එස් බී, ඩිලාන්, විජිතමුණි, ලක්ෂ්මන් යාපා, ෆවුසිගේ ශ‍්‍රීලනිප සාමාජිකත්වය තහනම් කරයි..

September 14, 2019 at 12:00 pm | lanka C news
එස් බී, ඩිලාන්, විජිතමුණි, ලක්ෂ්මන් යාපා, ෆවුසිගේ ශ‍්‍රීලනිප සාමාජිකත්වය තහනම් කරයි..

එස් බී දිසානායක, ඩිලාන් පෙරේරා, විජිත් විජිතමුණි සොයිසා, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, ඒ එච් එම් ෆවුසි යන ජාතික ලයිස්තු මන්ත්‍රීවරුන්ගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමට කටයුතු කරනු ඇති බව එම පක්ෂ ආරංචි මාර්ග වාර්තා කරයි.

සාමාජිකත්වය තහනම් කිරීමෙන් පසුව ඔවුන්ට චෝදනා පත්‍ර ඉදිරිපත් කරනු ඇතැයිද වාර්තා වෙයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය දරමින් වෙනත් පක්‍ෂ ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් මෙම පිරිසට චෝදනා කරමින් විනය පරීක්ෂණ කැඳවනු ලැබීය.

දැනටමත් එම පිරිස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දරන ලද තනතුරු වලින් ඉවත් කර තිබේ.

59 views

7 Comments to “එස් බී, ඩිලාන්, විජිතමුණි, ලක්ෂ්මන් යාපා, ෆවුසිගේ ශ‍්‍රීලනිප සාමාජිකත්වය තහනම් කරයි..”

  1. john the baptice says:

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 2015 ජනවාරි 8 විනාසයි

  2. රටට හිතවත් says:

    ශ්‍රී ලංකා එකේ මේ වගේ ගොන් තීරණ ගන්න මේ ගොන් රෑන කරන්නේ, තවමත් පක්ෂය ගැන විශ්වාස ඇතුව රැඳිලා ඉන්න සීමිත පාක්ෂිකයෝ ටිකත් ජනාධිපතිවරණය ප්‍රකාශ කරන්න කලින් කොහොමහරි ගෝටාභය ලඟට තල්ලු කරන එකයි! හොඳයි..බොහොම හොඳයි… එතකොට මුන්ට පුළුවන්නේ ශ්‍රී ලංකා එකේ අවසානෙත් ලියාගෙන, (විස්කි නෝනා විතරක් ඉතුරුකරලා) දොර අගුලු ටිකත් දාගෙනම එක්කෝ ගෙදර යන්න නැත්නම් පොහොට්ටුව ලඟට එන්න!

  3. ඩී.ජේ. ධර්මපාල - කෝට්ටේ says:

    2014 දී ආප්ප කාලා ගෙදර ගිහින් පසුවදා නිදහස් පක්ෂ අපේක්ෂකයාට විරුද්ධව එජාපය සමඟ එක්වී ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ සිරිසේනගේ සාමාජිකත්වය තහනම් කරන්නේ කවදා ද?

    • Ex SLFP says:

      මා දන්නා පරිදි මෝඩපාල ආප්ප කා පක්ෂය පාවා දී හංසයාගෙන් ඡන්දය ඉල්ලන්නට ගිය අවස්ථාවේදී ශ්‍රීලනිප ව්‍යවස්ථාවට අනුව ක්ෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් මෝඩපාලගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කළා. හැබැයි ජනාධිපති වූ පසු මහින්දට නොයෙක් තරජන ගර්ජන කර පක්ෂයේ සභාපතිත්වය ජනපති බලය පෙන්වා ලබා ගත් විට මහින්ද අත හැර මෝඩපාල පසුපස ගිය ක්ෘ. ම. විසින් කිසිදු හිරිකිතයක් නොමැතිව, සාමාජිකත්වයත් අහෝසි කළ මෝඩපාලට පක්ෂ සභාපතිත්වය වරදානය කළා. එතැන් පටන් ශ්‍රිපලනිපය යුඇන්පිය ලවා අපයෝජනය කර විනාශ කළා. දැං කුමන්ත්‍රනකරුවන්, අපයෝජකයන් කිහිපයකුත් බෝඩ් ලෑල්ලකුත් හැර කිසිවක් නැත.

    • Critic says:

      Actually it’s a very good question to be ask.

  4. මැකා says:

    එතකොට හංසයා පක්ශය ප්‍රවර්ධනය කරපු එකාට මොකද කරන්නෙ.

  5. Nandasoma Suriyaarachchi says:

    එතකොට හංසයා පක්ශය ප්‍රවර්ධනය කරපු එකාට මොකද කරන්නෙ.?

    ඉසලේලාම ඌට විරුද්ධව විනය පියවර ගත යුතුයි….!

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 2015 ජනවාරි 8 විනාසයි

    ඒ විනාශයට සෘජුවම වගකිව යුත්තේ මෛත්‍රීපාල සිරිසේනයි…..!!

    දැන් පොහොට්ටුවත් විනාශ කරල දාන්නයි මුන් කොන්දේසි දාන්නෙ…..!!!

Main News