ඒකාබද්දයට වාසි නැතිව ජනපතිට අවාසි නැතිව නව ව්‍යවස්ථාව හදන්න උපදෙස්.. ව්‍යවස්ථාව දිනවන ජාතික ව්‍යාපාරයේ නායකත්වය රාජිතට..

March 15, 2017 at 11:20 am | lanka C news
ඒකාබද්දයට වාසි නැතිව ජනපතිට අවාසි නැතිව නව ව්‍යවස්ථාව හදන්න උපදෙස්.. ව්‍යවස්ථාව දිනවන ජාතික ව්‍යාපාරයේ නායකත්වය රාජිතට..

ජාතික රජයක් තුල ඒකාබද්ධ විපක්ෂය හැර අනෙකුත් දේශපාලන පක්ෂ නව ව්‍යවස්ථාවක් ඉදිරිපත් කිරීමට එකඟ බව සෞඛ්‍ය ඇමැති කියයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී මාධ්‍යෙවිදීන් පිරිසක් සමග නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් පැවැති සාකචිඡාවක දී රාජිත සේනාරත්න මහතා මෙි බව කියා සිටියේය.

මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා –

“1978 ව්‍යවස්ථාවට එරෙහිව මම මුල සිටම කටයුතු කළා. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරිමට කටයුතු කිරීම ඊට හේතුවයි. විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීමට හිටපු ජනාධිපතිනිය උත්සාහ කළත් එය ව්‍යර්ථ වුනා. නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරිමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා 2001 වසරේ දී කැමැත්ත පළ කලා. මම එම යෝජනාව හම්බන්තොට පැවැති පක්ෂ සම්ෙමිලනයට ඉදිරිපත් කළ විට සම්මත වුනා.

ජාතික රජයක් තුල ඒකාබද්ධ විපක්ෂය හැර අනෙකුත් දේශපාලන පක්ෂ නව ව්‍යවස්ථාවක් ඉදිරිපත් කිරීමට එකඟයි. ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානයත් එකඟත්වය පළ කර තිඛෙනවා. සුළු මතභේද තිබුනත් ඔවුන් ඊට කැමැත්ත පළ කිරීම වැදගත් වෙනවා. එම නිසා මෙම නව ව්‍යවස්ථාව ඉදිරිපත් කිරීමෙි යෝජනාවෙන් ඉවත්ව සිටින්නේ ඒකාබද්ධ විපක්ෂය පමණයි. ඇතැම් පක්ෂවල මහජන නියෝජිතයින් ඊට එකඟගත්වය පළ කරමින් කඩාකප්පල් කිරීමෙි උත්සාහයක ද නිරත වෙනවා. නව ව්‍යවස්ථාව සකස් කිරීම සහ ජනමත විචාරණය මෙන්ම ජනතාව දැනුවත් කිරීම පිළිබදව ද වගකීම අග්‍රාමාත්‍යවරයා විසින් මට පවරා තිඛෙනවා. ඒ සදහා ජාතික ව්‍යපාරයක් ගොඩනගන ලෙස අග්‍රාමාත්‍යවරයා මට උපදෙස් ලබාදුන්නා. නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමගත් මම සාකචිඡා කළා. එතුමා ඉන්නෙත් අවංක ස්ථාවරයක. ඒකාබද්ධ විපක්ෂයට වාසියක් නොවන අයුරින් ව්‍යවස්ථාව සංශෝධනය විය යුතු බව ජනාධිපතිවරයාගේ අදහසයි. ජනමත විචාරණයක් පැවැත්වීමට සිදුවුවහොත් ඉන් පහසුවෙන් ජය ගැනීමට යහපාලන රජයට හැකියාව තිඛෙනවා. ඊට බිය නොවිය යුතුයි. නව ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයාට සාධාරණත්වයක් ඉටුවිය යුතු ආකාරයට එය සකස් කරනවා. ඊට හේතු වී ඇත්තේ වත්මන් ජනාධිපතිවරයාට 2015 ජනවාරි මැතිවරණයේ දී ජනතාව සිය කැමැත්ත ලබා දී ඇති බැවිනි. මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමත් ඊට ඇතුළත් නව ව්‍යවස්ථාව සකස් කිරිම සදහා ජාතික ව්‍යාපාරයක් ද බිහිකර තිඛෙනවා. නව ව්‍යවස්ථාවෙන් රට ඛෙදීමක් සිදුවන්නේ නැහැ. ඒකාබද්ධ විපක්ෂය කරන ප්‍රකාශ වලට බියවන්න එපා. දෙමළ ජාතික සන්ධානයත් ඒකීය රාජ්‍යයක් තුල බලය ඛෙදාහැරිමට කැමැති වී තිඛෙනවා.

මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය අමාත්‍යංශය

32 views

One Comment to “ඒකාබද්දයට වාසි නැතිව ජනපතිට අවාසි නැතිව නව ව්‍යවස්ථාව හදන්න උපදෙස්.. ව්‍යවස්ථාව දිනවන ජාතික ව්‍යාපාරයේ නායකත්වය රාජිතට..”

  1. වතුරුගම අප්පුහාමිගේ මුණුපුරා says:

    බුරු වහන්සේ….

    ඕයි
    ඉන්දියාව බලෙන් රටට ඇතුල් වෙලා පරිප්පු දාල අපේ රටට දුන්න 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන්, ඉඩම්, පොලිස් බලතල පළාත් සභාවට දීල
    විධායකය සතු ආණ්ඩුකාරය පත් කිරීම හා පළාත් සභා විසිර වීමේ බලය නැති වුනොත් 13 කියන්නේ ෆෙඩරල් වලටත් එහා ගිය එකක්

    පිස්සෙක් වගේ,,, පිස්සෙක් වගේ කෑ නොගහ හිටු… පුළුවන් නම් 13 අහෝසි කරපිය

Main News