස් එකගතාවයකින් තොරව පල කරන අදහස් බවද සෙසු 12 දෙනා සදහන් කරති.

එක් මන්ත‍්‍රිවරයෙකු සදහන් කලේ මෙම සිවු දෙනාගේ ප‍්‍රකාශයන්ට එරෙහිව කරුණු සහිත විධිමත් මාධ්‍ය නිවේදනයක් ඉතා ඉක්මනින්ම නිකුත් කරන බවයි.

ඊයේ දිනයේ පවත්වන ලද මාධ්‍ය හමුවෙන් පසුව මේ සම්බන්ධයෙන් දැඩිව සාකච්චා කරන බවත් සදහන් කල එම මන්ත‍්‍රීවරයා එකී සිවු දෙනාට උවමනා නම් හතර දෙනාගේ කණ්ඩායම හෝ ගැලපෙන වෙනත් නමක් යොදා ගැනීමේ වරදක් නැති බවද සදහන් කලේය.

55 views
Main News