ඒකාබද්දයට එනවා නම් ශ්‍රීලනිප රැස්වීම්වලට බෑ..- මහින්ද 16 කණ්ඩායමට තීරණාත්මක කොන්දේසියක් දමයි..
June 23, 2018 at 3:50 pm | lanka C news
ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රීලනිප 16 කණ්ඩායම ඒකාබද්ද විපක්ෂයට එක් වන්නේ නම් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී රැස්වීම්වලට සහභාගී නොවිය යුතු බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඔවුනට දන්වා ඇත.
16 කණ්ඩායම ඒකාබද්ද විපක්ෂයේ පක්ෂ නායක රැුස්වීම්වලට සහභාගී වන්නේ යයි පල වූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ඒකාබද්ද පක්ෂ නායකයන් විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් විමසූ අවස්ථාවේදී මේ බව සදහන් කර ඇත.
එම 16 දෙනාද ඒකාබද්ද විපක්සයේ කුමන හෝ දේශපාලන පක්ෂයකට සම්බන්දව කටයුතු කල යුතු බවද එහිදී තීරණය වී ඇත.
මේ සම්බන්දයෙන් එම කණ්ඩායම දැනුවත් කිරීම දිනේෂ් ගුණවර්ධන මහතාට පවරා තිබේ.
මුන්ව ඉතිං කෝවේ දාලා මකෝලම තමා ආයි චන්දෙට දාන්න වෙන්නෙ
සැලූන් දොර වානා…එක දොරකුයි ඕනෑ…
Sin, 16 orphans, no any political future. Most of them dont have a vote base, they are PIN MPs, for the sake of MY3 they r in the parliament for eg: Laksman, SB, Dilan, Mr Habaraduwa, etc etc..