එළවළු තොග මිල ඉහලට…

August 11, 2022 at 6:20 pm | lanka C news
එළවළු තොග මිල ඉහලට…

එළවළු ගොවියාට අවශ්‍යය රසායනික පොහොර ,කෘෂි රසායනික ද්‍රව්‍යය සහ ඉන්ධන නිසි පරිදි තවමත් නොලැබිම හමුවේ එළවළු ගොවියා පිඩාවට පත් වි ඇති බවත් , එවැනි තත්වයක් මත දේශිය වෙළදපොලේ එළවළු මිලයලිත්ඉහල ගොස් ඇති බව සමස්ථ ලංකා ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසිය.

නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේදි මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක්කරමින් අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා ඒ බැව් පැවසිය.

නුවරඑළිය ප්‍රදේශයේ මේ වන විට වියලි කාළගුණ තත්වයක් පවතින බවත් , ඒ අනුව එළවළු ගොවියාට ගොවිපලට වතුර ඉසිම සදහා එම මෝටරයට අවශ්‍යය ඉන්ධන භුලි වලට ලබා දිම සිදු කල යුතු බවත් , නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයට එළවළු ගොවිපලේ සිට  එළවළු ප්‍රවාහනය කරන ලොරි රථ වලට අවශ්‍යය ඉන්ධන නොලැබිම හමුවේ ආර්ථික මධ්‍යස්ථානයට  එළවළු කොග ලැබිමේ අඩුවක් පවතින නිසා එළවළු මිලද ඉහල ගොස් ඇති බවයි ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති වරයා කියා සිටියේ.

ආර්ථික මධ්‍යස්ථාන වෙත එළවළු තොග අඩුවෙන් ලැබිම හමුවේ දේශිය වෙළදපොලේ මාළු මිරිස් කිලොවක් රු 720 , කැරට් රු 320 , ගෝවා රු 280 , ලික්ස් රු 200 , බෝන්චි රු 520 ,කරවිල රු 440 , මල්ගොවා රු 440 , පතෝල රු 320 , වැටකොලු රු 280 , බන්ඩක්කා රු 280 , නුවරඑළිය අල රු 400 , අමු මිරිස් රු 700 , නෝකෝල් රු 240 , නයි මිරිස් රු 2000 වැනි සිල්ලර මිලකට කිලෝවක් මේ දින වල වෙළදපොලේ අලෙවි කෙරේ.

14,898 views

One Comment to “එළවළු තොග මිල ඉහලට…”

  1. S, Vitharana says:

    වසන්තයි ලහිරුයි දෙන්නට කියන්න ඕන ලාභෙට එලවලු වවල මාර්කට් එකට දමන්න කියල.

Main News