එළිය දැල්වෙයි.. ගෝටා වියත් සභාවක මනරම් දෙසුමක..

September 8, 2017 at 4:40 pm | lanka C news
එළිය දැල්වෙයි.. ගෝටා වියත් සභාවක මනරම් දෙසුමක..

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන අනතුර පිළිබද වු එළිය කතිකාව බොරලැස්ගමුව ගෝල්ඩන් රෝස් හීදී මහා සංඝයා වහන්සේ, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු දේශපාලඥයන් විද්වතුන්, කලාකරුවන්, සහ විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්විනි.

පුජ්‍ය මහාචාර්ය මැදගොඩ අභයතිස්ස නාහිමි, විමල් තිරිමාන්න පියතුමා, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා, ආචාර්ය දයාන් ජයතිලක මහතා, සරත් වීරසේකර මහතා, තමාරා කූනනායගම් මහත්මිය, ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා, හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා, නීතිඥ රුෂ්ඩි හබීබ් මහතා, විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය, මෙහිදී ව්‍යවස්ථා සංශෝධනය හා බැදුණු විවිධ මාතෘකා ඔස්සේ අදහස් දැක්වීය.

ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී මෙසේ අදහස් දැක්වීය

තිස්වසරක් පුරා මෙරට පැවති ත්‍රස්තවාදය පරාජය කරලා අපි මේ රට ඒකීය රාජ්‍යයක් ලෙස එක්සේසත් කලාට පසුව ව්‍යවස්ථාවක් මගින් හෝ පාර්ලිමේන්තුව තුළින් අප ලබාගත් ජයග්‍රහණ පාවාදීමට පුළුවන්කමක් නැහැ.

නව ව්‍යවස්ථාවක් හරහා අප මේ ලබාගත් ජයග්‍රහණ අහෝසි වේ යැයි බියක් ජනතාව තුළ තිබෙනවා. ඒ නිසා අපි විද්වතුන් විවිධ කේෂ්ත්‍ර නියෝජනය කරන සාමාජිකයන් එක්වී අදහස් කළා මෙම නව ව්‍යවස්ථාවක් මොනයම් හෝ ආකාරයකට ගෙනඑන්න එපා කියන කාරණය ගැන මහජනතාව දැනුවත් කරලා එය වැලැක්වීමට අවශ්‍ය ඕනෑම දෙයක් කිරීම සඳහා ජනතාව සූදානම් කිරීමට එයයි මේ එළිය සංවිධානයේ පරමාර්ථය.

දැනට පවතින ව්‍යවස්ථාවේ අඩු ලුහුඩුකම් නැතුවා නොවෙයි. නමුත් අපි නව ව්‍යවස්ථාව ගෙන ඒමට විරුද්ධ වන්නේ, මේ ව්‍යවස්ථාව ගෙනඑනු ලබන්නේ කා සදහාද? ඒ ව්‍යවස්ථාව කෙටුම්පත් කරන්නේ කවුරුන්ද යන කාරණා දිහා බැළුවහම අපිට විශාල බියක් ඇතිවෙනවා. අපිට පේනවා මේ යන්නේ මොන දිශාවටද කියන කාරණය.

එදා එල්ටීටීඊ සංවිධානයට උපක්‍රම සලස්වපු මුදල් එකතු කරපු, එම මුදල් හරහා අවිආයුධ ලබාදුන් ඒ කන්ඩායමම තමයි  එදා ඔවුන්ට ත්‍රස්තවාදය මාර්ගයෙන් ලබාගන්නට නොපුළුවන් වු දේ වෙනත් මාර්ගයකින් ලබාගන්නට උත්සහ දරන්නේ.

ඒ වගේම ත්‍රස්තවාදයට එරෙහිව එදා ගෙනගිය යුධ ක්‍රියාමාර්ගය නැවැත්වීම සඳහා බලපෑම් කරපු විවිධ ජ්‍යත්‍යන්තර සංවිධාන සහ රටවල්වල අවශ්‍යතාවය මත තමයි මේ නව ව්‍යවස්ථාව ගෙනඑන්න සූදානම් වෙන්නේ. ඒ වගේම මේ රට තුල සිටින බෙදුම්වාදී දමිල දේශපාලකයන්ගේ අවශ්‍යතාව මත තමයි මේ නව ව්‍යවස්ථාව ගෙන ඒමට සූදානම් වෙන්නේ.වසර ගණනාවක් තිස්සේ සිවිල් වැසියන් ඝාතණය කරලා ම්ලේච්ඡ එල්ටීටීඊ මිනීමරු සංවිධානය සිවිල් ජනජීවිතය  අඩාල කලා වගේම  මුළු රටමත් විනාශකරලා අද ඒ අය ජාත්‍යන්තරයේ මානව හිමිකම් ශූරයන් වශයෙන් පෙනීසිටිමින් මෙරටට සාමය  උදාකරන්නට මෙරට එක්සේසත්කරන්නට මුල්වුනු රණවිරුවන් ඇතුළු නායකයින් යුදාධිකරණයකට ගෙනයන්න උත්සහා කරන මෙන්න මේ අය තමයි මේ නව ව්‍යවස්ථාවක් සකසන්න මුල්වෙලා තියෙන්නේ.

මෙන්න මේ හේතුව නිසයි අපි මෙයට විරුද්ධ. මෙන්න මේ හේතුව නිසයි අපි අද හස්කලේ නව සංවිධානයක් ඇතිකරගන්නට මෙය වැලැක්වීමට ජනතාව පෙළගස්වන්නට.

අපි දන්නවා වසර එකහමාරක පමණ කාලයක සිටම මේ කාර්ය සදහා ඇපකැප වූ ජාතික සංවිධාන ගණනාවක් තිබෙනවා. අපි ඒ ජාතික සංවිධාන එක්ක සාකච්ඡා කලා ඒ අයත් එකතු කරගෙන නායකත්වයක් දීලා මෙය වඩාත් පුලුල් ව්‍යාපාරයක් ලෙස ජනතාව වෙත ගෙනියන්න. එයයි අපේ අරමුණ.

ඒ වගේම අපි මේ ව්‍යවස්ථාවට විරුද්ධ වන්නේ මේ ව්‍යවස්ථාව ගෙන එන රජය පිලිබද අපිට කිසිම විශ්වාසයක් නෑ. අපි දැක්කා පසුගිය වසර ගනනාවක් තුලම අතුරුදහන්වූවන්ගේ කාර්යාලය පිළිබදව හමුදා නායකයින්ට ජනතාවට ඒ අය කිව්වා එය කවදාවත් සිද්ධ වෙන්නේ  නෑ කියලා. නමුත් අවසානයේ එය සිද්ධවුනා. ඒ වගේම අපි දැක්කා මෑතකදී පලාත්පාලන ඡන්ද පිළිබද පනත සංශෝධන කොහොමද සිදුවුනේ කියන කාරණය. හැමදාමත් කිව්වා රණවිරුවන්ට කිසිම හානියක් සිදුවෙන්නේ නෑ කියලා. නමුත් අද වෙනකොට විශේෂයෙන්ම බුද්ධි අංශවලට සම්බන්ධ රණවිරුවන් විශාල සංඛ්‍යාවක් සිර අඩස්සියේ සිටිනවා. මෙවැනි රජයක් ගැන අපිට විශ්වාසයක් තියන්න බෑ.

ඉතින් මෙවැනි කණ්ඩායමක් නම් නව ව්‍යවස්ථාව ගෙන එන්නේ එය මේ රටට භයානක ව්‍යවස්ථාවක් බව පැහැදිළිය. මේ හේතුව නිසයි අපි නව සංවිධානයක් ආරම්භකලේ. මේ සංවිධානය තුලින් ජනතාව වෙතට ගිහින් ජනතාව සුදානම් කිරීමයි අපේ පරමාර්ථය. ඒ සඳහා ඔබ සියළු දෙනාගේම සහයෝගය මම පතනවා.

– අරවින්ද අතුකෝරල

104 views

12 Comments to “එළිය දැල්වෙයි.. ගෝටා වියත් සභාවක මනරම් දෙසුමක..”

  1. Lolla says:

    Sir ! I’m not a active political supporter for any party
    But the day you enter into politics I’ll be on the ground to support you ………

  2. Pasindhu Kariyawasam says:

    A great start! And a great speech!

Main News