ඒකකයක් ගන්නේ 24යි.. විකුණන්නේ 16යි.. ලංවිමට හොදම පාඩුයි.. ජල විදුලිය 30%ට බැහැලා..

February 14, 2020 at 12:40 pm | lanka C news
ඒකකයක් ගන්නේ 24යි.. විකුණන්නේ 16යි.. ලංවිමට හොදම පාඩුයි.. ජල විදුලිය 30%ට බැහැලා..

මේ වන විට ලංකා විදුලිබල මණ්ඩලය අඩු මිලට පාරිභෝගිකයන්ට විදුලිය විකිණීම නිසා විශාල පාඩුවක් ලබන බව ඇමැති මහින්ද අමරවීර සඳහන් කරයි.

වැඩි මිලට විදුලිය ලබාගෙන අඩුමිලට පාරිභෝගිකයන්ට ලබාදීමෙන් මෙසේ පාඩුවක් ලබන බවද ඇමතිවරයා පැවසීය.

කෙසේ නමුත් ඒ තරම් පාඩුවක් ලැබුවද විදුලි ගාස්තු වැඩි කිරීමේ කිසිදු අදහසක් නැතැයි ද ඔහු සඳහන් කළේය.

අද වන විට ජල විදුලි නිෂ්පාදනය 30% දක්වා අඩුවී ඇතැයිද පැවසූ ඇමැතිවරයා ඉතිරි විදුලි අවශ්‍යතාවය තාප විදුලියෙන් සපයන බවද සඳහන් කළේය.

විදුලි ඒකකයක් මිලදී ගන්නේ රුපියල් 24ක මිලකට වුවත් ඒවා පාරිභෝගිකයන්ට ලබා දෙන්නේ රුපියල් 16 ක මිලකට බවත් ඔහු පැවසීය.

මෙරට අඩු ආදායම් පවුල් සඳහා විදුලි ඒකකයක් රුපියල් 2.60 බැගින් ලබාදෙන බවත් ඇමතිවරයා කියා සිටියේය.

7,886 Viewers

9 Comments to “ඒකකයක් ගන්නේ 24යි.. විකුණන්නේ 16යි.. ලංවිමට හොදම පාඩුයි.. ජල විදුලිය 30%ට බැහැලා..”

  1. Hudson says:

    We dont need reasons, keep prices low. This what you promised and screamed at election stages. That’s why 69 voted for you Moran.

  2. ට්‍රාන්ස්ෆෝමර් හොරා says:

    ලංකා ට්‍රාන්ස්ෆෝමර් එකේ හොර නඩයට , විදුලිබල මණ්ඩලය මංකොල්ලා කන්න දීලා . දැන් පාඩුයි පාඩුයි කියලා බෙරිහන් දෙන්නේ නැතිව ,, ට්‍රාන්ස්ෆෝමර් එකේ අක්‍රමිකතාවයන් හොයල හොරා කාපු සල්ලි අපහු ය කර ගනින් බන්

    ට්‍රාන්ස්ෆෝමර් හොරා

  3. උපදේශක says:

    මහත්තයෝ, සූර්ය කෝෂ සවිකිරීම උනන්දු කරවන්න
    මුදල් අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන RSGLoC ණය යෝජනා ක්‍රමය යටතේ ණය ලබාගත් අයට තමන් නිපදවන විදුලිය මිලට ගැනීම වෙනුවෙන් CEB ය නියම කාලය තුළ මුදල් ගෙවන්නේ නෑ.ඒ ගැන සොයා බලන්න.

  4. අනේ බූරු වහන්සේ අර සුර්‍ය කෝෂ වලට ඉල්ලුම් කර ඇති ණය අයදුම්පත් කඩිනමින් අනුමත කර සුලු හා මහා පරිමාණ වශයෙන් සූර්‍ය ශක්තියෙන් විදුලිය ජනනය කිරීමට පියවර ගන්න…
    වැඩියෙන් අරන් අඩුවට විකුණල ගෙදර යනකොට රටට හොද බිලක් තියල යන්නද බොරු කයිවාරු ගහන්නෙ..

    • wasan says:

      danna labbak gana katha korahan…. solar laba solar wikunana company walatay pohosath minissuntay

      ceb ekatay duppat paribigikayintay eken athi wasiyak ne… nattam Rs 22k gane gewanne natuwa dawal re dekema solar walin Rs 16 ta aduwen wikunanna kemati solar panel tiyena ayagen witharak ganna

  5. mod Goviya says:

    Thawa gas kapanna,
    kadolada nemeyi kala okkoma kapanna… digatama wahii wawu jalaasha pirennama…

    ohoma yan…

  6. Dilshan says:

    ඕක කියන්නද ඔතනට යන්නෙ. කාර්‍ය් පිලිබඳ හසල දැනුමක් ඇත්තවුන් අදාල තැන නැතිවීමේ විපාක .

  7. Techer says:

    ඕකට හේතු කීපයක්ම තියෙනව….
    1. මෙලෝ බලාගාරයක් ගහන්න තීරණයක් දෙන්නෙ නැති (කොන්දක් නැති )ආණ්ඩු
    2. මොන බලගරෙ හඩන්න ගියත් මිනිස්සුන්ව ඒකට විරුද්ධව කොටවන 3% පොරවල්, NGO කාරයෝ, ඊනියා පරිසරවේදියෝ
    3. සෝලා තමයි ලාභ කියල මිනිස්සු රවට්ටලා, සල්ලි තියෙන මිනිස්සු CEB එකට ගෙවන බිල 0 කරන සෝලා කොම්පැනි කරයෝ
    4. හැම එකටම ගොන් උත්තර දිදී පඩිගන්න එකේ පුටු රත්කරන ලොක්කෝ

Main News