එළුග තමිල් (පිබිදෙවු දෙමළුනි) උතුරේ ජයටම..

September 13, 2019 at 8:02 am | lanka C news
එළුග තමිල් (පිබිදෙවු දෙමළුනි) උතුරේ ජයටම..

නැගිටිව්, පිබෙදෙව් දමිළයිනි නොහොත් එළුග තමිල් වැඩසටහන මෙවර යාපනය දිස්ත්‍රික්කයේ උත්සවාකාරයෙන් පැවත්වීමට සියල්ල සූදානම් කරමින් ඇත.

දෙමළ ජනතාවගේ ගැටලු වෙනුවෙන් විසඳුම් ලබා ගැනීමට සියල්ලන් එයට සහභාගී වන ලෙසට මේ දින වල උතුරු පලාතේ විවධාකාරයෙන් දැන්වීම් වැඩසටහන් සංවිධානාය කොට ඇත.

රජ කාලයේ මෙන ගම්වාසීන් දැනුවත් කරන ලද අණබෙර ගැසූ ආකාරයට රාරපුරුෂයන් ආකාරයට හැඳගත් පුද්ගලයින් උතුරේ දිස්ත්‍රීක්ක පහේම මෙන්ම ගම්මාන වෙතද ගමන් කොට බෙර ගසමින් එළුග තමිල් වැඩසටහනට සහභාගී වන ලෙසට සියලු දමිළ වැසියන්ගෙන් මෙහිදී ඉල්ලීමක් කර සිටියි.

මේ මස (සැප්තම්බර්) 16 වනදා යාපනය දොරෙඅප්පා ක්‍රීඩාංගනයේ හෝ ඊට ආසන්නයේ එළුග තමිල් වැඩසටහන උතුරු පලාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශවරන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවත්වීමට සූදානම් කොට ඇත.

එහිදී ජනතාව බෙර වාදනය කරමින් දැනුවත් කොට සිටින්නේ යුද්දයෙන් පසුව දෙමළ ජනතාවගේ ගැටලු වෙනුවෙන් මෙතෙක් කිසිදු විසඳුමක් නොලැබුනු බවටත් මේ වන විට දෙමළ ජනතාවට ඉඩම් ගැටලු, ආර්ථික ගැටලු ,යටිතල පහසුකම් ගැටලු, පරිපාලන ගැටලු ආදි බොහෝ ගැටලු වෙනුවෙන් කිසිදු විසඳුමක් නොලැබීම හේතුවෙන් සියලු දෙමළ වැසියන් එක්ව රජයට බලපෑමක් කිරීම සඳහා යාපනයේ පැවත්වෙන එළුග තමිල් වැඩසටහන සහභාගී වන ලෙසට දැනුම් දෙනු ලබයි.

යුද සමයේදී කොටි සංවිධානය විසින්ද ‘‘පොංගු තමිල් ‘‘ වශයෙන් මෙලෙසින් වැඩසටහනක් උතුරු පලාතේ පැවත්වූ අතර යුද්දයෙන් පසුව උතුරු නැගෙනහිර එළුග තමිල් වැඩසටහන අවස්ථා කිහිපයක් පවත්වා පසුව එම වැඩසටහන නැවත්වීමට පියවර ගෙන තිබූ නමුත් මෙවර උත්සවාකාරයෙන් පැවත්වීමට සංවිධානය කොට ඇත.

උතුරු පාලත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතාගේ ටී.එම්.කේ. පක්ෂයටද එළුග තමිල් වැඩසටහන ආධාරයෙන් වාසියක් ලබාගැනීම විග්නේශ්වරන් මහතාගේ ප්‍රධාන අරමුණ බවටද උතුරේ දේශපාලඥයින් කියා සිටිති.

– වන්නි රොමේෂ් මධුෂංඛ

12,773 Viewers

5 Comments to “එළුග තමිල් (පිබිදෙවු දෙමළුනි) උතුරේ ජයටම..”

  1. ෆෙඩරල් ආතල් says:

    බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව අත්හිටුවීම නීතියට පටහැනියි…. ස්කොට්ලන්ත අධිකරණය; එය නීතියට එකඟයි….. ලන්ඩන් අධිකරණය.

  2. sw says:

    අවශ්‍ය වන්නේ හම්පඩ දෙමළ පක්ෂ නායකයින්ට විසදුම නොවේ අහිංසක දෙමළ ජනතාවට නිදහසේ ජීවිතය ගොඩ නගා ගැනීමට පහසුකම් සලසා දීමයි .පිළිතුර ගෝටාභය ලග පමණයි .හම්පඩ ජාතිවාදී දෙමළ නායකයින් පසුපස යන අනික් උන්ලග ජාතිවාදී විෂබීජය පමණක් ඉතිරි කරමු .

  3. S.B. says:

    උතුරේ :පිබිදෙව් දෙමලුනි”…….දකුණේ “නිදිවදිව් අවලං සිහලුනි”…….

  4. ruwan says:

    හරි හරි නගිටපල්ලකෝ ගෝටා ආවට පස්සේ දෙන්නම් පර දෙමෙල්ලුන්ට දුවන්න.

  5. MD says:

    Attatama oya Damila igenagath daruwontath tawama Tamange demapiyan moda widiyata me desapaluwange wadawalata ahuwena eka gana kiyala denna Barida?

Main News