එළවළු සැපයුම 90%කින් අඩුවේ.. මිල සීඝ‍්‍රයෙන් ඉහලට.. එළවළු නැත්තටම නැතිවෙයිලු..

November 12, 2021 at 8:40 am | lanka C news
එළවළු සැපයුම 90%කින් අඩුවේ.. මිල සීඝ‍්‍රයෙන් ඉහලට.. එළවළු නැත්තටම නැතිවෙයිලු..

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවළු ප්‍රමාණය 90% කින් පමණ පහළ බැස තිබේ.

එහි කළමනාකරු සඳහන් කරන්නේ අයහපත් කාළගුණ තත්වය සහ පොහොර හිගය මෙම තත්ත්වයට දැඩිව බලපා ඇති බවයි.

උඩරට එළවළු මෙන්ම පහතරට එළවුළු වර්ග ලැබෙන ප‍්‍රමාණය 90% කින් පමණ අඩු වී ඇතැයි ඔහු කියා සිටියේය.

සාමාන්‍යයෙන් මධ්‍යස්ථානයට දිනකට එළවළු කිලෝ ලක්ෂ 30-35ක් අතර ලැබෙන බවත් ඇතැම් දිනවල එය ලක්ෂ පනහක් පමණ වන බවත් පැවසූ ඔහු ඊයේ දින ලැබී තිබුණේ එළවළු කිලෝ ලක්ෂ දෙකක් පමණ ප්‍රමාණයක් යයිද කියා සිටියේය.

පොහොර හිගය හේතුවෙන් ගොවීන් බහුතරයක් එළවළු අස්වනු නෙලීම අතහැරදමා වගාවෙන් පවා ඉවත් වී සිටින බවද ඔහු පැවසීය.

මෙම තත්ත්වය මත ඉදිරියේදී දැවැන්ත එළවළු හිගයක් ඇති වනු ඇති බවත් අලුත් අවුරුද්ද වන විට එළවළු නැත්තටම නැතිවී යන තත්ත්වයක් උදාවනු ඇති බවත් ඔහු සඳහන් කළේය.

දැනට ලැබෙන සීමිත එළවළුද මිල ගනන් ඉතා සීග්‍ර ලෙස ඉහළ යනු ඇතැයි ද ඔහු තවදුරටත් පැවසීය.

22,690 views

7 Comments to “එළවළු සැපයුම 90%කින් අඩුවේ.. මිල සීඝ‍්‍රයෙන් ඉහලට.. එළවළු නැත්තටම නැතිවෙයිලු..”

  1. chamil says:

    Dan wath ara parissamin elawalu pavichchi karanna thiyenne.. 20% withara ahaka danne nathiwa

  2. saman says:

    එහෙම උනොත් අපේ ජනධිපතිතුමා වන්දි දෙයි. වන්දිය කමු

  3. Sam says:

    මිනිස්සු හිතන් හිටියෙ මොනවා උනත් ලංකාවෙ කන්න නැති වෙන්න නැ කියල, අල බතල හරි කන්න පුළුවන් කියලා. ළඟදීම තේරේවි. රට බංකොළොත් උනොත් එකත් ප්‍රශ්නයක් කියලා. ගොවියා තමන් ට ප්‍රමාණවත් තරම තියේවි නමුත් විකුණන්න අස්වැන්න නැති වේවි. පොහොර නොමැතිව අස්වැන්න ප්‍රමාණවත් නොවෙන්න පුළුවන්. ලෝකේ රටවල් මෙවා වගේ ප්‍රශ්න වලට මුහුණ දීලා තියෙනවා. ඒවායින් ඉගෙනගන්න ඕන

  4. යාපා says:

    කිසිම විද්‍යාත්මක වැඩපිළිවෙලක් නැතව වෛද්‍ය පාදෙනියගේ (නාථ දෙවියන් රාත්‍රියට හීනෙන් කියූ පමණින්) රයක් එළිවෙනකොට මෙවැනි විශාල වෙනස්කමක් සිදු කිරීමට යාමෙන් රටට විශාල විනාශයක් කැඳවා ඇත. ශාක වර්ධනයට අවශ්‍ය වන්නේ ඛනිජ ලවන වන අතර එය රසායනිකද කාබනිකද කියා දෙයක් නොමැත. අවශ්‍යවන්නේ ගුනාත්මක බවින් වැඩි අහිතකර ඛනිජ නොමැති පොහොර ගොවියාට ලබා දීමයි. රජයෙන් නොමිලේ පොහොර දීමට ගොස් ගුණාත්මක බැවින් ඉතා අඩු පොහොර ආනයන කිරීම ප්‍රෂණයකි. කළයුතුව තිබෙනේ, පොහොර නොමිලේ දීම නවත්වා රටට ආනයන කරනු ලබන පොහොරවල් ගුණාත්මක භාවය තදින්ම පරික්ෂා කිරීම (එවිට රසායනික පොහොර මිල තරමක් ඉහලයි) සහ කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනයට විශාල ලෙස පහසුකම් සැපයීම සහ හැකි නම් ගොවියන්ට නොමිලේ ලබා දීම පමණකි. වසර 2 – 3කින් ගොවියා විසින් රසායනික (ගුණාත්මක) සහ කොම්පෝස්ට් පොහොර කොපමණ වගාවට යොදන්නේ ද යන්න තීරණය කරනු ඇත. මේක තනිකරම නොදන්නා කම නිසා රටත් විනාශ කරමි තමන් විසින්ම ඉල්ලං කෑමකි

  5. goviya says:

    ඉස්සර හෙළ ගොවියා රසායනික පොහොර පාවිච්චි කරේ නෑ ඒ නිසා එක ඕනේ නෑ කියන කතාව මොදයිනේගේ කතාවකි. ඉස්සර නොතිබූ බොහෝ දී දැන් අවශ්‍යය. ඉස්සර වාහන තිබෙනේ නෑ, දුරකථන තිබුනේ නෑ. බරහිර වෙදකම තිබුනේ නෑ. නමුත් දැන් ඒවා නවත්තලා යන්න පුළුවන් ද ? ඒ ආකාරයන්ම රසායනික පොහොර හාවිතය තහනම් කිරීම රට ආපස්සට යන තීන්දුවකි. කරන්න තිබුනේ ගුණාත්මක භාවයෙන් වැඩි ඉතා නවීන පොහොර ගොවියාට දබා දීමයි. වැරදි තීන්දුවෙන් විශාල විනාශයක් සිදු කර ඇත.

  6. LalithM says:

    මේක යෝජනා කරපු අය කීවේ රසායනික පොහොර භාවිතය පටන් ගෙන අවුරුදු 50-60 කාලයක් විතරයි ඊට කලින් කාබනික වගාව විතරයි කියල. ඇත්තටම ඒ කාලේ ජනගහනය මිලියන 12-14 විතර.ඒ ටිකට කන්නත් හාල් ආනයනය කලා. ඉස්සර බිත්තර පවා ආනයනය කලා. වගා සංග්‍රාමය අරඹා රසායනික පොහොර භාවිතය උනන්දු කර මහවැලි, වලවේ අල්ලෙයි වගේ යෝජනා ක්‍රම ගෙනාවේ දුර දිග පෙනුන පාලකයෝ.මේ රජය ඒ සියල්ල ආපසු හරවා එක කන්නයෙන් කාබනික මේනියාවට ගියා. සාගතයක් නියතයි.

  7. Gorilla says:

    කන්න නැතුව ලෙඩ උනහම පාදෙනියලට වාසියි.

Main News