එළුවන්කුලමේ වන විනාශයේ සැකකරුවන් අත්අඩංගුවට…..

September 10, 2020 at 3:22 am | lanka C news

සිමෙන්ති සමාගමට අයත් රජය සතු ඉඩමක අක්කර සීයකට ආසනන් ප්‍රමාණයක් එළි පෙහෙළි කරමින් එහි තිබූ දැවැන්ත වනස්පතීන්  කාර්යක්ෂම ජංගම කියත් ආධාරයෙන් කපා බිම හෙළා පිළිස්සීම පිළිබදව සැකපිට පුද්ගලයින් තිදෙනකු  අත් අඩංගුවට  ගෙන පඅත්තලම අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව වනාතවිල්ලුව පොලිසිය කියයි.

සිමෙන්ති සංස්ථාවේ  වත්මන් සභාපති නිතිඥ ගාමිණි  ඒකනායක මහතා විසින් මාධ්‍ය ඔස්සේ සිද්ධිය වාර්තා වීමෙන් පසු දින වනාතවිල්ලුව පොලිසියට කළ පැමිණිල්ලකට අනුව අදාල රජය සතු ඉඩමට නීති විරෝධිව බලහත්කාරයෙන් ඇතුළු වී අනර්තයක්    සිදු කිරීම වෙනුවෙන් මීට පෙර   පුද්ගලයින් 05දෙනෙක් අත්ඩංගුවට ගත් බව කියයි.

පසුව ඔවුන්ගෙන් කල ප්‍රශ්ණ කිරීම් හමුවේ තවත් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් අතර,   (09) වන දින මෙම වංසාරයට සම්බන්ධ තවත් සැකකරුවන්   තිදෙනෙකු මෙලෙස අත් අඩංගුවට ගත් බවත් සිදු කරන විමර්ශණවලදී ඉදිරියේදී තවත් පුද්ගලයින් අත් අඩංගුවට ගැනීම සදහා පුළුල් පරික්ෂණයක් ආරම්භ කර ඇති බවයි වනාතවිල්ලුව පොලිස් ස්ථානාධිපති  ප්‍රධාන පොලිස් පරීක්ෂක  එල්.පි.එන් පතිරත්න මහතා ප්‍රකාශ කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර පොලිස් අත්අඩංගුවට ගත් සැකකරුවන්   පස දෙනෙකු පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව  මේ මස 15 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණි.

පසුව අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා    පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට  හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

සිමෙන්ති සමාගමට අයත් අක්කර පන් දහස් දෙසීයකට ආසනන් භූමි පවසරියක අකක්ර සීයකට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට පත් සැකකරුවන් විසින් එළි පෙහෙළිකර එහි තිබූ දුර්ලභ ගණයේ වසර දහස් ගණනක් ඉපැරණි පලු, වීර, බුරුත, කළුවර, කළුමැදිරිය වැනි දැවැන්ත වනස්පතීන් කාර්යක්ෂම ජංගම කියත් ආධාරයෙන් කපා බිම හෙළි පුළුස්සා දැමීම සංවිධානාත්මකව ඉතා සූක්ම ලෙස සිදුකරගෙන ගොස් ඇති බවට පොලිසිය කල මූලික විමර්ශණ වලදී අනාවරණය වී ඇති බව කියයි.

– පුත්තලම ප්‍රියංකර කළුපහන

21,540 views

6 Comments to “එළුවන්කුලමේ වන විනාශයේ සැකකරුවන් අත්අඩංගුවට…..”

  1. Dan says:

    පොලිසියෙන් අත් අඩංගුවට අරන් තියෙන්නේ කුලී වැඩ කිරීමෙන් එද වේල ජීවිකාව ගෙනයන සිංහල මිනිස්සු වෙන්ඩ ඇති. ඉස්සන් කොටුවට රක්ශිතය විනාශ කරපු මන්ත්‍රීගෙ මල්ලි අත් අඩcගුවට ගන්නේ නැතිව දවස් කුලියට ඩෝසර් එකේ වැඩ කරන අහිංශකය අත් අඩංගුවට ගත්තා . මේක අම්මට ….න ආන්ඩුවක් .

    • Commasense says:

      Use common sense!!! The driver named the businessman who gave the order. The businessman surrendered. Now commission had revealed Jagath Samantha’s involvement. It was published yesterday. Lets wait and see what happens.. Its sudda’s law so be patient and optimistic. Sudda’s law never punish Tony Blair yet it will punish Julian Asange

  2. නානා says:

    කලින් සෙට් එක මහ බැංකුවට කෙලියා. මේ සෙට් එක කැලෑ ටිකට කෙලිනවා.

    • ජෙප්පා says:

      කලින් සෙට් එකත් කැලෑ වලට කෙලියා. නමුත් ඊට වඩා බරපතල ප්‍රශ්ණ ගැන කතා කල නිසා කැලෑ විනාශය මතු වුනේ නෑ

  3. Sun says:

    In a democratic country there is law and order to follow whoever. But in this case we cannot the procedure. People do things without following the law. The government is there to monitor and punish these culprits.

  4. Dammika says:

    Parisara amathi kenek nadda.mona magulakda me anduwa awagaman deshapaluwonge adaren henchaiyala kale kapanawa. Kalakanni minissu

Main News