එළුග තමිල් (නැගිටිව් දමිළයිනි) හෙට.. වලකන්න ආවොත් භයානක තත්වයක්.. පාර්ලිමේන්තුවේදී තර්ජනය කරයි..

September 23, 2016 at 3:00 pm | lanka C news
එළුග තමිල් (නැගිටිව් දමිළයිනි) හෙට.. වලකන්න ආවොත් භයානක තත්වයක්.. පාර්ලිමේන්තුවේදී තර්ජනය කරයි..

හෙට දිනයේ උතුරැ පලාතේ පැවැත්වීමට සැලසුම් කර ඇති එළුග තමිල් (නැගිටිව් දමිළයිනි) වැඩසටහන් නතර කිරීමට ආණ්ඩුව විසින් ආරක්ෂක අංශ යොදනු ලැබුවහොත් ඉන් භයානක තත්ත්වයක් ඇතිවිය හැකි යයි පාර්ලිමේන්තුව අමතමින් ස්වශක්ති ආනන්දන් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා කියා සිටියේය.

ඔහු ඉල්ලා සිටියේ මේ රට නැවත යුද්ධයකට ඇද නොදමා දෙමළ ජනතා අයිතීන් ලබා දීමට රජය වහා කටයුතු කල යුතු බවයි.

අදටද බන්ධනාගාරවල රදවා සිටින දේශපාලන සිරකරුවන් නිදහස් කර සහජීවනය ආරම්භ කළ යුතු බව බවද මන්ත‍්‍රීවරයා දැඩිව අවධාරනය කලේය.

124 views
Main News