එළවළු වෙළඳසැල් රැසක් වැසේ.. එළවළු කරත්තකරුවෝ ජංගම සේවා නවතා පොල් කඩන්න යයි..

November 22, 2021 at 4:40 pm | lanka C news
එළවළු වෙළඳසැල් රැසක් වැසේ.. එළවළු කරත්තකරුවෝ ජංගම සේවා නවතා පොල් කඩන්න යයි..

බස්නාහිර පළාතේ අවසන් නගරය වන අලුත්ගම මෙන්ම දකුණු පළාතේ ආරම්භක නගරය වන බෙන්තොට ද එළවළු වෙළඳ සැල් 80% පමණ මේ වන විට වසා දැමීමට සිදුව ඇතැයි වෙළඳුන් පවසයි .

අහස උසට නැග ඇති එළවළු මිල හේතුව මෙන්ම එළවළු වල හිඟයක් පැවතීමද මේ තත්වයට හේතුව බව එම වෙළඳුන් විශාල පිරිසක් පැවසීය .

එමෙන්ම දෛනිකව දිවා හා රාත්‍රී කාල වල ගෘහස්ථ ස්වයං රැකියාවක් ලෙස බත් පාර්සල් අලෙවි කිරීමේ කටයුතුවල නියුතු කාන්තා විවසායකයින් සඳහන් කළේ තමන්ගේ ව්‍යාපාරය ද සහල් එළවළු මාළු මස් වර්ග වල මිල ද ශීඝ්‍ර ලෙස ඉහළ යෑම හේතුවෙන් නවතා දැමීමට සිදුවිඇති බවයි.

ජංගම එළවළු කරත්ත සේවාව මුළුමනින්ම නැවතී එළවළු කරත්තකරුවෝ පොල් කඩන වෘත්තියට පිවිස සිටිති.

ඒ අනුව අලුත්ගම හා බෙන්තොට නගර අතර අද වන විට විවෘතව පවතින ඉතා සීමිත වෙළඳසැල්වල එළවළු සිල්ලර කිලෝවක මිල ගනන් මෙසේ සඳහන් වි තිබිණ .

බෝංචි කිලෝවක් රුපියල් 650, 700, මුරුංගා රුපියල් 700 , කැරට් 550, බීට් 350, 400, ලීක්ස්550, තක්කාලි 550,600 රතු ලූනු 500, බී ළූණු 250, වම්බටු 400, ගෝවා 350, 390, අලු කෙසෙල් 400,500.අමුමිරිස් 450, 500. බෝල කොච්චි 1200.1500.බණ්ඩක්කා 300.පතෝල 350, 400, කරවිල 500, මෑකරල් 450, මාළු මිරිස් 700 කොහිල අල 380 400, වැටකොළු 450 500. ව්‍යංජනයට ගන්නා අමු අඹ කිලෝවක් 250, කෙසෙල්මුව කිලෝවක් 150, 200 දෙහි කිලෝවක් 750, 800වන ලෙස මිල ගනන් ඉහළ ගොස් තිබෙන බව පාරිභෝගික ජනතාව ද කියයි .

වෙළඳපොලේ රුපියල් 100 ට අඩුවෙන් මිලදී ගත හැකි එකම එළවළුව වන්නේ වට්ටක්කා පමණක් බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය .

– අලුත්ගම තුසිත කුමාර ද සිල්වා

16,610 views

3 Comments to “එළවළු වෙළඳසැල් රැසක් වැසේ.. එළවළු කරත්තකරුවෝ ජංගම සේවා නවතා පොල් කඩන්න යයි..”

  1. LalithM says:

    රජාට ගනනක් නෑ.උන්ට ගසාකාපු සල්ලි තියෙන හින්ද. පොදු ජනයා උන්ට ප්‍රශ්නයක් නොවේ. උන්ගෙ මතය ලංකාවේ ජනගහනය වැඩිකම වගේ හැසිරෙන විදියට තේරෙන්නේ.

  2. Gamarala says:

    මේ එළවලුවලින් 100/ 70 ක් රසායිනක අඩංගුයි. නොකා ඉන්න එක මිට වඩා ගුණයි. කොස් දෙල් බතල කනවා මිට වඩා ගුණයි.

    • කිරිමල්දෙනිය​ says:

      ගමරාල​… අම්මා මතක් කලා කියල කියන්න​..

Leave a Comment