ඒකාබද්දයට පිලිතුරැ ලෙස ආණ්ඩුවත් ජනබලය පෙන්වන්න සූදානම්.. ගාළුමුවදොර ජනරැළියක් කැදවයි..
May 8, 2017 at 12:21 am | lanka C news
හිටපු ජනාධිපතිවරයා විසින් ගාළු මුවදොර පුවවා කල මැයි රැළියට පිළිතුරු ලෙස ආණ්ඩුවක් ලෙස ගාළුමුවදොර පුරවා තම බලය පෙන්විය යුතු බවට ආණ්ඩුවේ ප්‍රබලම ඇමතිවරුන් කිහිප දෙනෙකු ජනාධිපති මන්දිරය ආසන්නයේම පිහිටි සුප්‍රසිද්ද තරු හෝටලයකදී සාකච්චා කර ඇත.
එම රැළිය නිසා ඒකාබද්දයට හිතවාදී ජනමතය වේගයෙන් පිබිදෙමින් ඇති බවත් ආණ්ඩුව කල යුත්තේ ගෝල්ෆේස් රැළිය මෙන් දැවැන්ත රැළියක් පවත්වා තම බලය ජනතාවට පෙන්වීම බවද ඔවුන් කතිකා කර ඇත.
මේ සදහා උපරිම මාධ්‍ය ආවරණයක් ලබාදීමත් හැකිනම් සජීව විකාශණයක් ලෙස ලබා දීමටත් කටයුතු කල යුතු යයිද සාකච්චා කර ඇති මෙම ප්‍රබල ඇමති පිරිස ඉදිරියේ යෙදෙන මැතිවරණයකට පළමුව ආන්ඩුවේ ප්රමුඛ කටයුත්තක් සේ සලකා ගාළු මුවදොර පිටියේ මහ සෙනගක් ගෙන්වා රැස්වීමක් කල යුතු යයිද සදහන් කර ඇත.