එහෙ මෙහෙ ඉන්න හාදයන්, තමන්ගේ යාළුවන් කැඳවලා ආරක්‍ෂක කවුන්සිලයට විහිළුවක් බවට පත් කරලා..- එජාප පසුපෙලින් ජනපතිට බරපතල චෝදනාවක්..

May 1, 2019 at 3:00 pm | lanka C news
එහෙ මෙහෙ ඉන්න හාදයන්, තමන්ගේ යාළුවන් කැඳවලා ආරක්‍ෂක කවුන්සිලයට විහිළුවක් බවට පත් කරලා..- එජාප පසුපෙලින් ජනපතිට බරපතල චෝදනාවක්..

ආරක්ෂක කවුන්සිලයට අදාල නැති පුද්ගලයන්ද කැඳවා එය විහිළුවක් බවට පත් කර ඇති බව එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම චෝදනා කරයි.

අරලියගහ මන්දිරයේ දී පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා කියා සිටියේ දයාසිරි ජයසේකර, ෆයිසර් මුස්තෆා, තිලංග සුමතිපාල වැනි විපක්ෂ මන්ත්‍රීවරුන් මෙම ආරක්ෂක කවුන්සිලයට කැඳවා ඇති බවයි.

ආරක්ෂක කවුන්සලයේ කතා කරන දේවල් මෙම පිරිස විසින් තැන තැන පාටි දාන අවස්ථාවන්හිදී කතා කරන බවට ද තමන්ට තොරතුරු ඇතැයි ඔහු සඳහන් කළේය.

ආරක්ෂක කවුන්සිලය යනු බොහෝ රහසිගත වැදගත් ස්ථානයක් බවත් එවන් සාකච්ඡාවට එහෙ මෙහෙ ඉන්න හාදයන් හෝ තමන්ගේ යාළුවන් කැඳවා ගෙන එය විහිළුවක් බවට පත් කර ඇතැයි ද ඔහු සඳහන් කළේය.

හෙට අනිද්දාට ආරක්ෂක කවුන්සිලයට නාමල් කුමාරටත් කැඳවනු ඇති බවට ද ඔහු චෝදනා කළේය.

34 views

7 Comments to “එහෙ මෙහෙ ඉන්න හාදයන්, තමන්ගේ යාළුවන් කැඳවලා ආරක්‍ෂක කවුන්සිලයට විහිළුවක් බවට පත් කරලා..- එජාප පසුපෙලින් ජනපතිට බරපතල චෝදනාවක්..”

  1. Dp says:

    තොපිත් ජෝකර්ලා තමයි

    • ගන්ජ බන්ඩා says:

      කොටි සමග යුද්දෙ කරන කොට තොප්පිගල කැලයක් කියපු එකා අගමැති කරගන ඕනා ගොනාල ඇමටිලා කරගත් රටේ මොකා ආරක්ෂක කවුන්සලයට අරන් ගියත් ප්‍රශ්ණයක් නැහැ.

  2. one shot says:

    රෑ එලිවෙන කම් සූදු කෙලින්න නැතිවයින් නලින් බණ්ඩට අප්සෙට්.

  3. Vasana says:

    මුන් තමා අපේ රට නැතිකළ රාජද්‍රෝහී කලු සුද්දෝ රැල ඉක්මනින් පන්නා හරිමු

  4. charles says:

    Your president and prime minister. Both of them have no spine. This incident happened after few years of negligence.

  5. Ranga Priyadarshana says:

    පාර්ලිමේන්තුවටත් ජෝකර්ලා රිංගලා ඒකත් කෝලං මඩුවක් වෙලා තියෙන එකේ ඕක මොකක්ද

  6. don katugampala says:

    mun arjunage amathi kamata kela halanne.

Main News