එළවළු මිලත් ඉහලට..

December 29, 2016 at 12:40 pm | lanka C news
එළවළු මිලත් ඉහලට..

ඉදිරි දින කිහිපය ඇතුලත වෙළෙදපොළේ එළවලු මිල ගණන් විශාල වශයෙන් ඉහලයාමට ඉඩ ඇති බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙද සංගමයේ සභාපති යූ.ආර් දයා නන්දසිරි මහතා පවසයි.

මේ දිනවල වැඩි වශයෙන් එළවලූ තොග ලැබීම නිසා මේ දිනවල මිල පහළ ගොස් තිබුණද දැන් දැන් එලවළු තොග ලැබීම අඩුවෙමින් ඇති බවද ඔහු පැවසීයි.

මෙනිසා ඉදිරියේදී එළවළු වර්ග කීපයක් හැරුණු විට බොහෝ එළවළු වර්ගවල මිල ඉහල යමින් ඇතැයිද ඔහු වැඩි දුරටත් සදහන් කරයි.

23 views
Main News