එස් 14 දුම්රිය ලංකාවට – උඩරට ධාවනයට ළඟදීම….

August 14, 2019 at 2:08 am | lanka C news
එස් 14 දුම්රිය ලංකාවට – උඩරට ධාවනයට ළඟදීම….

චීනයෙන් ආනයනය කළ අති නවීන එස් – 14 බලවේග කට්ටල දුම්රිය (13) කොළඹ වරායෙන් ගොඩබෑවේය. උඩරට මාර්ගයේ ධාවනයට විශේෂයෙන්ම සැකසූ මෙම බලවේග දුම්රිය කට්ටලයක වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 10. 3කි. එනම් රුපියල් මිලියන 1839.5කි. එවැනි බලවේග කට්ටල නවයක් ලංකාවට ගෙන එයි.

අති නවීන එස් – 14 බලවේග කට්ටලයක එංජින් දෙකක් ඇත. වායුසමනය කළ මැදිරි දෙකකින්ද දෙවැනි පංතියේ මැදිරි දෙකකින්ද තුන්වැනි පංතියේ මැදිරි තුනකින්ද එය සමන්විත වෙයි. භෝජන මැදිරියක්ද ඒ අතරේ ඇත. ඉදිරි දින කිහිපයේදී මෙම බලවේග කට්ටලය පරීක්ෂණ ධාවනයට යොමු කිරීමෙන් පසුව උඩරට දුම්රිය මාර්ගයේ ධාවනයට යොදවන බව දුම්රිය සාමාන්‍යධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා පවසයි.

උඩරට දුම්රිය මාර්ගයේ දිගු මැදිරි සහිත දුම්රිය හෝ බලවේග කට්ටල ධාවනය කිරීම පහසු නොවන්නේ එම මාර්ගය බෑවුම් සහිත සහ වංගු සහිත වීම නිසාය. මේ හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය කිරීමේදී දුම්රිය හිඟයකට දුම්රිය දෙපාර්තමේන්තුව මුහුණ දී සිටී. ඊට පිළියමක් වශයෙන් එම මාර්ගයේ ධාවන කළ හැකි බලවේග කට්ටල නවයක් චීනයෙන් ආනයනය කිරීමට ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් කටයුතු කෙරිණ. මෙරටට ගොඩබෑවේ එයින් එක් කට්ටලයකි. ඉතිරි අට ඉදිරි දින කිහිපයේදී ලංකාවට රැගෙන ඒමට නියමිතව තිබේ. එම බලවේග කට්ටල අතර වායු සමනය කළ මැදිරි හතරකින් යුක්ත බලවේග කට්ටල තුනක්ද වෙයි. එම බලවේග කට්ටල යොදා ගනිමින් නගරාන්තර දුම්රිය සේවාවක් ආරම්භක කිරීමටද දුම්රිය දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි.

– තමීර මංජු

18,707 Viewers

2 Comments to “එස් 14 දුම්රිය ලංකාවට – උඩරට ධාවනයට ළඟදීම….”

  1. සෝමෙ says:

    එජාපය රටට කිසිදු වැඩක් නොකලේය. රටට පසුගිය කාලය පුරා ලබාදී ඇති ජයග්‍රහණ කිසිවක් කළු සල්ලි සුදුකරන හා කුඩු සල්ලිවලින් දුවන නාලිකා විකාශය නොකලෝය. වහල්ලු මොනවා කලත් මොනවා දුන්නත් රටකෑවෝ කියනවා හැර කියන්නට දෙයක් දන්නේ නැත. මහාලොකු දේශ⁣ප්‍රේමි හැත්ත සින්නක්කරව චීනයට විකිණූ හමුදා මූලස්ථානය (ශ්‍රැන්ගිලා හෝටලය) රටට නැවත අයිතිකර දුන්නේ මේ ආණ්ඩුවයි. පෝර්ට්සිටියේ චීනයට සින්නක්කර ලබාදුන් ඉඩම් රටට පවරාගත්තේද මේ ආණ්ඩුවයි. හැබැයි වහලුන්ට අනුව පසුගිය රජය දේශප්‍රේමී ය. මේ රජය දෙශ ද්‍රෝහීය.

    • 77 UNP says:

      යමපාලන මැට්ටන්ට යම පාලකයෝ මොනවා හෝ සොච්චම් දෙයක් හෝ කලොත් ඒක කප්පරකි. මුළු ලෝකෙන්ම වටිනා වරාය 10 න් එකක්වන හම්බන්තොට ජාතියට අහිමිකිරීමේ මහා දේශද්‍රෝහී ක්‍රියාව මොනදේ කලත් සමනය කළනොහැකි අපරාදයකි. මහබැංකුව රනිල් ඇතුළු නඩේම එකතුවෙලා කොල්ලකෑම නිසා රටේ ආර්ථිකයට සිදුවූ විනාශය යමපාලන වහලුන්ට නොපෙනේ. අප්‍රේල් 21 බෝම්බ ඉබේ පිපුරුණා නොවේ, රනිල් ප්‍රමුඛ කාලකන්ණි සහ උන්ගේ ඕනෑකමට කටයුතුකරණ පොලිසිය දැනුවත්ව පුපුරවන ලද බෝම්බයකි. අරමුණ රටේ මහා මරාගැනිල්ලක් ඇතිකර සදහටම බලයේ සිටීමයි. ඒනිසා රටේම ජනතාව අනාරක්‍ෂිතව බලා සිටියත් රනිල්ටත් උගේ බත් බැලයන්ටත් වගේ වගක් නැත. ඩොලර් මිලියන් 10.3 x 9 = USD 92.7 කින් මේ පාදඩ ක්‍රියා වලින් 1% ක් වත් සමනය කල නොහැකිය. ඒවාට චූන් වෙන්නේ යහපාලන මැට්ටන් පමණි.

Leave a Comment

Main News