ඒඑස්පී මුදලාලිට කටාර් තානාපති ධුරය..
March 12, 2017 at 12:40 pm | lanka C news
ප්රකට ව්යාපාරික ඒ.එස්.පී. ලියනගේ මහතා කටාර්හි ශ්රී ලංකා තානාපතිවරයා ලෙස පත් කර ඇත.
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් ඊයේ දිනයේ ඒ මහතාට අදාල පත්වීම් ලිපිය ලබා දී තිබේ.
විදේශ සේවයේ නිලධාරීන් නොවන දේශපාලන හිතවතුන් තානාපති ධුරයන්ට පත් කිරීම සම්බන්ධයෙන් ගිය රජයට ප්රබල චෝදනාවක් එල්ල වූ අතර ඒඑස්පී ලියනගේ මහතාද විදේශ සේවයේ නිලධාරියෙක් නොවේ.